MENU

Money Heist aka La casa de papel [S01 : E13] | හොරාගේ අම්මගෙන් පේන ඇසීම

ඔන්න එහෙනම් එක පිම්මේ දුවගෙන ඇවිත්, පළමු කතා සමයේ අවසානය තෙක්, මේ වනවිට පැමින තිබෙනවා. පළමුවෙන්ම කියන්න ඕනි, මෙය සාමාන්‍ය කතා මාලවක උපසිරැසි කරනවා මෙන් නොව ඒ වගේ තුන් ගුණයක වෙහෙසක් දරා , අසා ලිවීමක් කරමින් ඔබ වෙත ගෙන ආපු කතා මාලාවක් බව. ඒ සියල්ල කරන්නට වූයේ වැඩ රාජකාරි මධ්‍යයේයි. සුලු පමාවීම් වූවත් එය එතරම් ගනන් නොගෙන අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අවසන් කොටස් සියල්ල එක පිට ලැබෙන්න සැලස්වුවෙත් ඔබ නිසා වෙන්මයි. නමුත් දෙවන කතා මාලාව ඔබට ගෙනෙන්නේ සතියකට එක බැගින් කියා කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැනේද ? සතියකට කොටස ගානේ බලමුනේ? ? නිවාඩුවක් ලද සැනින් එසනින් ගෙනෙන්නට උත්සහ කරන්නම්කෝ. හරි එහෙනම් පශ්චාත්තාපයන් හොඳටම ඇති. කතාව පැත්තට හැරෙමුකෝ.

වරක ඉඳන් හිටි තැන් වලින් ඉබේ නැගිටවෙන, වරක ඔබට ඊළඟ නිමේෂය අනුමාන කල නොහැකිව අන්ද මන්ද වී යන නමුත්, සෑම ක්‍රියාවකටම පෙර සැලසුම් කල විකල්ප සැලසුම් හිමි, තවත් විටක පොලීසිය අල්ලේ නටවන, විටක ජාත්‍යන්තර අවදානය ලබන මංකොල්ලයක… මාස 05ක පුහුණුවකින් පසු ඇරඹුණු කතාව මේ වනවිට නොයෙක් තැන් පසුකර අවසන්. දින 10-12ක කාලයක් බැංකුව තුල රැදෙන්නට පැමිනි කොල්ලකරුවන් මේ වන විට සාර්ථකව දින 3ක් ගෙවා දමා අවසන්. නමුත් සැලසුම් පරිදි වූ කාර්‍යන් මෙන්ම සැලැස්මෙන් පිට සිදුවූ දේවල්ද මේ කාලය තුල වූවා ඔබට මතක ඇති. ඒ අතර වාරයේ ප්‍රධාන නීති වෙනස් වෙමින්ද , මංකොල්ලකරුවන් තිදෙනෙක්ගේ තතු පොලීසියට අනාවරණය වෙමින්ද , ප්‍රාණ ඇපකරුවන් 16 දෙනෙක් පැන යමින්ද, ඔස්ලෝ හා පරීක්ෂක ඒන්ජල් කොමා තත්වයන් වැටෙමින්ද කතාව ගලා යමින් තිබෙනවා. ඒ අතර වාරයේ ප්‍රොෆෙසර්ගේ දැලේ රැකල් හසුවී සිටින බවක් ඇය දන්නේ නැහැ. නමුත් සැබැවින්ම ප්‍රොෆෙසර් රැකල් ට ආදරය කරනවාද? දෙවන කතා සමය බලන්න වේවි ඒකට නම්.

ප්‍රොෆෙසර් හසුවන්නට ගිය සෑම මොහොතකම, දන්න කියන සෑම ක්‍රම ශිල්පයක්ම යොදා, එයින් ගැලවෙන්නට මගක් තනන්නට ඔහු තවමත් වාසනාවන්තයි. අපි බලමු ඒ වාසනාව ඉදිරියටත් එලෙස පවතීවිද කියා. ඒත් පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති සැලැස්මෙන් පිටවූ කාරණයක් සිදුවූ විට ප්‍රොෆෙසර් පවා ඇඹරී යන ආකාරයක්. ඔබ ආරම්භයේදී කොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත්තත් මේ වන විට, පොලීසිය තම අත්දැකීම් උපයෝගී කරගනිමින් වැඩ කිඩ පෙන්වන්නට පටන් ගෙන තිබෙනවා. වැරැද්දක් කොට ඉන් සැඟවී සිටීමට නොහැකිබව මේ කතාවෙනුත් පසක් වෙනවා. එය කාලය පිලිබඳ ගැටලුවක් පමණි. කවදා හෝ සත්‍ය එලිවෙනවා. සියලු සත්‍යන් ඒන්ජල් දැන සිටියත් ඔහු කොමා තත්වයේ පසුවන නිසා සියල්ල යටපත් වී තිබෙනවා. නමුත් කෙදිනක හෝ එය උඩට මතුවී ආ හැකියි. එය දෙවන කතා සමයට අඩිතාලම දමන බව නම් සත්‍යයි.

පසුගිය කොටස අවසානයේ ප්‍රාණ ඇපකරුවන් 16ක් මිදී පලා ගියා ඔබට මතක ඇති. ඔවුන් පොලීසියට, ඔවුන් දන්නා සියලුදේ වමාරන බවට කිසිදු සැකයක් නැහැ. අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, බොරු උමග, කොල්ලකරුවන් , සල්ලි අච්චු ගැසීම… ඉන් කිහිපයක් වනවා. ඉතින් මෙය පොලීසියට අමතර වාසියක් වේවිද? අද රැකල්ගේ මවගේ අවසානයද? නැතිනම් ප්‍රොෆෙසර්ගේ අවසානයද? කතා සමය අවසන් වෙන්නේ ඔබ මෙතෙක් නොදැන සිටි කාරණයක් ඔබට ගෙනහැර පාමිනුයි. තියුනු මුහුනුවරකින් යුත්ත අද කතාව ගැන කියනවාට වඩා ,රස විඳලාම බලන්නකෝ. නැවත දෙවන කතා සමයෙන් හමුවනතුරු ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! ?✌

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 5GB | S01-S02

Direct Download

| WEBRip | x265 | 720p | 280MB |

| WEBRip | x265 | 720p | 3GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *