MENU

Money Heist aka La casa de papel [S01 : E10] | රහස් පණිවිඩය…

පසුගිය සතිය නම් වුනේ වැලෙන්සියා සැලසුම නමිනුයි. පොලීසිය නොමග යවමින් තවත් අමතර කාලයක් ලබන්නට මංකොල්ලකරුවන්ට මෙයින් හැකියාව ලැබෙන පාටයි.

පසුගිය සතියෙන් බර්ලින්ගේ වියරුවේ තවත් පැතිකඩකුත්, හැංගි හැංගි වෙස් බැඳි මොනිකාව, බර්ලින් හට අසුවීමත් සිදුවුනා. ඒ අතර සැලසුම් පුහුනුවන කාලයේ පැවති වීදි සාදයකට අපේ සගයන් සහභාගි වූ අයුරුත් ඔයාලට මතක් වෙනවා ඇති. වීදි සාදය ඩෙන්වර්ට පොරකයට යන්න කරුණු යෙදුනා ඔබට මතක ඇති. නමුත් අවසානයේ ප්‍රොෆෙසර් තමන් කල දේ භාර ගත් නිසාවෙනුත් මොනිකා පණ පිටින් හමුවීමෙනුත් සියල්ල සාමදානව විසඳගන්නට මංකොල්ලකරුවන්ට හැකියාව ලැබුනා. ඒත් බර්ලින් පොලිසියට නිරාවරණය වූ කරුණ වැළැක්විය නොහැකි වූවා. ප්‍රොෆෙසර් සුපුරුදු පරිදි තම මොළය භාවිත කරමින් කැබලි අංගනයේ සිට, සාක්ෂි දෙන්නට පැමිනි රුසියානුවාව වලක්වන්නට සමත්කම් පෑවා ඔබට මතක ඇති. ප්‍රොෆෙසර් දන්න කියන සියලුම ශිල්ප භාවිත කරමින් පොලීසිය නොමග යවන්නට මේ වනවිට දස්කම් පා ඇත.

මම අද ලිපිය ලියන්න පටන් ගන්නකොටම කීවා වගේ, වැලෙන්සියානු සැලැස්ම කරලියට පැමිනෙන්නේ වෙන කිසිවකට නොව, අමතර කාලයක් ලබා ගන්නට පමනි. එය අද ඔබට මනාව වටහාදේවි. ඊට අමතරව මංකොල්ලය සිදුවී පැය 48ක් පසුවන මොහොතේ පොලීසිය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවන සාක්ෂි ඉල්ලා සිටිනවා. මෙය මංකොල්ලකරුවන්ට කල හැකි කාර්‍යක් වේවිද ?

අද කොටසින්, අද කතාවේ නායිකාව ඇලිසන් පාකර් කීවත් මා නිවැරැදියි. ආරම්භයේ පටන්ම වැඩි කාලයක් වෙන්ව ඇත්තේද ඈ හටයි. ඇය අද කතා නායිකාව වෙන්නේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති මේ වන විට ? කියනවාට වඩා රස විඳලාම බලන්න වටින කොටසක් තමයි අද ගෙන එන්නේ. ඒ වගේම කියන්න ඕනි අද පටන් 18+ කොටස් ටිකක් වැඩිපුර අන්තර්ගත වනවා. පොඩිහිටියන්ට ගැලපෙන්නේ නැතිවෙන්න පුලුවන්. පසුගිය කොටස අවසන් වුයේ පොලීසිය විසින් ජීවන සාක්ෂි ඉල්ලමිනුයි. එය ඉටුකරන්නට මංකොල්ලකරුවන් සමත් වූවත්, පොලීසියට එය ප්‍රමානවත් වන්නේ නැහැ. කරුනු කාරනා එලෙස සැකසෙද්දී රැකල් තීරණය කරනවා තමන් විසින්ම බැංකුව තුලට ඇතුලුවී ඔවුන් ගැන සොයා බලන්න. එතැන් පටන් කුමක් සිදු වේවිද?

රැකල් හැමදාම වගේ මෙහෙයුමට එක්වන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙදෙනෙක් ඩැහැගන්ටයි. නමුත් ප්‍රොෆෙසර් සතුව ට්‍රෝජන් අශ්වයෙක් සිටිනා බව ඔවුන් තවමත් දන්නේ නැහැ. එලෙස ඇතුලුවන කාට හෝ ඉන් පිටවී යාමට හැකියාවක් ඇතිද? මංකොල්ලකරුවන්ගේ මීළඟ අරමුණ කෙලෙස වේවිද ? ඊට අමතරව බර්ලින් පසුපස යන ඒන්ජල් හට කිනම් හෝඩුවාවක් ලැබේවිද? අපි බලමු එහෙනම් අද කතාව කෙලෙස වේවිද කියා. ගිහින් එන්නම් හැමෝටම ජය…!!! ?✌

Torrents Download

| WEBRip | x265 | 720p | 5GB |S01-S02

218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2

Direct Download

| WEBRip | x265 | 720p | 220MB |

| WEBRip | x265 | 720p | 3GB |
Complete S01
|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Money Heist aka La casa de papel [S01 : E10] | රහස් පණිවිඩය…

  • priyantha

    කෝ මේකෙ සබ නෑනෙ

    Reply
  • priyantha

    කෝ මේකෙ සිංහල සබ නෑනෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *