MENU

Money Heist aka La casa de papel [S01 : E12] | සංග්‍රාමයක ඇරඹුම

සියල්ල කනපිට පෙරලමින් පසුගිය කොටස නිමාවට පත්වුනා ඔබට මතක ඇති. මෙතෙක් මංකොල්ලකරුවන්ගේ පාර්ශ්වය ගත් කෙනෙක් නම් ඔබ, අද පටන් අනෙක් පස ගන්නට සූදානම් ද? මේ වනවිට මංකොල්ලකරුවන්ගේ වාසිය කනපිට පෙරලෙමින් පවතිනවා කිව්වොත් මා නිවැරැදියි. කෙතරම් සැලසුම් සහගත මංකොල්ලයක් වුවත්, එය ක්‍රියාත්මක කරන්න වෙන්නේ මිනිසුන් එක්ක වීම නිසාවෙනුත්, මිනිසුන්ගේ ක්‍රියා කෙතරම් සැලසුම් කලත් පෙර අනුමාන කල නොහැකි නිසාවෙනුත් සියල්ල මොහොතකින් කනපිට පෙරලිය හැකියි.

පසුගිය කොටසින්, පරීක්ෂක ඒන්ජල් ද්‍රෝහියෙක් කරමින් පසුගිය කොටස ආරම්භ වූවා ඔබට මතක් වෙනවා ඇති. ප්‍රොෆෙසර්ගේ ගැටයට මේවනවිට, ඒන්ජල් මෙන්ම රැකල් ද හසුවී ඇත. ඒ අතර වාරයේ රියෝව නම්ම ගන්න වැඩේ සාර්ථක බව, පොලීසියට පැත්තෙන් පෙනුනත්…. රියෝ ප්‍රමුඛ මංකොල්ලකරුවන් එයිනුත් අමතර වාසියක්/කාලයක් අත්පත් කරගන්නටයි සැරසුනේ, නමුත් රියෝගේ කේන්තිය නිසාවෙන් එය පොලිසියට දැනගන්නට ලැබුනා. පොලීසියේ සෑම ක්‍රියාවක්ම පෙර අනුමාන කර ඇති ප්‍රොෆෙසර් හට එය මඟ නොහැරී ඇති බව ඉන් පසක් වූවා. ඒන්ජල් හා රැකල් අතර ඝට්ටනය උග්‍ර වෙමින් පැවතුනේ ඒන්ජල්ව අගාධයකට ඇද දමමිනුයි. ඩෙන්වර් හා මොනිකා අතර ආදර සම්බන්ධයත්, ප්‍රොෆෙසර් හා රැකල් අතර ආදර සම්බන්ධයත් මේ වන විට උපරිම අවස්ථාවට පැමින ඇති බව ඔයාලට මතක් වෙනවා ඇති. නමුත් රැකල් හා ප්‍රොෆෙසර් අතර ආදර හමුව කෙලවර වන්නේ තුවක්කුවක් ප්‍රොෆෙසර් හට එල්ලවෙමිනුයි. ප්‍රොෆෙසර්ගේ අවසානයද? අද කුමක් වේවිද?  ඒ සියල්ල සිදුවන අතර වාරයේ බැංකු කළමනාකරු අර්තුරෝ රෝමාන්, ආරක්ෂක අංශයේ සාමජිකයෙක් හවුල් කරගනිමින් පැන යාමට සැලසුමක් තනන්නට වූවා. අද කොටස වෙන් වන්නේ ඒ සඳහා කිව්වත් මා නිවැරැදියි.

අද කොටසින්, අගාධයකට ඇඳ වැටුන ඒන්ජල් හට දරුණු ඉරණමක් අත් කරමින් අද කොටස පටන් ගන්නා අතරවාරයේ , රැකල් ප්‍රොෆෙසර්ව සෝදිසියක් සඳහා ඔහුගේ සයිඩර් නිෂ්පාදනාගාරයට ගෙනයනවා. මේ වනවිට පොලීසිය මංකොල්ලකරුවන් පසුපස හඹා ඇවිත් ඔවුන් ග්‍රහනය කරගන්නට ආසන්නයි. නමුත් ඒ සෑම දේකටම සාක්ෂි අවශ්‍ය වනවා. අද කොටස වෙන් වන්නේ ඒ සාක්ෂි සෙවීම සඳහා. ඒ සියල්ල අතර වාරයේ අර්තුරෝගේ කලාබර ආසියා වැඩ කරාවිද? ප්‍රාණ ඇපකරුවන්ගේ පැනයාමේ උත්සහය සාර්ථක වේවිද? ඒන්ජල් හට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේවිද? රැකල්ට හසුවූ ප්‍රොෆෙසර්ගේ අවසානයද ? කෙටියෙන්ම කිව්වොත් අද කතාව තෙවන ලෝක යුද්ධයකට සමානයි. තවත් එක් කොටසක් පමනයි පළමු කතා සමයට ඉතිරිව ඇත්තේ. හැබයි තව ගොඩක් දුර තියෙනවා කතාව අවසන් වීමට. ඒක නිසා දුක් වෙන්න කාරි නැහැ. එහෙනම් අවසන් කොටසින් හමුවන තුරු ගිහින් එන්නම්, හැමෝටම ජය…!!! ?✌

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x265 | 720p | 5GB | S01-S02

Direct Download

| WEBRip | x265 | 720p | 220MB |

| WEBRip | x265 | 720p | 3GB |
Complete S01
|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Money Heist aka La casa de papel [S01 : E12] | සංග්‍රාමයක ඇරඹුම

  • full seson eka download karanna bene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *