MENU

Mute (2018) | ගොළු පෙම්වතා

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන්නෙ.

ලියෝට කුඩා කාලයේදීම ඉතා භයානක අනතුරක් මගින් ඔහුගෙ උගුරට හානියක් සිදු වෙනවා.දොස්තර එම වෙලාවේදී පවසන්නෙ ඔහුට හැකි ඉක්මනින්ම සැත්කමක් නොකළහොත් කතා කිරීමට නොහැකි බවයි.නමුත් මොවුන්ගෙ දෙමාපියන් එයට අනුමැතිය ලබාදෙන්නෙ නැහැ.මොකද මෙයාල හිතාගෙන ඉන්නෙ “දෙවියන්වහන්සෙ ඔහුව සනීප කරයි” කියල.කාලයත් ගෙවී යනව ලියෝගෙ දෙමාපියන් හිතාගෙන හිටිය දේ ඉෂ්ඨ වෙන්නෙත් නැහැ.ඒවගේම ලියෝට සදාකාලිකවම ඔහුගෙ කටහඩ නැති වී යනවා.ලියෝට තමන්ගෙ කටහඩ නැති වුවත් ඔහුගෙ ජීවිතයෙ බලාපොරොත්තු නැති කරගත්තෙ නැහැ.ඔහුට අනාගතයේදී බාර් එකේ බාර්ටෙන්ඩර්(බාර් එකේ වැඩ කරන මිනිහට කියන නම) කෙනෙක් විදියට සේවය කිරීමට හම්බවෙනවා.ඒවගේම කියන්න ඕන මේ අනාගතය ලෝකය ඔයාලා Blade Runner 2049 බැලුවානම් දන්නවා ඇති අනාගත ලෝකය කොයි වගේද තියෙන්නෙ කියල.ඉතින් ලියෝ මෙහෙම බාර් එකේ වැඩ කරන අතරෙ ඔහුට පෙම්වතියෙක් හම්බවෙනවා.ඇය ගැන කිව්වොත් ඔහු ලියෝගෙ කටහඩ නැති උනත් ඔහුට අකැමැත්තක් නොදක්වා ඔහුට එක පයින්ම කැමති වෙනවා.ඒක ඇත්තටම ඇයගෙ හොදකමක් කියල කතාවේදී මට දකින්න ලැබුණෙ.ඒ ඇය ලියෝට හුගක් ආදරය කරනවා.නමුත් මොහු ලියෝගෙන් ලොකු රහසක් හංගනවා.ඒක තමයි ඇය කරන ලොකුම වැරැද්ද.ඒ තමයි මැය කලින් බැදපු කෙනෙක් ඉන්න වග නොකියන එක.ඒවගේම තමයි මැයට කුඩා දරුවෙක් සිටිනවා.ඇය ඉන්නෙ නාඩිරාගෙ හිටපු සැමිය ළග.ඉතින් ඔහු තමන්ගෙ දරුවාව ඇයට දීමට කැමති වෙන්නෙ නැහැ.නඩීරා දවසක් ඇයව ඉල්ලගන්න එන වෙලේදී ඔහු ඇයව මරල දානවා.තමන්ගෙ දරුවාව ඇයට ගෙනියන්න ඉල්ලපු නිසාවෙන්.හැබැයි අසරණ ලියෝ ඒ කිසි වගක් දන්නෙ නැහැ.ඉතින් ලියෝ දවස් ගාණක් තිස්සෙ ඇය එනකම් බලාගෙන සිටිනවා.පස්සෙ ඔහුට ඇතිම වෙලා ඇයව හොයන්න අරගන්නවා යම් යම් හෝඩුවාවන් පස්සෙ ගිහිම්.ඉතින් අපි බලමුකො ලියෝට නාඩිරාව මරපු කෙනාගෙන් පළිය අරගන්න පුලුවන් වෙයිද වගේම නාඩිරාගෙ හයක් හතරක් නොදත් පුංචි කෙල්ලට කුමන ඉරණමක් අත් වෙයිද කියල?

2018 පෙබරවාරි 23 වන දින විකාශනය ආරම්භ කරපු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.4 සහRotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය ලබාගැනීමට හැකි වූවේ 9% පමණි. විනාඩි 126 පුරා දිවෙන මෙම චිත්‍රපට අයින් වන්නෙ Mystery | Sci-Fi | Thriller කාණ්ඩට.මෙහි රංගනයෙන් දායක වන්නෙ Alexander Skarsgård | Paul Rudd | Justin Theroux |Seyneb Saleh යන නළුකැලයි.එහෙනම් ඉතින් නැවතත් බලන්න ආරාධනා කරන ගමන් අපි කැපුණා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | 720p | 900MB |

930A63409FD2A6C09A6AFC3D48D11EFAB5DB8FB4

| WEBRIP | x265 | 720p | 830MB |

1C7822FCA2FB34B80DCE3474373FCB7A171BB1E4

 Direct Download

| WEBRIP | x264 | 720p | 900MB |

| WEBRIP | x265 | 720p | 830MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *