MENU

One Strange Rock [ S01 : 01 – Gasp ] | හුස්ම පොදක උපතේ කතාව.

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

අපි හිතන් ඉන්නවා අපි ඉන්න මේ පෘථිවිය ගැන අපි දන්නවා කියල. හරියට බැලුවොත් සරලවම, අපි බහුතරයක් දෙනා අපි ඉන්න ලෝකේ ගැනවත් දන්න මගුලක් නැහැ. මම ප්‍රශ්නයක් අහන්නම්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? ඔබේ හිතට ආව පිළිතුර ශාක වලින් කියල නේද? හරි ඒ පිළිතුර හිතේ තියාගෙන එහෙම්ම ඉස්සරහට යමු. රෑ ජාමෙට නිදාගන්න ගිය වෙලාවට එහෙම හිතෙනවද කොහොමද යකෝ මේ ලෝකේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයට සුදුසුම ස්ථානයක ස්වාභාවිකවම පිහිටියේ කොහොමද? අපේ ඇඟ ඔක්සිජන් වලට හැඩ ගැහුනේ කොහොමද? කොහොමද යකෝ අපේ ඇඟ ජලය එක්ක මේ තරම් බැඳුනේ? අපි පිටසක්වල ජිවියෙකුගේ පරික්ෂනාගාරයක ඉන්න පරීක්ෂණාගාර ජීවින් කොටසක්ද? අපි ඉන්නේ වර්චුවල් රියලිටියක වෙන්න බැරිද? එකී මෙකි නොකී අමුතු ජාතියේ ප්‍රශ්න ඔලුවට එන කෙනෙක් නම් ඔබත් මෙතනින් එහාට කියවන්න එපා. කෙලින්ම මේක බලන්න ගන්න. ?

මේක ඇවිල්ල නැෂනල් ජියෝග්‍රපි නාලිකාවේ වැඩක්. විල් ස්මිත් තමයි පොතේ ගුරාගේ වැඩේ කරන්නේ. One Strange Rock, එහෙම නැත්නම් පෘථිවිය. ඇයි මේකට One Strange Rockකියන්නේ. පෘථිවිය ඇවිල්ල ඉහත පින්තුරේ වගේ ජලය පිරුන ගලක්. රවුමට ගානට හැඩ ගැහිලා තියෙන්නේ ගල අභ්‍යන්තරයෙන් ගල දෙසට ආකර්ෂණය කරගෙන තියෙන බලය නිසා ඒ ගල වටා ඇති වාතය සහ ජලය මේ ගෝලාකාර හැඩය ඇතිකරවනවා, අපේ වායුගෝලය ආදී දේවල් හැඩ ගැහිලා ලස්සනට තියෙනව. ඉතිං මේ කතාවෙන් කියන්නේ අපි ජිවත් වෙන, ඇවිදින, මැරෙන, මේ පෘථිවි මාතාවගේ අපි නොදන්නා දේවල් ගැන. සමහර දේවල් තියෙනව ඒ දේවල් හරි විදියට දකින්න නම් ඒ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙලා බලන්න ඕනා. පෘථිවියට නම් ඒ විදියට ඈත් වෙලා පියවි ඇසින් බලන්න පුළුවන් තැනකට තියෙන්නේ ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ඔබ අප දුටු ආකාරයට නෙමේ එකෙ ජිවත් වෙච්ච අය මේ පෘථිවිය දැක්කේ. එයාල අපි නොදැක්ක දේවල් ගොඩක් දැක්කා. අන්න ඒ දේවල් ගැන මේ කතා මාලාවේ කතාංග 10 තුලින් කියවෙනවා. මම කලින් ඇහුව නේද ප්‍රශ්නයක්, අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපිට ලැබෙන්නේ කොහෙන්ද? කියල. ඔබ හිතාගත්තනේ උත්තරයක්, ශාක වලින් සිදුවන  ප්‍රභා සංස්ලෙෂණයෙන් නිපදවෙන ඔක්සිජන් වලින් කියල? මම දැන් කියනවා ඔබ බාගයක් හරි ඉතුරු භාගේ සහමුලින්ම වැරදියි කියල. දැනගන්න ඕනද ඒ කොහොමද කියල? එහෙනම් ඉතිං පොඩ්ඩක්වත් බෝරින් නැති මේ අපුරු කතා මාලාව ඩව්න්ලෝඩ් කරන්න පටන් ගන්න ?

  1. Peggy Whitson- අභ්‍යවකාශයේ දින
  2. Jeff Hoffman – අභ්‍යවකාශයේ දින 50
  3. Mike Massimino – අභ්‍යවකාශයේ දින
  4. Leland Melvin – අභ්‍යවකාශයේ දින 24
  5. Nicole Stott – අභ්‍යවකාශයේ දින 104
  6. Mae C. Jemison – අභ්‍යවකාශයේ දින
  7. Jerry Linenger- අභ්‍යවකාශයේ දින 143
  8. Chris Hadfield – අභ්‍යවකාශයේ දින 166

ඉහත සඳහන් විශිෂ්ට ප්‍රාඥයින් අටදෙනා තමයි, imdb 8.9ක අගයක් ලැබූන මේ කතාවේ විද්‍යාත්මක කරුණු ගැන පහදලා දෙන්නේ. ඒ ඔවුන් තමන්ගේ අජටාකාශ චාරිකාවන් හිදී කරන ලද නිරීක්ෂණ ඇසුරින් සොයාගත් යම් යම් කාරණාවන්. එයාල ගැන තොරතුරු හෙමින් සැරේ වෙනම දාන්නම් මංසලේ. ඉතිං එයාල කියන ඒ විස්තර ඔයාලට තේරෙන විදියට අරගෙන එන්න මාත් තව කෙනෙක් එකතු වෙනවා. ඒ තමයි අපේ ජොනි තට්ටයා. ඔහු නමින් උදයංග සම්පත්. අපි ද්හෙන්න එකතු වෙලා ඉදිරි දින කිහිපය ඇතුලත මේ අපුරු කතා මාලාවම ඔයාලට අරගෙන එන්නයි අපේ බලපොරොත්තුව. එහෙනම් අපි දන්නවා කියල හිතං ඉන්න එත් අපි මෙලෝ අටමගලක් නොදන්නා අපේ මේ අරුම පුදුම ලෝකය ගැන යමක් දැනගමු! ?

 

“සමහරවිට මුළු විශ්වයටම තියෙන අමුතුම තැනම මෙතන වෙන්න පුළුවන් “

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 1080p | 35GB |

Direct Download   

| WEBRip | x264 | 720p | 420MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “One Strange Rock [ S01 : 01 – Gasp ] | හුස්ම පොදක උපතේ කතාව.

  • can you reuplord this

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *