MENU

One Strange Rock [ S01 : 02 – Storm ] | කුණටුවෙන් පණ පෙවුණු අමුතු පාෂාණය..!

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

පොඩ්ඩක් ඔහොම ඉන්න…!
ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ කොහොමද? අපෝ ඕක නොදෙන්නෙ කවුද? “ඩයිනෝසරයන් මිහිමතින් වඳ වුණේ විශාල ග්‍රාහකයක් පෘථිවි පෘෂ්ඨයේ ගැටුණු නිසා.” හැමෝම දන්න හැමෝම අහල තියෙන උත්තරේ ඕක වෙන්න ඕනෙ. ඔව් 50% ක් පිළිතුර නිවැරදියි. හැබැයි එතකොට ඉතුරු 50%. ඔව්, ඉතුරු 50% ඇතුළට තව ලොකු කතාවක් අන්තර්ගත වෙනව. හුස්ම අල්ලගෙන ඉන්න. හරි ග්‍රාහකය වැදුණු කියමුකො. ග්‍රාහකය වැදෙන්නත් එතන ජීවය පිරුණු ලෝකයක් තිබුණනෙ. එතකොට මේ ජීවය පිරිණු හරි අපූරු අමුතු පාෂාණය නිර්මාණය වුණේ කොහොම කියලද හිතන්නෙ. පිළිතුර තමයි “දූවිල්ලක්”. දූවිල්ලක්? දූවිල්ලකින් කොහොමද මේ තරම් දැවැන්ත පාෂාණයක් නිර්මාණය වුණේ. මීට වසර බිලියන 4 හමාරකට කලින් අපේ ලෝකය පිහිටල තිබුණ තැන තිබුණෙ නිකම්ම තාරකා දූවිලි, වායූන් සහ වළාකුළු විතරයි. මේ කුඩා තාරකා දූවිලි එකිනෙක ආකර්ෂණය කර ගනිමින්, ස්ථිති විද්‍යුතය හරහා තමන් වටේ ඇති කුඩා පාෂාණ තමන් වෙතට ඇද ගන්නව. මෙහෙම ඇදගනිද්දි විශාල පිපිරීම් ගැටීම් ඇති වෙනව. අධික උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ මේ පාෂණ එකිනෙක ඉතා තදින් බැඳෙන්න ගන්නව. ඔන්න් ඔහොම බැඳුණු මිලියන ගාණක පාෂාණ නිසා තමයි අපේ මේ හරි අපූරු ලෝකය නිර්මාණය වුණේ. හැබැයි ඔය ඔක්කොම හරි කියමුකො. එතකොට ජීවය හටගන්න ඕන කරන අත්‍යාවශ්‍යම කාරණාව “ජලය” කොහොමද මේ පාෂාණය තුළ නිර්මාණය වුණේ. මේ අන්න ඒ කතාව.

නෑ නෑ කතාව ඉවර නෑ. එතකොට කොහොමද මේ හඳ අපිට ලැබුණෙ. හරි අහගන්නකො කතාව. ඔක්කොම නෙවෙයි මම ටිකක් කියන්නම්. අපි ජීවත් වෙන පෘථිවියට සහෝදරයෙක් හිටිය. නමින් ඔහු තියා. හැබැයි තියා කියන්නෙ අපිට ආදරේ කරපු සහෝදරයෙක් නම් නෙවෙයි. අපේ පැවැත්මට ලොකුම තර්ජනයක් කරපු සහෝදරයෙක්. තියා හිටියෙ පෘථිවි කක්ෂය ඡේදනය වෙන ආකාරයට. ඉතිං එකිනෙකා ඡේදනය වෙන කක්ෂකය ඉන්න ග්‍රහයන් දෙන්නෙකුට යම් දවසක් නියත් වශයෙන් ගොදුරු වෙන්න නියමිත ඉරණමක් තියෙනව. ඒ තමයි දෙදෙනාගේ ගුරුත්වාකර්ෂණ බලය සමඟ ඇති වන ඉතා බලවත් ගැටීම. ඉතිං තියා සහ පෘථිවිය එකට ගැටෙනව. ඉතිං හඳත් එක්ක මොකද්ද මේ කතාවෙ තියෙන සම්බන්ධය. ඒක දැනගන්න පුළුවන් මේක නැරඹුවට පස්සෙ. ඒ වගේම පෘථිවියට පැය 24ක් ලැබුණෙ කොහොමද? අපි අහල තියෙන සෘතු හතර පෘථිවියට ලැබුණෙ කාගෙන්ද? මේවට උත්තර හොයන්න එකතු වෙන්න අභ්‍යාවකාශගාමින් 8 දෙනෙක් එක්ක විද්‍යාත්මක චාරිකාවකට යන්න. ඊලඟ කොටස අරගෙන නැවතත් ” හැන්ඩියා හෙවත් විමා” ඒවි. ??

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 2.1GB |

Direct Download   

| WEB | x264 | 480p | 180MB |

 

| WEBRip | x264 | 720p | 330MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “One Strange Rock [ S01 : 02 – Storm ] | කුණටුවෙන් පණ පෙවුණු අමුතු පාෂාණය..!

  • Meka download karanna bhne ..delete karal kiyla watenawane ai e

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *