පාවාදීම, ද්‍රෝහිකම හා වංකභාවය මැද මිත්‍රත්වයේ යහගුණයෙන් තම අරමුණ ඉටු කර ගන්නා නිර්භීත මිනිසෙකු ගැන කියැවෙන සංවේදී කථාවකි මෙය.
1970 දශකයේ සිටි ජනප්‍රියම මෙන්ම දක්ෂතම නළුවන් දෙදෙනකු වන ස්ටීව් මැක්කුවීන් (The great escape)හා ඩස්ටින් හෝෆ්මාන් (The Graduate)රංගනයෙන් දායක වන සිරෙන් පැනයාම පිළිබඳ සත්‍යම වූ කථාවක් රැගත් සිනමා සිත්තමකි.
මේ සිනමාපටය පිළිබඳව මගේ මතකයට නැගුනේ නැවත වරක් නව නිෂ්පාදනයක් ලෙස නිර්මානය කරන බවට දක්නට ලැබුනු ප්‍රවෟතියක් නිසයි. මගේ මතය නම් බොහෝ නව නිෂ්පාදන (RE-MAKE) පලමු සිනමා පටයේ තිබූ රසය එලෙසින්ම ගෙන ඒමට අසමත් වී ඇති බවයි. බොහෝ විට දක්නට ලැබෙන්නේ නව තාක්ෂනික ප්‍රයෝග පමණයි.
කථාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම්, තම පපුවේ සටහන්ව ඇති සමනලයකුගේ පච්ච සලකුණ නිසා පැපිලොන් ( ප්‍රංශ බසින් සමනලයා ) යන අන්වර්ථ නාමය ලැබු “හෙන්රි චාරිරේ” නැමැත්තා, තමා නොකල මිනීමැරුමකට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියම වන අතර ප්‍රංශ ගයානාවේ දූපතක ඇති අති දරුණු සිරගෙදරකට නැවකින් යවනු ලබයි. මෙම නැවේදී ඔහුට, බැංකු වංචාවකට වැරදිකරු වී, ඔහු මෙන්ම සිරයට නියම වූ ලුවිස් ඩේගා නැමැත්තා මුණ ගැසේ. මෙහිදී ඇතිවන යම් යම් සිද්ධි නිසා දීර්ඝකාලීන දැඩි මිතුදමක් ඔහුන් දෙදෙනා අතර ඇති වේ.
දුපතේ සිරගෙදර පවත්නා අති දුෂ්කර මෙන්ම අති භයංකර තත්වය මත පැපිලෝන් තම මිතුරාගේද උදව්වෙන් සිරගෙයින් පැන යාමට සැලසුම් කරයි. ඔහුගේ පලමු උත්සහය අසාර්ථක වන අතර, ඒ හේතුව මත වසර දෙකක් හුදකලා සිරකුටියක අඳුරේ සිරකර තබයි. මෙ කාලය අවසන් කර පැමිනෙන ඔහු ගන්නා දෙවන උත්සහය සාර්ථක වේ. මධ්‍යම ඇමරිකාවේ ඉන්දියානු ගෝත්‍රික ජන කොට්ඨාශයක් සමග සතුටුදායක ජීවිතයක් ගතකලත් අවසානයේ සිදුවන පාවාදීමක් හේතුවෙන් නැවත අත් අඩංගුවට පත් වේ. මෙවර දඬුවම වශයෙන් වසර පහක් හුදකලා සිරකුටියට සීමා කරන ඔහු, එම කාලය අවසන්වූ වහාම නැවතත් පැන යාමට ගන්නා උත්සහය සාර්ථක වන අතර ……
එහෙනම් නැරඹු කෙනෙකුට බොහෝ කාලයක් මතකයේ රැඳෙන මෙම සිනමා පටය නරඹා, උපසිරැසියේ යම් අඩු පාඩුවක් ඇතොත් මා දැනුවත් කරන්න.
ස්තුතියි
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.