MENU

Passengers (2008) | අත්භූත ගුවන් මගියෝ…

හිරාන් ගනේපල්ල සොයුරාගේ ලිපිය…

සුබ දවසක් වේවා හැමෝටම.අද මම ඔයාලට අරගෙන අවේ ටිකක් පරණ චිත්‍රපටියක උපසිරසියක්. මේක මට අරන් දීපු සිසිල ප්‍රසාද් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..

මේක ටිකක් විතර අබිරහස් චිත්‍රපටියක්.ඔයාලා මේ චිත්‍රපටිය download කරන්න කලින් මේකේ trailer එක බලලා ඉන්නවනම් හොදයි. චිත්‍රපටිය ගැන කිව්වොත්… මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rodrigo García.මෙම චිත්‍රපටයට 5.9imdb අගයක් ලැබිලා තියෙනවා. මෙම චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2008 ඔක්තෝම්බර් 20.විනාඩි 93 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය අයත්වන්නේ Romantic, Mystery, Thriller ගණයටයි.මෙහි ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන චරිත දෙකක් ඉන්නවා.ඒ තමයි මානසික වෛද්‍යවරිය වන ක්ලේරා සමර් සහ එරික් ක්ලාක්.ක්ලේරාගේ චරිතයට පන පොවන්නේ Anne Hathaway. එතකොට එරික්ගේ චරිතය රඟ පාන්නේ Anne Hathaway.චිත්‍රපටියේ පසුබිම් කතාව ලියලා තියෙන්නේ Ronnie Christensen.නිෂ්පාදකයා තමයි Joseph Drake.තරමක විතර පිස්සු ගතියක් මේ කතාවේ තියනවා..

එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු. චිත්‍රපටියේ කතාව සාරාංශයක් විදිහට ගත්තොත් මේකේ තියෙන්නේ ගුවන් අනතුරක් ගැන.ගුවන් අනතුරට පත් වෙච්ච මගියන්ට ඔවුන්ගේ මතකය නැති වෙලයි තියෙන්නේ.ඉතින් මේ මගියන්ට එයාලගේ මතකයන් ආපහු ගන්න උදව් කරන්නේ දොස්තර කෙනෙක්…දොස්තරත් සෑහෙන්න මහන්සි වෙනවා ගුවන් අනතුර ඇත්තටම උනේ කොහොමද කියලා දැනගන්න….ටික දවසක් යද්දී මේ දොස්තරගේ ලෙඩ්ඩු එකින් එක අතුරුදහන් වෙන්න පටන් ගන්නවා.දොස්තරටත් මේක ගැන සැක හිතෙනවා..එක ගුවන් මගියෙක් හින්දා දොස්තරගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා.ඒ ගුවන් මගියා තමයි එරික්.මේ චිත්‍රපටියේ අන්තිම ටික බලනකන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.හැබැයි මේකේ හරි ලස්සන කතාවක් තියෙන්නේ… අන්තිමට මේ චිත්‍රපටයේ චරිත වලට එන ප්‍රශ්න වලට ලැබෙන්නේ හිතන්නෙවත් නැති උත්තර.එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාදනා කරනවා….

පෙර පළවූ ලිපිය…

මේ ෆිල්ම් එක ගැන කියන්න විස්තර ගොඩක් නෑ..ඒ උනාට ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන ගානට කියන්නම් මම..ඊට පස්සෙ ෆිල්ම් එක බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න..කතාව මෙහෙමයි..එක්තරා මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩාගෙන වැටෙනව මගීන් විශාල ගනනක් එක්කම..පසුව මින් බේරෙන මගීන් දරුණු විදියට මානසික කම්පනය පත් වෙනව…ඒ අයගේ මානසික තත්ත්වය යහපත් කිරීම සදහා එක්තරා වෛද්‍යවරියකට නියම වෙනව..මේ වෛද්‍යවරිය හා මගීන් අතර තමයි ච්ත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ..මේ අණතුරට පත්වූ මගීන්ව විවිධ පුද්ගලයන් ලුහුබදිනව..කොහොම උනත් කතාව මුල ඉදලම අභිරහස් ගතියක් තමයි තියෙන්නෙ..ඒ අභිරහස විසදෙන්නෙ අන්තිම මොහොතෙ..නමුත් අපි හීනෙන් වත් නොහිතන විදියේ විසදුමක් තමයි ලැබෙන්නෙ මේ අභිරහසට..එකම වගේ කථා වලට සීමා වෙලා ඉන්න කෙනෙක්ට වටිනව මේ වගේ කතාවක් බලන එක..මොකද අන්තිම මොහොත දක්වාම අපේ හිතේ කුතුහලයක් තමයි රදෙන්නෙ..

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | DVDRip | x264 | aXXo | 700MB |

BABFA1C5692BED0FB8889FCB50C5711016CECD93

 Direct Download

| DVDRip | x264 | aXXo | 700MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *