MENU

Pennyworth (2019-) [S01 : E09] | කුරුමාණම් සහ පිඹුරුපත්..!

පෙනීවර්ත් අවසාන කතාංගයට පෙර කතාංගය අරගෙන තමයි ඔන්න මම ආවෙ. ඉතිං සමාවෙන්න ඕනෙ මට පහුගිය කොටස බලන්න වුණේ නෑ. ඒ නිසා ඒ ගැන විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි ඉතිං මේ වෙනකොට එංගලන්තයේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නෙ. ඒ වගේම කාක සංසදය සහ නිර්ණාමික මණ්ඩලය එකම ආකාරයට මේ දේශපාලන ව්‍යාකූලත්වයෙන් ප්‍රයොජන ගන්න මාන බලමින් ඉන්නෙ. මේ අතරෙ තමයි අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන්නෙ. මේ ප්‍රකාශය නිසා ඔන්න විශාල වෙනසක් වෙනව දේශපාලන තන්ත්‍රය ඇතුළෙ. මේ ප්‍රකාශය නිසා මෙතෙක් කිසිදු ආකාරයකට නිළ වශයෙන් ජනතාව අතරට එන්න බැරිව හිටපු සංවිධාන වලට ජනතා පරමාධිපත්‍ය සමඟ ඒකාබද්ධ වෙන්න ඉඩ වෙන් වෙනව. මේක යම් සලැස්මක් ඇතුව ක්‍රියාත්මක වෙන්නෙ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වුණු අරමුණට වඩා වෙනස් ප්‍රතිඵල ඇති වෙන්න ගනිද්දි, ආණ්ඩුව තීරණය කරනව රටේ ව්‍යාකූල තත්වයක් ඇති කරන්න. මේකට ගාව ගන්නෙ ඇල්ෆ්‍රඩ් පෙනීවර්ත්. මතකනෙ මේ වෙනකොට ඇල්ෆ්‍රඩ් ඉන්නෙත් ගැටේකට හිර වෙලා, නිව්ගේට් බන්ධනාගාරයක. ඉතිං ඇල්ෆ්‍රඩ් මේ වැඩේට සමබ්න්ධ වෙනව. අවසාන මොහොතෙ ඇල්ෆ්‍රඩ්ට සිද්ධ වෙනව හිත වෙනස් කරගන්න. ඒ මොකක් නිසාද? ඇල්ෆ්‍රඩ් මොකද්ද දැක්කෙ? එහෙනම් ඔන්න ඒ ගැන බලාගන්න පුළුවන් අද. එහෙනම් අවසාන කතාංගය එක්ක අපේ බයිස්කෝප් සහෝදරයෙක් ඒවි. වෝකින් ඩෙඩ් තුලින් නැවත හමුවෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 2.9GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *