MENU

Planet Earth II [EP E06] | නගරයට ආ වන සතුන්..

වනසතුන් අයිති වන්නේ වනාන්තරයටයි. ඒ ඔවුන්ට අවශ්‍ය සියලු දේම පාහේ එහි තිබෙන නිසයි. නමුත් සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයේප්‍රතිඵලයක් ලෙස ශාක බොහෝ සෙයින් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර බවට මේ පොළෝ තලය පත් වෙලා. වනාන්තර වල සුවසේ දිවි ගෙවූ මේ කිසිත් නොදන්නා වන සතුන්ට කෑමට යමක් සොයා ගන්නට නගරයට ඇදී එන්නට සිදු වෙලා. සමහර සතුන් නගරයේ ජීවිතයට ඉතා හොඳින් අනුගත වෙද්දී, සමහර සතුන් ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න සිදු වෙලා. Planet Earth II වාර්තාමය වැඩසටහන් මාලාවේ සයවෙනි කොටසෙන් ඔබ ඉදිරියේ දිග හැරෙන්නේ නගරයට ආ වන සතුන්ට අත් වන ඉරණම ගැනයි.

බොහෝම අලංකාර දර්ශන සමූහයකින්, කලාතුරකින් දැකගන්න ලැබෙන සිදුවීම් රාශියක් එකදිගට, එකපෙළට නරඹන්න සූදානම් වෙන්න. නාගරීකරණය හොඳ දෙයක් වුනත්, ස්වබාවදහම සමඟින් මුහු වෙමින්, මනුෂ්‍ය වර්ගයාගේත්, සතුන්ගේත් පැවැත්ම සුරකින්නට හැකි නගරයක් බිහි කරන ආකාරය මේ කොටසේදි ඔබට නැරඹිය හැකියි. සත්ත්ව ලෝකයේ අපූරු චර්‍යා රටාවන් සමඟින් පැයකට ආසන්න කාලයක් ගත කරන්න ආරාධනා කරමින් සමුගන්නවා.

ආයුබෝවන්!

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download                 

| HDTV | x264 | 720p | 2.6GB | MP4 | 

                 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *