MENU

PLOEY – You Never Fly Alone (2018) AKA Flying the Nest | කවදාවත්ම තනියම පියාඹන්න එපා!

සුබ දවසක් වේවා බයිස්කොප් හිතමිතුරන්ට!!!! ඔන්න උපසිරසියක් ගෙනාවා ලස්සන 2018 නිකුත් උනු Animation චිත්‍රපටයකට. සබ් කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම මම Animation එකකට සබ් කරන්න ආසාවෙන් හිටියේ. ඉතින් Anime එකක් හොයද්දී තමයි මේ ෆිල්ම් එක මට හම්බවුනේ. ඉතින් මේක මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ English ෆිල්ම් එකක් විදිහට නෙවේ. පස්සේ මේක භාෂා ගණනාවකින් නිකුත් වෙලා තියනවා. මම සබ් කලේ English ෆිල්ම් එකට එ්ත් සබ් කරද්දි තේරුනා මම අරන් තියන English සබ් එකේ තියන ගොඩක් දෙබස් නෙවේ ෆිල්ම් එකේ තියෙන්නේ කියලා. ඒකට ගැලපෙන English සබ් එකක් හොයාගන්න තිබ්බේ නෑ. ඉතින් ඒ නිසා මට සබ් කරන්න සිද්ධඋනේ අහගෙන ඉදලා. ඒකත් ඉතින් වෙනසකට හොදයිනේ.

ඉතින් චිත්‍රපටය පැත්තට හැරුනොත් සිසිර ඍතුවට පස්සේ සංක්‍රමික කුරුල්ලෝ වන රෑන වටුවන් වසන්තය ගත කරන්න ඔවුන්ගේ නිවසට එනවා එහෙදී තමයි අපේ කතාවේ වීරයා ප්ලොයි ඉපදෙන්නේ. ඉතින් ප්ලොයි ඉපදිලා  ලොකු වෙනකොට පියාඹන්න ඉගෙනගන්න කාලයත් එනවනේ. ඉතින් ප්ලොයි පියාඔන පලවෙනි දවසේම කතාවේ නපුරා වන ෂැඩෝ කියන රාජාලියෙක් ප්ලොයිව අරගෙන යනවා. ඉතින් ප්ලොයිගේ තාත්තා ෂැඩෝගෙන් ප්ලොයිව බේරගත්තත් තාත්තාව ෂැඩෝ මරනවා. ඉතින් ප්ලොයි ඊටපස්සේ දුකින් තමයි ඉන්නේ. ප්ලොයි ආය පියාඔන්න හදන්නෙත් නෑ මොකද තාත්තා මැරුනේ ඔහු පියාඔන්න හදපු නිසා කියලා ප්ලොයිට හිතෙන නිසා.

ඉතින්  ආයෙත් සිසිර ඍතුව ළංවෙන නිසා කුරුල්ලෝ ආපහු ගෙදර දාලා යන්න තමයි හදන්නේ. ඒත් ඊට කලින් ප්ලොයි ඇවිදින්න යද්දී පූසෙක්ට අහුවෙනවා. ඒ අතරතුර ඔහුගේ රංචුව ප්ලොයිව දාලා යනවා. ප්ලොයි කොහොමහරි බේරිලා ආවත් ඒ වෙද්දී රංචුව ගිහිල්ලා ඉන්නේ. ඉතින් ප්ලොයි සිසිර ඍතුවේ බේරිලා ඉන්න නිම්නයක තියන පාරාදීසය කියන තැන හොයාගෙන යනවා. ඒ අතරතුර ෂැඩෝ ප්ලොයි පස්සෙන් එනවා. ඔහුට මේ පාරාදීසයට යන ගමනේදී  ගයිගර් කියලා යාළුවෙක් හමුවෙනවා. ගයිගර්ගේ පවුලම ෂැඩෝ මරලා දාලා තියෙන්නේ. ඉතින් ගයිගර්ගේ එකම අරමුණ තමයි තමන්ගේ පළිය ගන්න එක. ඉතින් ප්ලොයිට සිසිර ඍතුවේ බේරිලා ඉන්න පුළුවන් වෙයිද. ගයිගර් තමන්ගේ පළිය ගනියිද. ප්ලොයිට ආය තමන්ගේ රංචුව ආය හම්බවෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්න.  සබ් එක බාගද්දී පහළින් අදහසකුත් කොටාගෙනම යන්න. එහෙනම් හැමෝටම ජය වේවා!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 700MB |

Direct Download

| Bluray | x264 | 480p | 390MB |

        

| Bluray | x264 | 720p | 700MB |

          

 

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “PLOEY – You Never Fly Alone (2018) AKA Flying the Nest | කවදාවත්ම තනියම පියාඹන්න එපා!

  • Prageeth

    මරේ මරු

    Reply
  • machan sub eke wed rip ekata tiyenne kiyala dala tiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *