ඔන්න යාළුවනේ, අද මම ආවේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය වුනු,නළුවන්ගේ පෙනුම නිසා සමහරක් අය අකමැති වෙලා නොබලා හිටපු, ඒත් බලන්නවටින තරම් ත්‍රාසජනක, ඉහළ Ratings තියෙන, හොඳම මට්ටමේ තිර පිටපතකින් නිමවුණු, ඒ වගේම විහිළුවලිනුත් අඩු නොවන අළුත් රොබින්හුඩ් කතාමාලාවේපළවෙනි කොටසයි. පරණ රොබින්හුඩ් කතාමාලාව නරකයි කියනවා නෙවෙයි. ඒකත් සෑහෙන ලස්සන කතාවක්. මට මතකයි මේකේ මුල්ම කොටස ජාතිකරූපවාහිනියේ ගිය කාලේ, පත්තරවලින් පවා මේකයි, පරණ රොබින්හුඩ්කතාමාලාවයි සසඳලා මේ කතාමාලාව විවේචනය කරලා තිබුනා. ගොඩක් දුරටවිවේචනය වුනේ රොබින්හුඩ් කොණ්ඩය කපලා තියෙන එක. ඒත් පළවෙනි කොටසබලලා ඉවර වුනාම, මම නම් ඇඟිලි ගැන ගැන හිටියේ, කවද්ද දෙවනි කොටසදාන්නේ කියලා. ඒක නිසා TV Series බලන ප්‍රේක්ෂකයෝ මේක නොබලා හිටියොත්පාඩුවක් වෙන්නේ. ඉතින් මම මෙච්චර කැමති වුන කතාවකට උපසිරැසි හදන්නලැබුන එක ගැන ශාන් විමුක්ති සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින්වරුන්ටමගේ හද පිරි ස්තූතිය! ඉතින් මම කතාව ගැන විස්තරයක් කරන්නම්.
- කතා මාලාව නිපදවුනු රට – බ්‍රිතාන්‍යය
- විකාශය – BBC නාලිකාවෙන් 2006 ඔක්තෝබර් 7 සිට 2009 ජූනි 27 දක්වා
- නළු නිළි පිරිස – Jonas Armstrong (රොබින්), Lucy Griffiths (මැරියන්), Richard Armitage (ගිස්බන්), Keith Allen (ෂෙරිෆ්), Sam Troughton (මාච්), Joe Armstrong(ඇලනඩේල්), Gordon Kennedy (ලිට්ලි ජෝන්), Harry Lloyd (විල් ස්කාලට්)
- Ratings – IMDB – 7.6, TV.com – 8.6
- කතා වර්ගය – Action , Adventure , Comedy
- කතා මාලා ගණන – 3
- සම්මාන සඳහා නිර්දේශවීම් –Academy of Science Fiction, Fantasy & Horror Films, USA 2008 – Saturn Award – Best International SeriesTV Quick Awards, UK 2009 – TV Quick Award – Best Family Drama (Dominic Minghella, Foz Allan)TV Quick Awards, UK 2007 – TV Quick Award – Best New Drama (Dominic Minghella, Foz Allan)
ඉතින් පළවෙනි කොටස ගැන විස්තරයක් කළොත්, රොබින් ලොක්ස්ලි එයාගේ සේවකයා මාච් එක්ක යුද්ධයෙන් අයින් වෙලා ගමට එන තැනින් තමයි කතාව පටන් ගන්නේ. මේ යුද්ධය කියන්නේ, ජෙරුසලම හෙවත් ක්‍රිස්තියානුවන්ගේ ශුද්ධ වූ භූමිය අරාබි ජාතික මුස්ලිම් ජාතිකයන් අත් කරගැනීම නිසා ඇති වුනු යුද්ධයක්. ඒ කාලයේ එංගලන්තයේ හිටිය රිචඩ් රජතුමා, රෝමයේ හිටිය ග්‍රෙගරි පාප්තුමාගේ උදව්වට කුරුස යුද්ධයට ගිහින් ඉන්නේ. ඉතින් රොබිනුත් රජු එක්ක යුද්ධයට ගිහින් ඉඳලයි ලොක්ස්ලි බලා ආපහු එන්නේ. රොබින්ට මේකෙදි හන්ටින්ඩන් හි අර්ල්වරයා කියලාත් කියනවා. අර්ල්වරයා කියන්නේ නයිට්වරුන්ට වඩා ඉහළ තනතුරක්. ඉංග්‍රීසි රජ කතා බලන අය නම් නයිට් කියන්නේ කාටද කියලා දන්නවා ඇති නොවැ. ඉතින් අවුරුදු ගාණකට පස්සේ ගමට එන රොබින්ට දකින්න ලැබෙන්නේ, අළුත් ෂෙරිෆ් කෙනෙක් පත්වෙලා, තමන්ගේ ගමේ වැසියන්ව පීඩාවට පත්කරන හැටි, ඒ වගේම තමන්ගේ මන්දිරය ඇතුළු ඉඩකඩම් ඔක්කොම ගිස්බන් යටතට පත්වෙලා තියෙන හැටි. මැරියන්ගේ තාත්තා වන පරණ ෂෙරිෆ් ගැනත් දැන් ෂෙරිෆ්ගේ මිනිස්සු හෙවිල්ලෙන් ඉන්නේ. ඉතින් රොබින් මේ ඔක්කොටම විරුද්ධව නැගී හිටින්නයි හදන්නේ. අවසානෙදි මොනවා වෙයිද, කොහොමද වංශවතෙක් රොබින්හුඩ් කියන පිටුවහලා බවට පත්වෙන්නේ කියලා අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. කතා මාලා තුනටම අනිවාර්යයෙන් උපසිරැසි දෙන නිසා, බලන අය ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තට කමක් නෑ. පුළුවන් නම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. එහෙනම් දෙවනි කොටසින් ආයෙත් හමුවෙනකම් හැමෝටම සුභ දවසක්!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
Direct Download
| HDTV | x264 | 480p | 194MB |
| HDTV | x264 | 720p | 671MB |
| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
3 thoughts on “Robin Hood (TV Series 2006–2009) [S01 : E01] | අයුක්තිය ඉවසමුද?”
Thanks bro……balanna asawen hitapu tv sieries ekak
link ekk wath weda nane userdrive
mata robbin hood season 3 nema link tika dala denwada