MENU

Robin Hood (TV Series 2006–2009) [S01 : E10] | සැරසන් මායාකාරයෝ!

කොහොමද යාළුවනේ. ඔන්න රොබින්හුඩ් කතා මාලාවේ දහවෙනි කොටසයි මම අද අරන් එන්නේ. අද කොටසේ අවසානය නම්ඔයාලා කැමති විදියේ අවසානයක් වෙයි. කතාව ටිකක් ත්‍රාසජනක වෙයි කියලත් කියන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි කතාව ගැන බලමු.

පසුගිය කොටසින්…

ලැම්බර්ට් කියන කෙනා ඛව වෙඩිබෙහෙත් හදලා ෂෙරිෆ්ට දෙන්නේ, ඒවා පතල් වැඩවලට මිස මිනිස්සුන්ට හානි කරන්න ගන්න එපා කියන කොන්දේසියත් එක්කයි. ඒත් ෂෙරිෆ් ඒකට අකමැති වෙලා, එයාව හිරේ දානවා. ලැම්බර්ට් හිරේ වැටෙන්න කලින්, වෙඩිබෙහෙත් හදන්න ගන්න දේවල් ලියපු පොත හංගන නිසා, ෂෙරිෆ්, රොබින් දෙන්නම උත්සාහ කරන්නේ ඒ පොත තියෙන තැන ගැන දැනගන්නයි. ලැම්බර්ට්ව අරන් එන්න මාච්ව මාලිගාවට යැව්වත්, මාච්ව හිරකුටියට දානවා වෙනුවට ෂෙරිෆ් කරන්නේ, අනිත් ගැමියන්ට උදාහරණයක් විදියට මාච්ට වංශාධිපතිකමක් දෙන එකයි. මාච් බොන්චර්ච් මැදුරේ  වංශාධිපතිකම කරන අතරේ, රොබින් ලැම්බර්ට්ගෙන් පොත තියෙන තැන දැනගන්නවා වුනත්, ලැම්බර්ට්ව බේරගන්න ලැබෙන්නේ නෑ. අවසානයේදි මාච් තමන්ගේ හිත ගිය කෙල්ලට, මන්දිරයේ තියෙන වස්තුව දීලා ආපහු කැලේට එන අතර, රොබින්ලා ෂෙරිෆ් ළඟ තියෙන වෙඩිබෙහෙත් ටිකත් විනාස කරලා දානවා.

මෙවර කොටසින්…

නාඳුනන මිනිහෙක් ගමට ඇවිත්ගමේ පල්ලිය ගිනි තියලාමිනිස්සුන්ගේ කෑම ගිනි තියලා ලොකු අවුලක් ඇති කරනවා. මේ වෙලාවේ එතනට එන රොබින්හුඩ්එයාව කැලේට අරන් යනවා. එයා කුරුස යුද්ධයේ සේවය කරපු සෙබලෙක් කියලා හිතලා,රොබින්ලා එයාව බලාගන්නවා. මේ අතරේම කැලේ තිබිලාගංවතුරට අහුවුනු කරත්තයකුත් එයාලට හම්බවෙනවා. කරත්තය ඇතුලේ තියෙනවාඅමුතුම වර්ගයේවටේටම කටු ගැහුව හිස්වැස්මක්. කතාවේ නම් ඒකට වෙස්මූණක් කියලයි කියන්නේ. ඒක පෙනුමින් වද දෙන්න හැදුව උපකරණයක් වගේ. ලිට්ල් ජෝන් පවා ඒකට බයවෙනවා. ඉතින් මේ කරත්තයේ අයිතිකාරයාපෙරදිගින් ආව කෙනෙක් බවත්එයා දැන් ෂෙරිෆ්ගේ මාලිගාවේ නැවතිලා ඉන්න බවත් රොබින්ට ආරංචි වෙනවා. මේ අමුත්තා කවුදඅර අමුතු වෙස්මූණ එයා ගෙනාවේ ඇයිරොබින්ලාට හම්බවුනු ඔළුව අවුල්කාරයා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලා බලන්න. ඊළඟ කොටසින් නැවත හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක්!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | 720p | 619MB |

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *