MENU

Robin Hood (TV Series 2006–2009) [S02 : E05] | ද්‍රෝහියා කවුද?

ඔන්න යාළුවනේඅද පස්වෙනි කොටසත් අරන් ආවා. කතා මාලාවට උපසිරැසි දෙන්න කලින් තිබුනු ගැම්ම නම්දැන් නැතිවෙලා තියෙන්නේ. දැන් කොහොමත් මාසයක් විතර තිස්සේ උපසිරැසි හදනවනේ. ඒත් කොච්චර අමාරු වුනත් දැන් ඉතින් කතාමාලාව හදලා ඉවර කරන්නම එපායැ. මේ මාසය ඉවර වෙන්න කලින්මේ සීසන් එකත් ඉවර කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් කොහොමහරි අද කතාවත් බලමුකෝ.

පසුගිය කොටසින්…

ෂෙරිෆ්ගේ මාලිගයට එන රසායන විද්වතෙක්, මිනිස්සු මරන්න පුළුවන් අළුත් විෂ වර්ගයක් හදනවා. “මරණයේ සුරදූතිය කියන මේ විෂ එයා අත්හදා බලන්නේ, රාත්‍රී රැකවලා විදියට ඇඳගෙන විෂ යෙදූ කේක් මිනිස්සුන්ට බෙදලයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට, මුළු වීදියකට මිනිස්සු මාරක විදියට අසනීප වෙනවා. මේක වසංගතයක් කියලා නිරෝධායන කාලයක් පනවන ෂෙරිෆ්, ඒකෙන් අර විද්‍යාඥයාට වෙලාව දෙනවා විෂ ක්‍රියාකරන විදියේ නිරීක්ෂණ කටයුතු කරගන්න. මේකට විරුද්ධ වෙන්න යන විල්ගේ තාත්තා, ඩෑන්ව ෂෙරිෆ් මරලා දානවා. මේකෙන් පස්සේ විල් ෂෙරිෆ්ව මරන්න යන අතරේ, ජැක් සහ ලිට්ල් ජෝන් විෂ නාශකයක් හොයාගන්නවා. අවසානයේදි විල් ෂෙරිෆ්ට වස දීලා තියෙද්දි, රොබින් උපක්‍රමයක් කරලා, ෂෙරිෆ්ව බේරගන්න හැටි තමයි, අපි ඒ කොටසින් දැක්කේ.

මෙවර කොටසින්…

රජතුමා එංගලන්තයට ගොඩ බහිනකම්නේෂෙරිෆ්ගේ කළු නයිට්වරු බලාගෙන ඉන්නේ. ඉතින් ලුවිස් හි හෙන්රි කියන ෂෙරිෆ්ගේ පණිවුඩකාරයෙක්ශුද්ධ වූ භූමියේ ඉඳන් නොටින්හැම්වලට එනවා. ඒ රජතුමා ගොඩබහින වරාය මොකක්ද කියලා ෂෙරිෆ්ට දැනුම් දෙන්නයි. රොබින්ට මේක මැරියන්ගෙන් ආරංචි වෙලා,පණිවුඩකාරයාව පාරෙදි අල්ලගන්න ලෑස්තිවෙලා ඉන්නවා. ඒත් ඇලනඩේල්ට පින් සිද්දවෙන්නගිස්බන් වෙන පාරකින් පණිවුඩකාරයාව ගෙන්න ගන්නවා. එතකොටයි රොබින්ට මුලින්ම අදහසක් එන්නේකොහෙන්හරි ගිස්බන්ට තොරතුරු යනවා ඇති කියලා. රොබින් මැරියන්ගේ මාර්ගයෙන් දළ වශයෙන් දැනගන්නවාතමන්ගේ කණ්ඩායමේ ද්‍රෝහියෙක් ඉන්න බව. ඉතින් අද දවස ඇතුළතදි රොබින් ද්‍රෝහියාව අල්ලාගනියිදඇලන්ගේ රඟපෑම ඉවරවෙයිද,පණිවුඩකාරයාට මොකද වෙන්නේ කියලා අද කොටසින් බලන්නකෝ. ඉක්මනින් හයවෙනි කොටසින් හම්බවෙමු. එතෙක් ජය!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 171MB |

| HDTV | x265 | 1080p | 712MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *