MENU

Robin Hood (TV Series 2006–2009) [S02 : E13] | රජු ගලවාගැනීමේ මෙහෙයුම!

ඔන්න යාළුවනේ, අපි අද දෙවනි සීසන් එකේ අවසානයටයි ඇවිත් ඉන්නේ. ඊළඟ සීසන් එකේ සිට අළුත් චරිත කීපයක් එකතු වෙන්න නියමිතයි. මම දැනටමත් ඒ සීසන් එක ගොඩක් දුරට ඉවර කරලා තියෙන්නේ. බොහොම ඉක්මනටම ඒ සීසන් එකත් ඔයාලට දකින්න ලැබෙයි. ඉතින්, හැමදාම වගේ පසුගිය කොටස මතක් කරගමු.

පසුගිය කොටසින්

රොබින්ගේ උපන්දිනය සමරන්න ගමට එන රොබින්ගේ කණ්ඩායම, ෂෙරිෆ්ගේ කුලී සෙබලු විසින් වටලනවා. ධාන්‍ය ගබඩාවක් ඇතුලේ කොටුවුන මේ කට්ටිය, ඊළඟ දවසේ උදේම, මැරෙන්න හරි බලාගෙන සටන් කරන්නයි ඉන්නේ. මේ අතරේ, ෂෙරිෆ් සහ ගිස්බන්, ඇලන්වත් අරන් රජතුමාව මරන්න ශුද්ධ වූ දේශයට යන්නයි හදන්නේ. රොබින්ව හොයාගන්න බැරි නිසා, මැරියන් තනියම ෂෙරිෆ්ව මරන්න ගිහින්, ෂෙරිෆ්ට අහුවෙනවා. රාත්‍රී රැකවලාත් මැරියන් බව එතනින්ම එළියට ඇදෙන අතර, ගිස්බන්ට මැරියන් ගැන තිබුන විශ්වාසය මුළුමනින්ම නැතිවෙනවා. එයාලා මැරියනුත් හිරකාරයෙක් විදියට මේ ගමනේ අරන් යනවා. මේ මෙහෙයුමට එකතු වෙලා, වංශවතෙක් වෙන්න හිතාගෙන ඉන්න ඇලන්, අන්තිම මොහොතේ අදහස අතඇරලා, රොබින්ලාව බේරගන්න ආපහු නොටින්හැම් එනවා. ජැක්ගේ අදහස අනුව තියන “කලීලා සහ ඩිම්නා රාත්‍රියේදි” තම තමන්ගේ ප්‍රශ්න සමථයකට පත්කරගෙන, මැරෙනතුරු සටන් කරන්න රොබින්ගේ පිරිස සූදානම් වෙනකොටයි ඇලන් එතනට එන්නේ. ඇලන්ගේ උදව්වෙන් එතනින් පැනගන්න මේ පිරිස, ෂෙරිෆ්, ගිස්බන් හා මැරියන්ව හොයාගෙන ගමන පටන් ගන්නවා.

මෙවර කොටසින්

මේ වෙනකොට ශුද්ධ වූ දේශයට ගිහින් ඉන්න ෂෙරිෆ්, රජතුමාව මරන්න නසියර්, කරීම් කියන සැරසන්ලා දෙන්නෙක්ව යොදවනවා. නසියර් කියන නම අපිට හුරු, පරණ කතාවේ රොබින්ගේ කණ්ඩායමේ කෙනෙක් විදියට වුනත්, මේකෙදි ඉන්න නසියර් නම් ෂෙරිෆ්ගේ ඝාතකයෙක්. ඒක ඊළඟ දවසේ මද්දහනට කලින් කරන්නයි හදන්නේ. මේ අතරේ රොබින් ඇතුළු පිරිස රජතුමාව බේරගන්නත්, මැරියන්ව බේරගන්නත් හිතාගෙන ශුද්ධ වූ දේශයට එනවා. එහාට ආවම එයාලට පේන්නේ, රජතුමා දැන් කලින් හිටපු නගරයේ නැති බවත්, සැරසන්ලා ආයෙත් ඒ බිම අල්ලාගෙන තියෙන බවත්. ඉතින් රොබින්ලාට දවල්ට කලින් රජතුමා හොයාගෙන, මැරියන්වත් බේරගන්න පුළුවන්ද කියලා ඔයාලා බලන්නකෝ.

කලින් ලිපියෙදි කිව්ව විදියට 1213 කොටස් දෙකම එකට ඈඳුවපැය 1 යිවිනාඩි 25වීඩියෝ එකට අදාළ උපසිරැසියත්13 කොටසට විතරක් අදාළ උපසිරැසියත් දෙකමඅද දීලා තියෙනවාඔයාලා  අදාළ උපසිරැසිය තෝරගෙන බලන්නඑහෙනම්තුන්වෙනි සීසන් එකෙන්මෙතරම් කල් රජතුමා බේරාගැනීමේ මෙහෙයුමවෙනුවෙන් කරපු දේවල් වෙනුවට අලුත් අරමුණකුත්අලුත් චරිත ටිකකුත් එක්කතමන්ගේ වීරක්‍රියාවල නිරතවෙන අපේ සුපුරුදු රොබින්හුඩ් කණ්ඩායම මුණගැහෙමුඑතෙක් සමුගන්නවා.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

Direct Download

| HDTV | x264 | 480p | 186MB |

| HDTV | x265 | 1080p | 706MB | 10Bit

| HDTV | x264 | 480p | 7.3GB | S01-S02-S03 Complete

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Robin Hood (TV Series 2006–2009) [S02 : E13] | රජු ගලවාගැනීමේ මෙහෙයුම!

  • Kavindu prabath

    මචං 12 වෙනි එපිය නැහැනෙ බං. ඒකත් දෙන්න ඉක්මනින්. ගොඩක් ස්තූතියි ♥️

    Reply
  • mewage sub eka hariyata nane..timing aulne..
    man download kareth me oyala deela thyana link ekenmai video eka..mkda e??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *