MENU

Rome [1×2 – How Titus Pullo Brought Down the Republic ] | ගින්න ඇවිළුණා. (18+)

මම GOT එකට දුන්න වගේම ඉතිහාසය ගැන පොඩි පොඩි විස්තර කිරීම් ටිකක් කරන්න හිතුවා සැබෑ රෝමය ගැන. ලිපි පෙල් ඉදිරියට ගෙනයන එක ඔබගේ ප්‍රතිචාර මත සිදුවේවි. කතාවේ සිදුවීම් වලින් කෝවද ඇත්තටම වුණේ, කෝවද කතාව ගෙනියන්න පිණිස ගොතපු ඒවා කියලා අපි පස්සෙ බලමු. මුලින්ම අපි ටිකක් බලමු මේ කතාමාලාවේ පෙන්වන්නෙ රෝමේ කොයි කාල සමයද කියලා.

රෝම ඉතිහාසය කියන්නෙ ඇත්තටම වර්තමාන ලෝකයත් සෑහෙන්න ආභාෂය ගත්ත දෙයක් කිව්වොත් වඩා නිවැරදියි. නීතිය විසින් පාලනය කිරීම සංස්කෘතිය අදටත් ලෝකෙටම වලංගු දෙයක්. රෝමේ ඉතිහාසය මේ කාලසමයන්ට බෙදෙනවා.

1) පූර්ව ඓතිහාසික හා මුල් රෝමය. එනම් රෝමයේ මුල්ම ජනාවාස සහ රොමියුලස් විසින් එය ආරම්භ කිරීම පිළිබඳ පුරාවෘත්තය.

ඔය පුරාවෘත්තය ගැන අහල ඇතිනේ. රොමියුලස් සහ රෙමුස් (Romulus, Remus) කියන්නෙ නිවුන් සහෝදරයෝ දෙන්නෙක්. ඔවුන් දෙදෙනාට සිදුවූ සිදුවීම් තුළින් තමා රෝම නගරය පිහිටුවීම හා පසුව එය රෝම අධිරාජ්‍ය දක්වා පැතිරීමේ මුල්ගල තැබුණේ, ඒ දෙදෙනා වෘක ධේනුවකගෙන් කිරී බොන ලකුණ අදටත් රෝමේ සලකුණ වෙලා තියෙනවා. මේ කිරි බීපු කතාව මුල් කථාවෙන්ම ආව එකක්ද පසුව එකතු වෙච්ච කතාවක්ද කියන එක අදටත් විවාදසම්පන්නයි.

2) එට්රුස්කන් ආධිපත්‍යට යටත්ව තිබීම හා නගර සීමා පිහිටුවා පාලනය ආරම්භ කිරීම. සම්ප්‍රදායට අනුව, සත් රජුන්ගෙන් පළමුවැන්නා රෝමුලස් විය.

3) රෝම සමූහාණ්ඩුව. ක්‍රි.පූ. 509 දී විතර පටන් ගත්ත මෙයින් රජුන් වෙනුවට තෝරාපත් කර ගත් සෙනට් සභිකයන් විසින් පාලනය මෙහෙයවීම ඇරඹුණා. මේ කාලෙ ඇතුළත (ක්‍රි.පූ. 5 ශතවර්ෂයේදී පමණ) තමා රෝමයේ යටත් විජිත මඟින් තම භූමිය වර්ධනය කරගැනීම ඇරඹූනේ. මුලින්ම අවට භූමියත් පසුව ඉතාලි අර්ධද්වීපය ක්‍රි.පූ. 3 ශතවර්ෂයේදී විතර වෙනකොට එයට ඈඳුනා. ක්‍රි.පූ. 264 ඉඳන් 146 වෙනකම් තිබ්බ පියුනික් යුද්ධ මඟින් බටහිර මධ්‍යධරණී ප්‍රදේශ ඈඳ ගන්න සමත් වෙනවා කර්තීජ් පාලනය පෙරළා දමා.

4) රෝම අධිරාජ්‍ය. ජූලියස් සීසර්ගේ නැඟීමත් සමඟ ඇරඹෙන වියැකෙන සමූහාණ්ඩුවෙන් පසුව අධිරාජ්‍යක් කරා රෝමය ගමන් ගන්නවා. මෙය සිවිල් යුද මැදින් ගෙවීගෙන යනවා. පසුකාලීනව බටහිර රෝමානු අධිරාජ්‍යයේ කඩා වැටීම මතින් භූමියේ බොහෝ පෙදෙසක් අහිමි කරගන්නා අතර දෙතුන් වතාවක් රෝමයට සතුරු හමුදා කඩා වැදීමද සිදුවෙනවා.

5) මධ්‍යකාලීන රෝමය.

6) රෝම පුනරුද සමය.

7) මෑත කාලින රෝම ඉතිහාසය.

කෙටියෙන්ම කිව්වොත් ඔය විදියට තමා රෝමේ ඉතිහාසය බෙදෙන්නේ. දැන් මේ කතාමාලාව ගෙවෙන්නෙ රෝම සමූහාණ්ඩුවත් ජූලියස් සීසර්ගේ නැඟි ඒමත් අතර කාලයෙයි. හොඳයි ඉතිහාස පාඩමේ ඉතුරු ටික ඊලඟ කොටසට ගෙනියන්නම්.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 9.2GB | Complete S01-S02|

Direct Download    

| BluRay | x264 | anoXmous | 180MB | 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Rome [1×2 – How Titus Pullo Brought Down the Republic ] | ගින්න ඇවිළුණා. (18+)

  • download karanna link eka nene

    Reply
  • අයියො…………. ලින්ක් නැනේ.. 2 ඉදලා 5වෙනකල්. ඇයි අප්පා එච්චර ඉක්මනින් අයින් කරන්නේ. අපි පව් නැද්දදදද

    Reply
  • SanjulaJeter

    link 2m weda ne. hash aka copy karannath be

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *