MENU

Rome [1×3 – “An Owl in a Thornbush ] | ආක්‍රමණය ඇරඹෙයි. (18+)

සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ.

ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First Triumvirate විදියට හඳුන්වන) රෝම සමූහාණ්ඩුවේ නායකයන් විදියට පත්වුණේ Gaius Julius Caesar, Gnaeus Pompeius Magnus (Pompey the Great) සහ Marcus Licinius Crassus තුන් දෙනයි. ඔයිනුත් මාකස්ගේ මරණයෙන් පස්සෙ පොම්පෙයි මැග්නස් රෝමයේ ඉඳන් පාලනයත්, සීසර් විසින් යුද ආක්‍රමණත් මෙහෙයවනු ලබනවා. ඔන්න ඔය කාලෙ පදනම් කරගෙන තමා මේ කතා මාලාව ගෙවෙන්නේ. ඉතාලිය හැර එයට උතුරින් දකුණු ගෝල් දේශයේ සිට ඉලිරිකුම් දක්වා ( වර්තමාන ඇල්බේනියාව, මොන්ටිනෝග්‍රෝ, බොස්නියා හා හෙර්ස්ගොවීනා හා ක්‍රොයේෂියාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලකයා විදියට පත්වීම්ලබා උන්න සීසර්ට ධූර කාලය නිමාවෙද්දි සෑහෙන ජනප්‍රියත්වයත් ලබා තිබ්බ අයෙක්. මේ හින්දම සෙනට් සභාව නියෝග කරනවා හමුදාව විසුරුවා හැර ආපහු රෝමෙට එන්න කියලා. හමුදාව අරගෙන එන්න එපා කියලම කිව්වත් ඔහු 13වෙනි බල ඇණියත් අරගෙන එවකට උතුරු ඉතාලී දේශ සීමාව වුණ රුබිකොන් ගඟ තරණය කරනවා ක්‍රි. පූ. 49 දී. ඒක සෙනට් සභාව සලකන්නේ ද්‍රෝහීවීමක් හා රෝමයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් විදියටයි. කොටින්ම crossing the Rubicon කියන්නෙ නැවත හැරීමක් නැති ක්‍රියාවක් කළා කියන වාග් ව්‍යවහාරයක්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 9.2GB | Complete S01-S02|

ea0d3303f99f8a8db29d20f6e6b6a8f4f5c9c094   

Direct Download    

| BluRay | x264 | anoXmous | 465MB | 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Rome [1×3 – “An Owl in a Thornbush ] | ආක්‍රමණය ඇරඹෙයි. (18+)

  • මචන් මේකේ file not found කියල වැටෙනවනේ….
    ටිකක් බලල හදන්නකෝ…
    වෙන download කරන්න තැනකුත් නෑ…

    Reply
  • අයියො………………………. ඇයි අප්පාාාා අපි මෙහෙම කරන්නේ……………. ලින්ක් නැතො……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *