MENU

Sacred Games [S02E05] | බල අරගලය (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න ඕන වැඩ වැඩි කාලයක් වුනත් මටත් මේකට සම්බන්ධ වෙන්න වුනා. මොකද මේ වගේ සීරියස් එකක සබ් කරන්න ලැබෙනව කියන්නෙ වාසනාවක්නෙ. මේකට මාව සම්බන්ධ කරගත්තු සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය. වැඩි කතා නැතිව පොඩ්ඩක් කතාව මතක් කරගෙන අද කතාවෙන් පොඩි ඉඟියක් දීගෙනම ලිපිය අවසන් කරන්නම්.

හතරවන කතාංගයෙන් බිඳක්, ඔයාල දකින්න ඇති හත්වෙනි දවසෙ සර්තාජ් යනව යාදව් මැඩම් හොයාගෙන. ගිහින් කොහොමෙන්හරි හෝඩුවාවක් හොයාගන්න උත්සහ කරනව. යාදව් මැඩම් ඉතින් මොනවද විකාර වගයක් කියනව. ඒ ටික ගලපල අවසානෙ සර්තාජ් ඇතුලු කණ්ඩායම ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක හොයාගන්නව ඔයාල දකින්න ඇති. කොහොමවුනත් මේ කතාව මුල ඉදල බලපු අපිම දන්නවනෙ, ප්‍රශ්නෙකින් තවත් ප්‍රශ්නෙකට කඩා පාත්වෙනව කියල. ඉතින් ලැප්ටොප් එකේ එක නම්බරයක් දිස් වෙනව. ඒක මොකක්ද? කවුරුත් දන්නෙ නැහැ. පසුගිය කතාංගය එතනින් අවසන් වෙනව.

පස්වන කතාංගයෙන් බිඳක්,  ජමීලා එයා වැටිල ඉන්න කරදරෙන් බේරෙන්න ජොජෝව මුනගැහෙන්න යනව. ඔය අතරෙ ගයිතොන්ඩේ ගුරුජීට තවත් ලං වෙනව. ආශ්‍රමයෙ කෙනෙක් සත්‍ය යුගයට යනවනම් එයා පවිත්‍ර වෙන්න ඕන කියල සංකල්පයක් තියනව. ඉතින් මේ පවිත්‍රතාවය තියනවද නැද්ද කියල බලාගන්නෙ දාදු කැට සෙල්ලමකින්. ගයිතොන්ඩේට මෙතනදි මොකක් වෙයිද? ඒ වගේම ඔයාල පසුගිය සතියෙ දකින්න ඇති යාදව් මැඩම්ට අත්වෙලා තිබුනු ඉරණම. ඉතින් ඒක වුනේ කියන එකත් ඔයාලට මේ කොටසෙදි අවබෝධ කරගන්න පුලුවන් වෙයි. එහෙනම් පස්වෙනි කතාංගයත් මේ විදිහට දිගහැරෙනවා. උපසිරැසි බාගන්න ගමන් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

ජය ශ්‍රී!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.5GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 426MB |

| WEB  | x264 | 720p | 3.5GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *