MENU

Sacred Games [S02E07] | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර.. (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට තමයි යු ටියුබ් එකේ තිබිල Sacred Games සීසන් 1 එකේ ට්‍රේලර් එක දකින්නේ. හිටියෙත් සයිෆ් අලි ඛාන් නවසුදින්ස සිද්දික්, සහ රාධිකා ආප්තේ.. කියන මම ආස කරන දෙතුන් දෙනෙක්. නිකමට බලන්න ගත්ත පලවෙනි එපින් පස්සේ දවසින් සීසන් එකම බලල ඉවර කරලයි නැවතුනේ. ආයේ වෙන වැනුම් ඕන නැහැ මං හිතන්නේ. බලපු උදවිය රහ දන්නවා. 😀

හත්වෙනි කොටසින් අද ඔන්න කතාවෙ ප්‍රධානම චරිතයක් මැරෙනවා බලාගන්න පුළුවන්. මැරෙනවා කිව්වට මරනවා. කවුද මේ විදියට මැරෙන්නෙ? කවුරු අතින්ද මේ ප්‍රධාන චරිතය මැරෙන්නෙ? ඇයි එහෙම මැරෙන්නෙ? ඒ වගේම, සර්ටාජ් සිං විසින් යම් කිසි දෙයක් පැහැරගන්නවා. මොකක්ද මේ පැහැරගන්නෙ? ඒ වගෙම, සර්ටාජ්ට කතාවෙ තවත් ප්‍රධාන චරිතයක් ගැන ඉඟියක් ලැබෙනවා. කවුරු ගැනද මේ ඉඟියක් ලැබෙන්නෙ? අවසාන වශයෙන්, මුම්බායි නගරය හිස් කරන්න කියලා අණක් ලැබෙනවා. මොකක්ද මේ වෙන්න යන භීෂණය? පිලිතුරු හොයාගන්න එක ඔබට බාරයි. රැඳී සිටින්න අපත් සමගම. අවසානයට තව එකම එක කොටසයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p  | 3.5GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 425MB |

| WEB  | x264 | 720p | 3.5GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *