කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට.
හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are you? (1969) කියන කතාවට සමානයි. ඒ කියන්නෙ තේමා එහෙම ටිකක් පරණ කතාවෙ වගේ. හැබැයි අනිත් ස්කුබි ඩූ කතාවලට වැඩිය පොඩි අලුත් වෙනසකුත් තියෙනවා. මොකද මේකෙ හැම කතාවකම ප්‍රසිද්ධ චරිතයක් ඇතුලත් වෙනවා. ඒ කියන්නෙ ස්කුබි ඩූ එකෙ අපි හැමෝම දන්න ප්‍රධාන චරිත වන ස්කූබි ඩූ, ෂැගී රොජර්ස්, ෆ්‍රෙඩ් ජෝන්ස්, ඩැෆ්නි බ්ලේක් සහ වෙල්මා ඩින්ක්ලී ට අමතරව තවත් එක් ප්‍රධාන චරිතයක් අන්තර්ගත වෙනවා. ගොඩක් දුරට එලෙස ඇතුලත් වෙන චරිත වෙන්නෙ සමාජයේ ගොඩක් ජනප්‍රිය පුදගලයන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්‍රීඩකයො, ප්‍රකට රංගන ශිල්පීන්, ගායකගායිකාවන්, සුපිරි වීරයො (DC Heros) වගේ අය. හැබැයි ඒ චරිතය ස්ථාවර නෑ. ඒ කියන්නෙ ඒ චරිතය කතාවෙන් කතාවට වෙනස් වෙනවා.
මේ කතාවෙ ඒ විදිහට ඉන්න චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ ඇමරිකානු ජාතික පැසිපන්දු ක්‍රීඩක ක්‍රිස් පෝල්. මෙයා 2005 වසරෙ සිට පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ වගේම මේ වෙනකොට මෙයාගෙ වයස අවුරුදු 34ක්. මෙයා ක්‍රීඩා කරන්නෙ ඔකහෝමා සිටි තන්ඩර් (Oklahoma City Thunder) කියන පැසිපන්දු කණ්ඩායමට. ඉතින් මේ කතාවට මෙයා සම්බන්ධ වෙන්නෙ ෂැගී හරහා. කවුරුවත් දැනගෙන හිටියෙ නැති උනාට මෙයා ෂැගීගෙ හොඳම යාලුවෙක්. ඉතින් එයා ෂැගීගෙන් ඉල්ලීමක් කරනවා ගොල්ෆ් තරඟාවලියක් සඳහා උදව් කරන්න එන්න කියලා. ඉතින් මෙයාලා එහෙ යන්කොට සුපුරුදු පරිදි හොල්මනක් වැඩ පටන් අරන්. ඉතින් මෙයාලා ගොල්ෆ් තරඟාවලිය බලපෑමක් නොවෙන විදිහට විසඳන්න ගන්නා උත්සාහය තමා මේකේ තියෙන්නෙ.
මේ කතාමාලාව imdb දර්ශකයේ 7.4 වගේ අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හඬකැවීම් ශිල්පීන්ගෙත් වෙනසක් වෙලා කියලා පේන්න නෑ. ස්කූබි ඩූ සහ ෆ්‍රෙඩ් ජෝන්ස් යන චරිත වලට Frank Welker ත්, වෙල්මා ඩින්ක්ලි ලෙස Kate Micucci ත්, Matthew Lillard ෂැගී රොජර්ස් ලෙසත් සහ Grey Griffin ඩැෆ්නි බ්ලෙක් ලෙසත් කටහඬ හැසිරවීමෙන් දායක වෙනවා. ඒ වගේම මේ කතාමාලාවෙ කතා දහතුනක් ඇතුලත් වෙනවා. ඉතින් මම ආයි ඔයාලව හමුවෙන්න එන්නෙ මේ කතාමාලාවෙ ඊලඟ කොටස අරගෙන. ඒ වෙනකන් ඔයාලා හැමෝටම “තෙරුවන් සරණයි”කියලා මම දැනට නවතින්නම්…
සුබ දවසක්!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.3GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 260MB |
| WEB | x264 | 720p | 3.4GB | Complete S01|