MENU

Scooby-Doo and Guess Who? [S01 : E03] | පැහැරගැනීම..

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල්ස් කියලා කොට හාදයෙක්. ඉතිං මෙයාලා සුරතල් සතුන් කූඩුවලින් එළියට ගන්නකොට එක පූස් පැටියෙක් කුඩුවෙන් පැනලා ගිහින් කියලා අහුවෙනවා. ඉතින් මේකෙ හිමිකරුයි, තව වැන්ඩා සයිකිස් කියන කෙනයි මේ පූස් පැටියා හොයන්න යන අතරවාරයේදී තමා සුපුරුදු ලෙස හොල්මනක් පාත්වෙන්නෙ. මේක සුරතල් සතුන් අලෙවිකරන තැනක් උනාට මේක ටිකක් ලොකු ගොඩනැගිල්ලක්. සතුනට ඕනෙ කෑම, බෙහෙත් වගේ දේවලුත් මේකේ තියෙනවා. මං හිතන්නෙ මං මේකට ස්කූබි ඩූ සම්බන්ද වෙන විදිහත් දැන් කිව්වා. කෑම…… මෙයාගෙ ප්‍රියතම කෑමනෙ ස්කූබි විස්කෝතු. ඉතින් මෙයාලා ස්කූබි විස්කෝතු ගන්න කියලා හිතාගෙන තමා මෙතන වාහනේ නවත්තන්නෙ. ඉතින් ඊට පස්සෙ වෙන දේ හිතාගන්න පුලුවන්නේ. මෙයාලටත් හොල්මනක් පේන්න බෑනේ…  ඉතිං එහෙම තමා අද කතාව ගලාගෙන යන්නෙ.

මේ කතාවෙ ඉන්න විශේෂ චරිතය තමා වැන්ඩා සයික්ස් කියන්නෙ.

වැන්ඩා සයික්ස්
වැන්ඩා සයික්ස් කියන්නෙ ඇමරිකානු ජාතික රංගන ශිල්පිනියක්. ඇය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂඨ වෙන්නෙ The Chriss Rock Show කියන කතාමාලාවෙ රචකයා ලෙසින්. ඇයට ඒ සඳහා Primetime Emmy සම්මානයත් හිමිවෙලා තියෙනවා 1999 දී. ඉතිං මේ The Chriss Rock Show කතාමාලාවට imdb අගය 6.7කුත් TV.com දර්ශකයේ 7.3කුත් විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ වගේම 2004 දී සසික්ස්ව ඇමෙරිකාවේ විනෝදාත්මකම පුද්ගලන 25 දෙනා ඇතුලටත් ඇතුලත් කරලා තියෙනවා.

හරි එහෙනම්. ඊලඟ කතාවෙන් මම ආයිත් ඔයාලා හමුවට එන්නම්..

සුභ දවසක්. ඔයාලට ජය වේවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 251MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *