MENU

Scooby-Doo and Guess Who? [S01 : E07] | ඇස්බැන්දුම….

පිලිගන්නවා හැම දෙනාවම Scooby-Doo and Guess Who කතාමාලාවේ හත්වැනි දිගහැරුමට. මම හිතන්නෙ මේ කතාවෙ මාතෘකාවත් එක්ක බලනකොට ඔයාලට හිතාගන්න පුලුවන් ඇති අද කතාව කොහොමද යන්නෙ කියලා. ඔව් ඔයාලා හිතන විදිහටම තමා.අද කතාව තනිකරම දුවන්නෙ මැජික් වලින්. මොකද අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෝ දෙනනෙක්. මම චරිතය කියලා කලින් සඳහන් කලාට ඇත්තටම අද ආගන්තුක චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි පෙන් සහ ටෙලර් කියන මැජික් ශිල්පියො දෙන්නා. මේ දෙන්න ගැන පොඩ්ඩක් සඳහන් කලොත් මෙයාලා ඇමරිකානු ජාතික මැජික් ශිල්පියෝ දෙන්නෙක්. මෙයාලා ඉන්නෙ ඇමරිකාවෙ ලාස් වේගාස් වල. මෙයාල දෙන්නා අඹ යාලුවො දෙන්නෙක් තමා. බාහිර පෙනුම ගත්තොත් හැබැයි හතරරියන්නුයි දෙරියන්නුයි වගේ. එක්කෙනෙක් හරිම උසයි. අනිත් එක්කෙනා ටිකක් මිටී. උස එක්කෙනාගෙ නම පෙන් ජිලට්.අනිත් කෙනා ටෙලර්. මේ දෙන්නම දක්ෂ මැජික් ශිල්පියො. මේ දෙන්නා එකට සංදර්ශන පවත්වන්නෙ 1970 විතර ඉඳලා.

හරි දැන් ඔයාලා පෙන් සහ ටෙලර් ගැන දැනුවත් උනානෙ. දැන් අපි කතාවට බහිමු.අද කතාව සම්පූර්ණයෙන්නම් වගේ වෙනස් මුහුනුවරක් තමා ගන්නෙ. අද කතාව යන්නෙ හොල්මන් පිරුණු හෝටලයක. ඒ හෝටලය තියෙන්නෙ ලාස් වේගාස් වල. ස්කූබි-ඩූ සහ යාලුවො කට්ටිය එහෙට යන්නෙ කෙනෙක්ගෙ අභියෝගයක් බාරගෙන. එයා මෙයාලට කියලා තියෙනවා මේ හෝටලයේ එක රැයක් ගතකලොත් ඩොලර් මිලියනයක් දෙනවා කියලා. ඉතිං ඒ නිසා තමා මෙයාලා මේ හෝටලයට යන්නෙ. මට කලින් කියන්න අමතක උනා .මේ හෝටලය අතෑරලා දාපු එකක්. කොහොමහරි මේකෙ හොල්මන් කරනවාය කියන්නෙත් වසර ගනනාවකට පෙර හිටපු මැජික් ශිල්පියෙක්. ඉතින් මේ හෝටලය අබියසදි තමයි පෙන් සහ ටෙලර්ව ස්කූබි සහ යාලුවන්ට හමුවෙන්නෙ. කොහොමහරි මෙයාලා ඇවිත් තියෙන්නෙත් අර අභියෝගය භාරගෙනම තමා. මෙයාල කිව්වෙ පෙන් සහ ටෙලර් දෙන්නා. මැජික් ශිල්පියෙක් කොටු කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ. ඉතින් ඔයාලා මොකද හිතන්නෙ. ෆ්‍රෙඩ්ගෙ උගුලකට මැජික් ශිල්පියාගෙ හොල්මන අල්ලගන්න පුලුවන් වෙයිද? මෙයාලට අර ඩොලර් මිලියනය ලැබෙයිද?…… ..

ඔයාලට ඒ කුතුහලය ඉතුරු කරලා මම නවතින්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. තෙරුවන් සරණයි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3.3GB | Complete S01|


Direct Download

| WEB | x264 | 720p | 256MB |

| WEB | x264 | 720p | 3.4GB | Complete S01|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scooby-Doo and Guess Who? [S01 : E07] | ඇස්බැන්දුම….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *