කොහොමද යාළුවනේ. Scooby Doo and Guess Who කතාමාලාවෙ දසවන කතාංගයත් අරගෙන තමා අද මේ ඇවිත් ඉන්නෙ. ඉතින් දිගින් දිගටම ඒකාකාරී විදිහට කතා නිර්මාණය වෙලා තිබුණු නාගරික ප්‍රදේශ වලින් වලින් ටිකක් බැහැර වෙලා, අද කතාව නිර්මාණය කරලා තියෙන්නේ පිටිසරබඳ කඳුකර ප්‍රදේශයක් වටා. අද කතාව ගොඩනැගෙන්නෙ මෙහෙමයි. ස්කූබි-ඩූ සෙට් එක කඳවුරකට යනවා. මේ ගමන ගැන විශේෂයෙන්ම ෂැගී සහ ස්කූබි නම් ඉතාමත් උද්‍යෝගයෙන් ඉන්න බවක් තමා පෙනෙන්නෙ. කොහොමහරි මෙයාලා යන අතරමගදි මෙයාලා යන පැත්තට විරැද්ද දෙසට වාහන පෙලක් හරි කලබලයෙන් වගේ එනවා. ඉතින් ඒක එහෙම උනේ ඇයි කියන කුතුහලයත් හිතේ දරාගෙනම යාලුවෝ සෙට් එක කඳවුරට යනවා.කඳවුරට යනකොට මුලු කඳවුරම පාලුවට ගිහින්. ඒහෙ ඇත්ත ටී-රෙක්ස් කෙනෙක් ඉන්නවා කියලා හැමෝම බය වෙලා යන්න ගිහින්. ආ තවත් දෙයක්. මේ කඳවුර තිබුණු ප්‍රදේෂය අවට තිබිලා ගොඩක් ඩයිනෝසර් ඇට සැකිලි හමුවෙලා තියෙනවා කියලා මෙයාලට පසුව දැනගන්නත් ලැබෙනවා.
T-Rex/Tyrannosaurus-Rex
ටී-රෙක්ස් ගැනනම් ගොඩක් අය අහලා ඇති. ටී-රෙක්ස් කියන්නෙ ක්‍රිටේසියානු යුගයේ මිහිපිට ජීවත්වුණා යැයි සැලකෙන භයානකම, මාංශ භක්ෂක ඩයිනෝසර් වර්ගය. මෙයාලා ජීවත් වුණා යැයි සාධක හමුවෙලා තියෙන්නෙ වර්තමාන උතුරු ඇමෙරිකා මහද්වීපයේ බටහිරබද ප්‍රදේශ වලින් තමා. මෙයාලගේ වර්ගයේ වැඩුණු සත්වයෙක් අඩි 40ක් පමණ දිග හා උසින් මීටර් 4ත් 6ත් අතර ප්‍රමාණයක් වෙනවා. මෙයාලාගෙ සංරක්ෂිත ඇට සැකිළි ඇමෙරිකාවේ කෞතුකාගාර බොහෝමයක දක්නට ලැබෙනවා.
ඉතින් ආයි කතාවට බැස්සොත්. මෙයාලා කොහොමද මේ ඩයිනෝසරයාගෙන් ගැලවෙන්නෙ? මෙයා ඇත්තම ඩයිනෝසරයෙකද? කියන ප්‍රශ්න ඔයාලට ඉතුරුකරලා මම කතාව ගැන කියන එක මෙතනින් නතර කරන්නම්.
දැන් කට්ටිය බලනවා ඇති අද කතාවෙ ආගන්තුක චරිතය ටී-රෙක්ස්ද කියලා.. නෑ නෑ. වෙන ආගන්තුක චරිතයක් ඉන්නවා. එයාගෙ නම වියර්ඩ් අල් යැන්කොවික් (Weird Al Yankovic). මෙයා තමා කතාවෙ මම අර ඉහත සඳහන් කරපු කඳවුර පවත්වාගෙන යන්නෙ. සැබෑ ජීවිතයෙදිත් මෙයා ප්‍රසිද්ධ සංගීතඥයෙක්. මෙයා ඇමරිකන් ජාතිකයෙක්. මෙයාගෙ නමින් ගීත ඇල්බම ගොඩක් සංගීත ලෝකයට දායාද වෙලා තියෙනවා.මෙයාගෙ ගීත ඔයාලට ඕනෙ නම් අන්තර්ජාලයෙන් ලබා ගන්නත් හැකියාව තියෙනවා.
හරි එහෙමනම් එකොලොස්වන දිගහැරුමත් අරගෙන ඉකමනින්ම එන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා.
හැමදෙනාටම තෙරුවන් සරණයි!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 3.3GB | Complete S01|
Direct Download
| WEB | x264 | 720p | 311MB |
| WEB | x264 | 720p | 3.4GB | Complete S01|