MENU

Scooby-Doo and the Monster of Mexico (2003) | දුර සිටින සතුරන්ට වඩා ලඟ සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න!

මෙක්සිකෝව, කියන්නේ උතුරු ඇමරිකාවේ පිහිටි මායා පුරාවෘත්ත තියන රටක්. මේ රටේ ඉන්නවා බොහෝම ධනවත් පවුලක්. ස්කූබි සහ කණ්ඩායමේ යාළුවෙක්. චුපකාබ්රා, මිත්‍යා සත්වයෙකි. චුපකාබ්රා කියන මේ සතා වටා තමා මේ කතාව ගෙතෙන්නේ. ඉතින් කට්ටියම මෙක්සිකෝවට යනවා. කට්ටිය කිව්වේ ස්කූබි කණ්ඩායම. ඒ ගිහින් චුපකාබ්රා කියන සතාව අල්ලගන්න හදනවා. ඇලේහෝ තමා ඔවුන්ගේ යාළුවා. ඉතින් ඇලේහෝගේ ගෙදර සාදයක් තියනවා. සාදයක් කිව්වට ලොකූ සාදයක් නෙමේ. පුංචි පහේ එකක්. ඔය සාදය මැද්දෙක් ටිකක් වෙනස් පුද්ගලයෙක් එනවා. ඇවිත්, මෙයාලගේ ඉඩම් ටික එයාට විකුණන්න කියලා කියනවා. ඔහොම කතාව දිය දහරාවක් මෙන් ඉදිරියට ගලා යනවා. අවසානයේ මලවුන්ගේ දිනය සමරනවා. ඒක සමරන්නේ සොහොනක. ඒකෙදි ඇලේහෝගේ තාත්තා කියලා කෙනෙක් පෙනිහි‍ටිනවා. එයා කියනවා චුපකාබ්රා පස්සෙන් යන්න එපා කියලා. ඊටපස්සේ ඇලේහෝගෙ සහෝදරයා කියනවා, මෙයා අපේ තාත්තා නෙමේ. පෙනුමවත් කටහඬවත් එකක්වත් එයා එක්ක ගැලපෙන්නෙ නෑ කියලා. පස්සෙ පාළු ගෙදරක විද්‍යුත් උපාංගයක් මගින් මෙයාව පාලනය කරනවා. ඉතින් ප්‍රථමයෙන්ම එයාව අල්ලගන්නවා. පස්සෙ මේ චුපකාබ්රාව අල්ලගන්නවා. ඒ චුපකාබ්රා‍ වෙන කවුරුත් නෙමේ. ඒ තමයි…………… ඔය ඇති කියලා හිතුනා. චුපකාබ්රා කවුද කියලා බලාගන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

අපේ baiscopedownloads.xyz වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට ඒකෙ පිටපතක් ලබාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙම නැත්තම් මේ උපසිරසිය බාගත කරගෙන ඒ නම කොපි කරගෙන ගූගල් එකේ සර්ච් කරලත් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මෙසේ ආරම්භවන ස්කූබිඩූ සහ මෙක්සිකෝවේ රාක්ෂයෝ එහෙම නැත්තම් Scooby Doo & The Monsters of Mexico සලරුවේ සිංහල උපසිරසි නිර්මාණයයි මේ රැගෙන එන්නේ. මේක එලිදැක්වුනේ2003 වර්ෂයෙදීය. 2003 සැප්තැම්බර් 30 නිශ්චිතවම එලියට දීපු දිනය. මේකට ගූගල් පරිශීලකයින්93%ක්ද IMDB සාමාජිකයන් 2096කින් 6.5ක අගයක්ද ලැබිලා තියනවා. විනාඩි 75ක් පුරාවටම දිවෙන මේ කතාව ඇනිමේෂන්, ඇඩිවෙන්චර්, කොමඩි කියන වර්ගීකරණයක්ට තමා අයිති වෙන්නේ. ෂැගි, ෆ්‍රෙඩී, ස්කූබි, ඩැෆ්නි, වෙල්මා කියන්නේ මේකෙ ප්‍රධාන චරිත කියලා ආයෙ අමුතුවෙන් කියන්න ඕණ නෑනේ. ‍මේ සඳහා හඬ දායකත්වය සපයන අය මම පිළිවෙලින් කියන්නම්. Casey Kasem (Shaggy),Frank Welker (Fred, Scooby), Heather North(Daphne), Nicole Jaffe(Velma) ඒ අය තමා. මේ සඳහා නිෂ්පාදනයෙන් Hannah-Barbera Productions ආයතනයත්, බෙදාහැරීමේ කටයුතුවලදිWarner Bros. Pictures සමාගමත් සහයෝගී වෙලා තියනවා. අධ්‍යක්ෂණයෙන් Douglas Woodමහතා සම්බන්ධවෙලා තියනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 923MB |

254c8f0ba1b837d2e157370f01dea388e905979a

| BluRay | x264 | 1080p | 1.4GB |

ee63862d87f90098b9089094e68bb30883b2f092

 Direct Download

| BluRay | x264 | 480p | 250MB |

| BluRay | x264 | 720p | 800MB |

| BluRay | x264 | 1080p | 923MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Scooby-Doo and the Monster of Mexico (2003) | දුර සිටින සතුරන්ට වඩා ලඟ සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න!

  • me ekakwath wada karanne naha ,eka link ekakatwath yanna baha 🙁

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *