MENU

Scooby-Doo and the Witch’s Ghost (1999) | ඕක්හේවන්’ හි මායාකාරිය

මේ ෆිල්ම් එක IMDB අගය 7.2 හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මේක මම මීට කලින් උපසිරැසි ගන්වපු  ස්කූබී ඩූ සහ සොම්බි දූපත චිත්‍රපටිය වගේ සාම්ප්‍රදායෙන් පිට පැනපු එකක්.

මොකද මේකෙත් ඒ ෆිල්ම් එකේ වගේම බොරු වෙස්මූණූ දාපු මිනිස්සු වෙනුවට ඇත්තම හොල්මනක් ඉන්නවා. ඒ වගේම ගොඩක් ලස්සන වෙනස්ම කතාවක්.  කතාව ගැන ටිකක් කියනව නම් කට්ටිය කෞතුකාගාරෙක හොල්මන් කරපු දෙන්නෙක්ව අල්ලන්න ගිහින් බෙන් රේවන්ක්‍රොෆ්ට් කියලා ප්‍රසිද්ධ නවකතාකාරයෙක්ව මුණ ගැහෙනවා. වෙල්මා එයාගෙ ලොකු රසිකාවියක්. ඉතින් කොහොමහරි බෙන්ගෙ ගම වෙන ඕක්හේවන් ගම බලන්න යන්න බෙන් මෙයාලට ආරාධනා කරනවා. කට්ටිය ගමට ගියාම දැනගන්නවා ඒ ගමේ ඉස්සර හිටපු මායාකාරියක් වන සේරා රේවන්ක්‍රොෆ්ට්ගෙ භූතාත්මය සැරින් සැරේ මතු වෙලා මිනිස්සුන්ව බය කරනවා කියලා. සේරා කියන්නේ බෙන්ගේ ලේ නෑයෙක්. ගමේ අය කිව්වට සේරා කියන්නෙ මායාකාරියක් කියලා බෙන් නම් කියන්නේ සේරා කියන්නෙ විකන් කෙනෙක් කියලයි. ඒ කියන්නෙ සොබාදහමේ ශක්තිය උකහාගෙන ඒ බලයෙන් මිනිස්සුන්ගෙ ලෙඩ හොඳ කරන්න පුළුවන් කට්ටියක්ලු.  ඉතින් කොහොමහරි මේ සේරගේ අතේ නිතරම ජර්නල් එකක් තිබුනලු. ඒක හොයාගන්න බෙන්ට පුදුම උවමනාවක් තියෙන්නේ. කොහොම කොහොමහරි කතාව අන්තිමට පෙරලෙන්නේ නම් කවුරුවත්ම නොහිතන වෙනස්ම පැත්තකට. ඉතින් ඒ හින්දා ඔයාලට කුතුහලේ ඉතුරු කරලා මම වෙන මුකුත් කතාව ගැන නොකිය ඉන්නම්. ආ මේක නම් කියන්නම ඕනි. අද කතාවේ ෆ්‍රෙඩ් ඩැෆ්නිට මං ඔයාට ආදරෙයි කියලා කියන්නයි හදන්නේ. බලන්නකෝ ෆ්‍රෙඩ්ට ඒක කියාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම මේ ස්කුබි ඩූ චිත්‍රපට මාලාවේ සමහර කතාවලදී ඔයාලට හමුවෙන හෙක්ස් ගර්ල්ස්ලව මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නෙ මේ ෆිල්ම් එකේදි.

ඒ වගේම මේකෙ කියවෙනවා  ”  Salem witch trials ” කියන සිද්ධිය ගැන. එක්දාස් හයසිය ගණන්වලදි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සේලම් කියන ගමේ හිටපු අමුතු හැසිරීම් තිබුන, ඒ කිව්වෙ නිකන් අද්භූත බලයන් එක්ක වැඩ කරපු තරුණ ගැහැනු කට්ටියක්ව යක්ෂයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලා විශේෂ අධිකරණයක් මඟින් චෝදනා කරලා වද දීලා මරලා දැම්මලු. ඊටපස්සෙ දිගින් දිගටම මේක අවස්ථා කිහිපයකදිම සිද්ධවෙලා තියෙනවා. වැඩි විස්තර ඕනි අයට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් ස්කුබි ඩූ චිත්‍රපට බොහොම සීමිත ගාණක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 700MB |  

7f0e3bfb60d1c3427c2e227feb6ba0f5a3ba45ec

Direct Download

| WEB-DL | x264 | 720p | 306MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *