MENU

Scorpion [S04 : E22]| මේ අවසානයද?

ඔන්න එහෙනම් ගෙනාවා, Scorpion විසි දෙවනි කොටස. ඒත් එක්කම කියන්න ඕනේ, හතරවෙනි සීසන් එකේ අන්තිම කොටස තමයි මේ. ජරමර අස්සේ බර කරත්ත වගේ මෙදා පාරත් ගෝනුස්සෝ කණ්ඩායමට හරි හරි ප්‍රශ්න එක්ක තමයි ගැටෙන්න වෙන්නේ.

ස්ලයි ඉන්නවනේ, එයාගේ පෑනේ මිතුරෙක් වුන ඇලෙක්ස් එයාට හදිසියෙම කතා කරලා උදව්වක් ඉල්ලනවා. ඒ තමයි එයාලගේ ගමේ ජෞෂ්ඨයව බේරගන්න ඉන්ධන ගෙනැත් දෙන්න කියනෙක! ඒ මොකක්ද ඒ කියලා දැන් ඔයාලට හිතුනා නේද? ජෞෂ්ඨයා තමයි ඇලෙක්ස් හිටපු ගම සටන්කාමින්ගෙන් බේර ගන්න පුලුවන් එකම කෙනා, නමුත් ඇලෙක්ස් ස්ලයිගෙන් උදව් ඉල්ලන වෙලාව වෙද්දී ජෞෂ්ඨයගෙ ජීවිතේ අනතුරේ වැටිලයි තියෙන්නේ. එයාව ජීවත් කරවන්නේ සංවාතකයකින්. ඒක ක්‍රියා කරවන්න ඕන කරන ඉන්ධන ගේන එක තමයි අද මෙහෙයුම වෙන්නේ. ඕකත් මහ ලොකු දෙයක්ද? වැඩේ අමාරු වෙන්නේ ඉන්ධන ගබඩාවට යන්න තියන පාර බිම් බෝම්බ වළලපු පාරක් වුන එක!

මෙදා පාරත් ගෝනුස්සෝ ටික හොඳ හොඳ අමාරු වල වැටෙනවා. බිම් බෝම්බ වළලපු පාරේ කරදරයක් නැතුව යන්න පුලුවන් මඟක් හොයා ගන්නකොට, තවත් නොසිතූ බාධාවක් එයාලට එනවා. මේ බාධා මැඩගෙන මෙදා පාර අභියෝගයත් ජය ගන්න ගෝනුස්සොන්ට පුලුවන් වෙයිද?

අවසාන කොටස නිසා වැදගත්ම සිදුවීම් කීපයක් බලා ගන්න පුලුවන් වෙයි. වෝල්ටර් මෙච්චර දවස් පේජ්ගෙන් හංඟගෙන හිටපු රහස එළි වෙයිද, දරුවෙක් හදන්න ටෝබි- හැපී ගත්ත තීරණේට මොකක් වෙයිද, ස්ලයි, තමන්ගේ හිතේ තියන ආදරේ ෆ්ලොරන්ස්ට කියයිද මේ හැම ප්‍රශ්නෙකටම උත්තර අද කොටසින් හොයා ගන්න පුලුවන් වෙයි. ඊට වඩා අද වෙන්න යන දේවල් ගැන නොකියා ඉන්නෙක හොඳයි කියලා හිතනවා.

හොඳයි, එහෙනම්, සමුගන්න කලින් කියන්න බොහොම වැදගත් දෙයක් තියනවා. ස්තූතිය පුද කරන්න ඕන ගොඩ දෙනෙක් ඉන්නවා. ප්‍රණීත් මල්ලි කියපු විදියට මේ කතා මාලාවට සිංහල උපසිරැසි ගන්වන වැඩේ පටන් අරන් තියෙන්නේ ශෙරින් අක්කා. පස්සේ මේ වැඩේට කීප දෙනෙක්ම එකතු වෙලා තියනවා. රොයිලි අයියා, ප්‍රණීත් මල්ලි බොහෝ කාලයක් ඔයගොල්ලො වෙනුවෙන් Scorpion අරගෙන ආවා.මට මේ අවස්ථාව ලැබුනේ මම කොහොම වත්ම නොහිතපු වෙලාවක. මේ සීසන් එක අවසාන වෙනකන් සිංහල උපසිරැසිය ගේන වැඩේ වෙනුවෙන් හසන්ත අයියත් සෑහෙන කට්ටක් කෑවා. Scorpion බලලාවත් නොහිටපු කෙනෙක් විදියට මේ වැඩේ මම භාර ගත්තෙ හසන්ත අයියගෙ වචනේ අහක දාන්න බැරි නිසා. දැන් ඉතින් සමුගන්න කාලේ හරි. බොහොම කාර්‍යබහුල වෙලා ඉන්න අතරේ තමා අන්තිම කොටස් කීපය ඔයාලට අරගෙන ආවේ.

ඉතින්, විශේෂයෙන්ම කියන්න ඕනේ කණගාටුවෙන් වුනත්, මින් ඉදිරියට Scorpion වෙනුවෙන් සිංහල උපසිරැසිය ලබා නොදී ඉන්න බයිස්කෝප් සිංහලෙන් අපේ කණ්ඩායම තීරණයක් අරගෙන තියනවා. ඒ නිසා Scorpion එක්ක මෙතුවක් කල් රැඳී සිටී හැමෝටම බොහොම ස්තූතියි. සමුගන්නම්.

ආයුබෝවන්!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 250MB |

701D9DF604613894B5D20509D7A7539BAA5256EC

Direct Download

| HDTV | x264 | LOL | 250MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Scorpion [S04 : E22]| මේ අවසානයද?

  • Me ekkakwath download karanna ba me, please download karanna puluwan widihata hadanna

    Reply
  • Thusitha athula

    Download කරගන්න පුළුවන් විදිහට දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *