MENU

Sense8 (2017) [S02 : E02] | අන්‍යෝන්‍යත්වය.

පසුගිය කතාවේදී ඩොක්ටර් විල්ව හොයාගෙන ඇවිල්ලා වද දෙනවා එයාලා ඉන්න තැන හෝඩුවාවක් දැනගන්න. ඒ වගේම තමයි විල් එක්ක ඩොක්ටර් අඳුරු කාමරේක ඉඳන් කතා කලා වුනත්, එයාගේ පරීක්ශක හැකියාවන් පාවිච්චි කරලා එයා ඉන්න තැන ගැන අනුමාන කරනවා. ඒත් ඒ විදියට හිතන්න පොලඹවන විදියට ඩොක්ටර් කාමරේ හදලා තියෙන වගක් තමයි ඇඟෙව්වේ. කොහොම වුනත් ඩොක්ටර් දන්නවා විල් රයිලි එක්කලා බෝට්ටුවක නැගලා දූපතකට ගියපු වගක්. ඩොක්ටර් නම් තාමත් හිතාගෙන ඉන්නේ එයාලා ඉන්නේ අයිස්ලන්තේ කියලා. ඒකට හේතුව මුහුදු ලිහිණියොන්ගේ සද්දෙයි, මුහුදේ සද්දෙයි වටපිටාවෙන් ඇහුණු නිසා. ඒ වගේම තමයි කෑම බීම සහ බෙහෙත් වල අයිස්ලන්තයට ආවේණික සලකුණු දකින්න ලැබුණු එක. විල් ඒ වෙලාවේ බයවෙලා වගේ රඟපෑවත්, අන්තිමේදී අපිට දැකගන්න ලැබුනේ නම් ඒ දෙන්නත් ඩොක්ටර්ව හොඳටම ගොනාට ඇන්දුවා කියලා. ඒකට හේතුව වුනේ වටපිටාවේ ශබ්ධ වල ඉඳන් එයාලා කන බොන දේවල් පවා ඇමැස්ටර්ඩෑම් වල කාමරේක ඉඳන් රයිලිගේ තාත්තාගේ මාර්ගයෙන් ගෙන්න ගත්තු එකෙන්.

ඒ අතරේ අනිත් අයට එයාලගේම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වුනත් සමස්ථ ගැටලුව වුනු ඩොක්ටර් සහ BPO ගැන වැඩිතුර තොරතුරු දැනගන්න නෝමි බග් වගේම එයාගේ පෙම්වතිය එක්ක එකතු වෙලා ඒ ගැන වැඩිදුර තොරතුරු හොයලා බලනවා. ඒ තොරතුරු හොයාගෙන යන අතරේ නෝමි විල්ට පුංචි කාලේ පේන්න ගත්තු එයාගේ යාලුවෙක් වෙන සේරා ගැන කතා කරන්න පෙම්වතිය එක්ක චිකාගෝ වලට යනවා. එතනදී සේරාගේ අම්මා එක්ක එයාලට කතා කරන්න ලැබෙනවා වගේම තමයි සේරා ගැන කතා කරන්න ආපු ඩොක්ටර්, මලීකි, අන්ජෙලිකා වගේ තවත් අය ගැනත් තොරතුරු දැනගන්න ලැබෙනවා.

මේ විදියට BPO ගැන තොරතුරු දැනගන්න එයාලා වලි කන අතරේ ඩොක්ටර් බ්ලොකර් කරලක් ගහපු නැති වෙලාවක් බලලා එයා ඉන්න තැනක් ගැන හෝඩුවාවන් දැනගන්න විල් මුලු රැයක් තිස්සේම ඇහැරලා ඉඳලා එයා ඉන්න තැන හොයාගන්නවා. විල් අනුමාන කරපු විදියටම ලන්ඩන් වල තමා ඩොක්ටර් ඉඳලා තියෙන්නේ. ඩොක්ටර් (මිල්ටන්) BPO ලොක්කෙක්ව හමුවෙලා කතා බහ කරන අතරවාරයක තමයි මේ විදියට ඩොක්ටර් ඉන්න තැන හොයාගන්න පුළුවන් කම ලැබුනේ. කොහොම හරි නෝමි බග් එක්ක පුළුවන් හැම තැනක්ම හැක් කරලා ඒ ලොක්කගේ හැම දෙයක් ගැනම හාරා අවුස්සලා බලලා එයාගේ නම දැනගන්නවා. නම තමයි කෘම්…

අවසානයේදී ඩොක්ටර්ට හොඳම විදියේ තර්ජනයක් එක්ක තමයි කතාව අවසන් කරන්න යෙදුනේ. “තමුසේ නෙමෙයි අපිව දඩයම් කරන්නේ, අපියි තමුසේ පස්සෙන් එන්නේ” කියලා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 284MB |    

612881b3669761030aa89e4e5444154aa7fc9199

| WEBRip | x264 | SKGTV | 414MB |    

600a7dd7e52681f2d459da984eaa43db22a51704

| WEBRip | x264 | 720p | 1.6GB |    

70930b4d462149c132d2ace1eebf754602ae9d3a

| WEBRip | x265 | 720p | 330MB |    

d94077376cd499aa2f576fe578a42291994ed850

Direct Download

| WEBRip | x264 | 480p | 180MB |          

   | WEBRip | x264 | SKGTV | 414MB |      

  | WEBRip | x264 | 720p | 1.6GB |          

| WEBRip | x265 | 720p | 211MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *