MENU

Sex Education (2019-) [S02 : E05] | ආදර ජරමර (18+)

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක්වේවා. ඔන්න මේ දවස් වල ගොඩක් දෙනෙක් සබ් එක කවද එයිද කියල බලන් ඉන්න Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසට උපසිරස අරගෙන ආවා. ඉතින් බයිස්කෝප් අපෙන් ඔයාලට මේ සීරීස් එකට සබ් එක ලැබෙන්න මූළික හේතුව රඛිත රණතුංග සහෝදරයා. මොකද බයිස්කෝප් පහතමාලයේ අපි මුලින්ම මේ සීරීස් එකට සබ් දෙන්න අවසර ඉල්ලුවා ඒත් ඒකට අවසර හම්බුනේ නෑ. ඒත් අවුරුද්දකට විතර පස්සේ රඛිත සහෝදරයට අවසර ලැබිල තිබ්බ. ඉතින් ඔහුට අපි හැමෝගෙම ස්තූතිය හම්බෙන්න ඕන. එහෙම නොවුනනන් අපිට අද මේ විදිහට මේ සීරීස් එකට සබ් දෙන්න අවස්තාවක් නොලැබෙන්න තිබ්බා.

හරි මම අමුතුවෙන් කතාව ගැන කියන්න බලාපොරොත්තුවක් නෑ හැමෝම දන්නවා මේක මොන වගේ කතාමාලාවක්ද කියල. ඒ වගේම කියන්න ඕන පවුලේ සැමට එකට සිට නරඹන්නනන් බෑ. කොටින්ම තනියම නරඹන එකත් අවදානම්… ඒ වගේම මේ කතා මාලාවේ ගොඩක් කුණුහබ්බ භාවිතා වෙනවා. වෙබ් අඩවියේ නීති රෙගුලාසි වලට අනුව අපිට කෙළින්ම කුණුහබ්බ යොදන්න හැකියාවක් නෑ ඒ නිසා සංඥා භාශාවෙන් (හු***) කුණුහබ්බ ඉදිරිපත් කරල තියෙනවා. ඇත්තටම මේ සීරීස් එකට උපසිරසි ගන්වන එක ලොකු අභියෝගයක් වුනා. සමහර වචන වලට සිංහල වචනයක් නැති අවස්තාත් හම්බුනා. එහෙම තැන් වලදී අදහසට ගැලපෙන විදිහට සහ අර්තයට හානි නොවෙන ආකාරයට වචන භාවිතා කරල ඇති. බොරු කියන්න ඕන නෑ අපිත් සෑහෙන දේවල් ගොඩක් ඉගෙනගත්තා මේ සීරීස් එකෙන්.

හරි විස්තරේ දිග වැඩි වුනා අද කතාව ගැන මොකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේම පෙර කතාව මතක් කරන්න අදහසකුත් නෑ මොකද එක දිගට ඔයාලට කතාව රසවිදින්න සලස්වන්න අපේ සහෝදරයෝ සූදානම්වෙලා ඉන්න නිසා. ඉතිම් මේ කතා සමයේදී රඛිත රණතුංග, රවිදු රුක්ශාන්, පසිදු මදුමාල්, හිරාන් එරන්ද කියන සහෝදර උපසිරසි කරුවන්ගේ එකතුවෙන් තමා ඔයගොල්ලන්ට රසවිදින්න උපසිරසි අරන් එන්නේ. ඉතින් අභියෝගාත්මක කතා මාලාවක්. අපි හැමෝටමත් ගොඩක් ලොකු අත්දැකීමක් ලැබුනා. ඒවගේම විශේෂයෙන් ස්තූතිකරන්න ඕන Thisara Neo, Chamara Sampath(කැස්ටියෙල්) අපේ ඇඩ්මින් අයියලට. අපිට ගොඩක් ගැටළු ආපු තැන් විසදගන්න සෑහෙන්න උපකාර කරා එයාලා. එහෙනන් අවසාන වශයෙන් රඛිත සහෝදරයට ස්තූතිවන්තවෙනවා මේ කතා මාලාවට මාව සහභාගී කරගත්තට. එහෙනන් හැමෝටම සුභ දවසක්!

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 2.6GB | Complete S02

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *