MENU

Shadowhunters: The Mortal Instruments [S03 : E01] | 1ක් ඉවරයි… 33ක් ඉතුරුයි…

ආයුබෝවන් යාළුවනේ… ඔන්න නමෝ විත්තියෙන් මාත් අත්පොත් තිව්වා ටෙලි කතා සමයකට උපසිරැසි ලබා දෙන්න. මේක ඉතිං කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්.. ඒත් ආසවක් තිබුණු නිසාත්, මේ කතා සමය මඟ නතර වෙලා තිබුණු නිසාත් මම හිතුව මෙකට සබ් දෙන්න ඕන කියල.. ඉස්සර වෙලාම කියන්න ඕනෙ, අපි හැමෝම ගොඩක් ස්තුතිවන්ත විය යුතුයි ලහිරු ප්‍රසාද් සහෝදරයට නතර වෙලා තිබුණු මේ කතාව, කතා සමයන් දෙකක් දක්වා අරගෙන ආපු එක ගැන. බොහෝම අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඒ තරමට කතාවක් අරගෙන එන්න ලොකු ඉවසීමක් තියෙන්න ඕනෙ.. මම ලහිරු ප්‍රසාද් සහෝදරයගෙ ඒ අප්‍රතිහත කැපකිරීම බොහෝ ඉහළින් අගය කරනව… මම මේ අරගෙන එන්නෙ ඒ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමය…

පරණ කතාව ටිකක් මතක් කළොත්, කට්ටියට මතක ඇතිනෙ වැලන්ටයින් මරණීය මෙවලම් තුනම හොයාගෙන ඒවා භාවිතා කරල රසීයෙල් කියන සුරදූතය නැවත කැඳවනව.. වැලන්ටයින්ගෙ පුතා ජොනතන් කට්ටිය රවට්ටල මරණීය මෙවලම් ගැන හැම රහසක්ම වැලන්ටයින්ට ලබා දෙනව විතරක් නෙවෙයි ඒව හොයලත් දෙනව.. වැලන්ටයින්ගෙ අරමුණ වුණේ පහළ ලෝක වාසීන් සමූල ඝාතනය කරල උසස් පන්තීන් වල ජීවීන් විතරක් ඉතිරි කර ගන්න එක සහ එම නව ලෝකයේ පාලන බලය තමා සතු කර ගන්න එක.. මේ අවසාන සටන වෙලාවෙදි ජේස් මැරුම් කෑව කට්ටියට මතක ඇතිනෙ.. ඒකට මළ පැනපු ක්ලැරී තමන්ගෙ පියා ඒ කියන්නෙ වැලන්ටයින්ව මරල දැම්ම.. ඒත් ඒ වෙනකොට රසීයෙල් කියන සුරදූතයට කැඳවීම ලැබිල ඇවිල්ල ඉන්නෙ.. ඉතිං ක්ලැරීට අවස්ථාව ලැබෙනව එකම එක ඓතිහාසික වරයක් ලබන්න.. එකම එක වරයක් ඉටු කරන්න සුරදූතය බැඳිල ඉන්නව.. හැබැයි බොහෝ ප්‍රාර්ථනාවන් කරන්න අවස්ථාව තියෙද්දිත් ක්ලැරී ඉල්ලන්නෙ ජේස්ව නැවත මරණයෙන් කැඳවල ජීවිතය ලබා දෙන්න කියල.. ඉතිං සුරදූතය එම වරය ඉෂ්ට කරනව.. ජේස්ට ආපහු ජීවිතය ලැබෙනව.. හැබැයි ජේස් ක්ලැරීව පොරොන්දු කරව ගන්නව තමන්ගේ මේ මරණයෙන් නැඟී සිටීම ගැන කිසි කෙනෙක් එක්ක කියන්න එපා කියල…

ඒ වගේම ජොනතන් මෝර්ගස්ටන් ඒ කියන්නෙ ක්ලැරීගෙ මැරිල කියල හිතාගෙන හිටපු මල්ලි, යක්ෂ ලේ වලින් හැදුණු තවත් අමනුස්සයෙක් කියල හොයාගන්නව. හැබැයි ක්ලැරී, ජේස් එක්ක වෙන සටනකින් බරපතල තුවාල ලබල ජොනතන් ගඟකට වැටිල පාවෙලා යනව.. කෙසේ හෝ ඔහුට හැකියාව ලැබෙනව මාර්ගයක් විවර කරල අමුතු ජාතියේ ජීවීන් පිරිසක් මනුස්ස ලෝකෙට ගෙන්වන්න.. ඒ වගේම එතන ජොනතන්ගෙ අම්ම කියල කියන යක්ෂණියකුත් ඉන්නව..එයා මේ ලෝකෙට ඇවිත් ජොනතන් ලඟට ආව අවසාන කොටසෙ දැක්කනෙ..

ඔන්න අද කතාවෙදි දැකගන්න පුළුවන් ජොනතන්ගෙ අම්ම කවුද කියල.. ඒ වගේම එයාට මොනවද කරන්න පුළුවන් කියලත්.. මේ අතරෙ දිවාචරයා සයිමන් සිලී රැජිණ එක්ක පැටලැවිල ඉන්නෙ මායාගෙ ජීවිතේ බේර ගන්න.. ඒ වගේම සිලී රැජිණ අද කොටසින් සයිමන්ට යමක් කරනව.. ඒකත් බලාගන්න පුළුවන්.. අදත් ක්ලැරීට අමුතු විදියෙ යකෙක් එක්ක හැප්පෙන්න වෙනව.. බලන්නකො එතන මොකද්ද වෙන්නෙ කියල.. ඒ වගේම ඔන්න ඇලෙක්ට අවස්ථාවක් ලැබෙනව ඊඩ්‍රිස් ගිහින් ලොකු තනතුරක් ලබා ගන්න. මැග්නස් ඒකට කොහොම ප්‍රතිචාර දක්වාවිද? ඔයාලම බලාගන්නකො…

එහෙනම් ඊලඟ කොටසින් හමු වෙනකල් ඔයාල හැමෝටම ආයුබෝවන් කියල කියනව.. ඉක්මනින්ම ඊලඟ කොටසත් අරන් එන්නම්…

බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download 

| HDTV | x264 | FLEET | 340MB |    

C8FC40AD7E757736A516E4E775FF98C97CAA5991

Direct Download   

     | HDTV  | x264 | FLEET | 340MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Shadowhunters: The Mortal Instruments [S03 : E01] | 1ක් ඉවරයි… 33ක් ඉතුරුයි…

  • මේකේ සබ් නැද්ද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *