MENU

Shooter [S03 : E06] | රමොන් ගුටියරෙස්..

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් ගෙනාවා SHOOTER තුන්වැනි කතාසමයේ හයවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. හරි එහෙමනම් අපි බලමු කතාවේ ගමන්මග දැන් මොනවගේද කියලා.

කලින් සතියේ පැට්‍රිෂියා ග්‍රෙග්සන්ගෙ උදව්වෙන් අයිසැක්, නාදින් සහ ස්වැගර් ඇතුළු පිරිස ඇට්ලස් එකේ නායකයින් කවුද කියලා හොයාගන්න උත්සහ දැරුවා. නමුත් සිද්දවුනේ කවුරුවත් නොසිතුව දෙයක්. එනම් පැට්‍රිෂියාට සිය ජිවිතයෙන් සමුගන්න වීම.. නමුත් පැට්‍රිෂියා මැරෙන්න කලින් අර කාඩ්පත හැරිස්ගෙ සාක්කුවට දාලා තමයි ගිහිල්ලා තිබ්බේ.. ඒ වගේම හේයස්ගෙ අනුස්මරණ උත්සවේට ඇවිල්ලා හිටිය කාර්ලිටා කෘස් එහෙමත් ආයෙමත් ස්වැගර් කණ්ඩායම එක්ක එකතු වුනා.

ඒ වගේම අපිට දකින්න ලැබුනා ස්වැගර් තමන්ගෙ තාත්තා එක්ක සේවය කළ රමොන් ගුටියරෙස් කියලා පුද්ගලයෙක්ව හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් ලොකු අමාරුවක වැටෙනවා.. ඒකට හේතුව වෙන්නෙ ඇට්ලස් එක බොරු ගුටියරෙස් කෙනෙක්ව එවලා ස්වැගර්ව රවටලා මරන්න හදපු එක.. ඉතින් කොහොමහරි මේ දේවල් යොමුවෙන්නෙත් ඇට්ලස් එක දිහාවටමයි.. පැට්‍රිෂියා ග්‍රෙග්සන් මැරෙන්න කලින් ස්වැගර්ට මේ ගුටියරෙස් කියන පුද්ගලයාවත් සම්බන්ධ කරලා දීලා තමයි මැරෙන්නෙ..

ඉතින් අද ඔන්න ස්වැගර් සහ ජොන්සන් දෙන්නා යනවා මේ ගුටියරෙස් කියන තැනැත්තාව හම්බවෙන්න.. ඔය අතරේ නාදින් හැරිස් සහ කාර්ලිටා එක්ක එකතුවෙලා ඇට්ලස් එක විස්තර හොයාගන්න තමයි උත්සහ කරන්නෙ. මෙතැනදී මෙයාලට දැනගන්න ලැබෙනවා ටයිටන් කියලා සමාගමක් ගැන. ඉතින් ඒ සමාගමට යන නාදින්ව සෑහෙන්න ලොකු අමාරුවක තමා වැටෙන්නේ ඔන්න..

එහෙමනම් මම අද වෙන දේවල්වලින් මෙච්චරයි කියන්නෙ.. ලබන සතියේ THE 100 සමගින් හමුවෙන අපේක්ෂා පෙරදැරිව මා සමුගන්නවා..

එතෙක් ඔබ සැමට ජයෙන් ජය.

 Torrents Download

| HDTV | x264 | SVA | 230MB |

B1C2502D049A08A596321562D2059DFC09F87DED

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

 

| HDTV | x264 | KILLERS | 230MB |

 

| HDTV | x265 | 720p | 200MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *