MENU

Six [S02 : E01] | ආරම්භයම කදුළු කතාවක්!

කට්ටියට මතක ඇතිනෙ බයිකෝප් තුලින් ලබා දුන්න SIX කතා මාලාව. ඒ කතා මාලවෙ දෙවනි අදියරෙ පළවෙනි කොටසෙ උපසිරැසිය අරගෙන තමයි මම මේ අද ආවෙ. ඔව් දවස් දෙකක් වගේ පමා වුනා. අධ්‍යාපන කටයුතු නිසා ඉදිරියටත් පොඩි පොඩි පමා වීම් වෙන්න පුළුවන් ඔන්න කලින්ම කිව්වා. ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා ලිපිය කුඩා වීම ගැන සමාවෙන්න ඕන.මතක ඇති රිප්ගෙ නායකත්වයෙන් සීල් භට කණ්ඩායමක් එක්තරා ගමක රාත්‍රියෙ කල මෙහෙයුම මුටාකි කියලා හදුන්වන ත්‍රස්ත නායකයෙක් අල්ල ගන්න. හැබැයි රිප් ඇතුලු පිරිසට මුටාකිව අල්ල ගන්න බැරිවෙනවා. හැබැයි එහිදි රිප් කෙනෙකුට වෙඩි තියනවා. ඒ මයිකල් කියන කෙනාගෙ මල්ලිට. ඔය හේතු නිසා රිප් තමන්ගෙ කණ්ඩායම අතෑරලා පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩ කරන්න ගන්නවා. ඔය අතරෙදි තමයි නයිජිරියාවෙදි රිප් ඇතුලුව පාසල් ළමුන් පිරිසක් හා ගුරුවරියක් බොකො හරාම් ත්‍රස්තවාදීන් අල්ල ගන්නෙ. මුලින්ම මොවුන් රිප් ඇතුලු පිරිස වෙනුවෙන් යම් මුදලක් ඉල්ලා සිටිනවා. අවසානයෙ රිප්ව මයිකල් අතට පත් වෙනවා. එතන ඉදන් රිප්ගෙ සගයො ටික ඔහුව හොයා යන වැඩේ අරම්භ කරනවා. විවිධ මෙහෙයුම් විවිධ තොරතුරු ඔස්සෙ සීල් කණ්ඩායම ටිකෙන් ටික රිප්ව හොයාගන්න කිට්ටු වුනා. අවසානයෙ සීල් බට පිරිසට පුලුවන් වුනා රිප් ඇතුලු සියළුම ප්‍රාණ ඇපකරුවො බේරගන්න සහා මයිකල්ව අත්තඩංගුවට ගන්න. හැබැයි මේක මෙතනි ඉවර උනේ නෑ.මොකද මයිකල් කලින් සැලසුම් කල දෙයක් ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒ තමයි අපි දැක්කා සීසන් 1 වල අන්තිමට රිප්ට ගෑණු ළමයෙක් වෙඩි තියනවා වගේම ඊලගට කවුද කියලා අහනව. ඔන්න ඔතනින් තමයි දෙවන අදියර ආරම්භ වෙන්නෙ. මේක මෙහෙයවන කෙනා කවුරු උනත් මේ සීල් කණ්ඩායමේ සාමාජිකයො ඉලක්ක කරන බවක් පේන්න තියෙනවා. ඒ වගේම කණ්ඩායමට සහා කතාවට අලුත් මුහුණු කිහිපයක්ද අද ඉදන් එකතු වෙනවා.

ඉතිං අද කොටස ගැන කියන්න යන්නෙ නැ, ඔයාලම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්, ඊලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 375MB |

C481D33C20C4257FB661EE0462EC26977AD08A73

Direct Download    

| HDTV | x264 | 480p | 220MB |

   

| HDTV | x264 | SVA | 376MB |

   

| HDTV | x265 | 720P | 310MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Six [S02 : E01] | ආරම්භයම කදුළු කතාවක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *