MENU

Six [S02 : E06]| “දැන දැනම උගුලකට..!”

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න කාලයක්. ඒ නිසා මේ වගේ ප්‍රමදවීම් සිදුවෙන්න පුළුවන් ඉදිරියේදි වුණත්. එක තැනකදි අපි දැක්ක මෙහෙම ප්‍රමාදවීම් වෙනවනම් ඒක කලින් කතාවෙදි කියන්න හෝ බයිස්කෝප් මංසල මගින් දන්වන්න කියල. ඇත්තටම ඒ සම්බන්ධව මම මොකුත් කියන්නෙ නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන දවසෙ සබ් එක එන්නෙ නැත්නම් දැනගන්න එහෙම වෙන්නෙ මොකක්හරි නොවැලැක්විය හැකි කාරණාවක් නිසා තමයි ප්‍රමාදය සිද්ධ වෙන්නෙ කියල. එතකොට අලුතෙන් කොහෙදිවත් මතක් කරන්න ඕන නැහැනෙ. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ ලගම මිත්‍රය වෙන හෝල් සහා එයාගෙ සහයකයො දෙන්නෙක් කලින් පැහැරගත්තා. ඉල්ලීම වුනේ මෙච්චරයි, හෝල් වෙනුවට නැස්රිව දෙන්න කියලා. ඔය අතරෙ ජීනා උත්සහ කරනවා මයිකල් ලවා කෙනෙක්ව අදුන ගන්න. හැබැයි මයිකල් මේ මනුස්සයව දන්නෙ නෑ කියලා කියනවා. දන්නවනෙ ජීනා ගැන, ඉටියෙන් හෝ මැටියෙන් වැඩ ගන්න ජාතියෙ ගෑණියක්. ඉතිං ජීනා කෝමහරි හොයාගන්නවා මයිකල් මේ මනුස්සයව දන්න විත්තිය. ඊලග කාරණේ වෙන්නෙ මේ කෙනාගෙන් හෝල්ව තියන් ඉන්න තැන දැනගනන්න එක. ඒකනම් මයිකල් ගානට නූලට කරලා දෙනවා. කොහොම නමුත් පස්සෙයි දැනගන්න ලැබෙන්නෙ කුමාරයා ප්‍රාණ ඇපකාරයො හුවමාරුවකට සූදානම් බව. මේ කාරණේ මයිකල්ට එච්චර සුබ දෙයක් නෙවෙයි. මොකද මයිකල් කුමාරයා ලගට යනවා කියන්නෙ මැරුණා හා සමානයි.

ඊලග කාරණේ තමයි ඇලෙක්ස්, දන්නවනෙ ඇලෙක්ස්ට වෙඩි වැදුන විත්තිය. හැබැයි ඇලෙක්ස්ට හොද වුනත් ආපහු තමන්ගෙ අතේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය ලබා ගන්න බැරිවෙයි කියල තමයි දොස්තර කියන්නෙ. ඒත් ඇලෙක්ස් සූදානම් නෑ ඒක පිලිගන්න. ඔය අතරෙ තමයි ඇලෙක්ස්ට ඩෝවන් මුන ගැහෙන්නෙ. දෙන්නා ගොඩක් සමීප වෙනවා. හැබැයි අන්තිමට ඩෝවන් ඇලෙක්ස්ට නොකියම යන්න යනවා.

සීල් ටීම් එක පුහුණු සැසියකට යන්න හිටියා මතක ඇති, හැබැයි හදිසියෙම ඒක නතර කරලා මෙයාලට ජීනත් එක්ක යන්න වෙනවා ප්‍රාණ ඇපකාරයො හුවමාරුවට. ඔතනින් තමයි අද කොටස ආරම්භ වෙන්නෙ. හුවමාරුවට ගෙනියන්න ජීනා මයිකල්ව එක්ක එනවා. හිතා ගත්තෑකිනෙ මොනා වෙයිද කියලා. ඔව් අපේ ටීම් එක මේ ගැන ගොඩක් තරහින් ඉන්නෙ. ඒත් කරන්න දෙයක් නෑ නියෝග වලට අනුව වැඩ කරගෙන යන්න වෙනවා මේ අයට. මේ අතරෙ ටීම් එකට මගදි අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වෙනව. මේ අස්සෙ නැස්‍රි පැනල යනව. කට්ටියට පහර දුන්නෙ කවුද?  නැස්‍රිව අල්ල ගන්න පුළුවන් වේවිද? ඒ වගේම හුවමාරුව සිද්දවෙන්නෙ කුමාරයා කියන තැනකදි. කට්ටියට නැස්‍රිව එතනට අරගෙන යන්න පුළුවන් වේවිද?

ඉතිං අපි බලමු මොන වගේ දෙයක් අද කොටසෙ වෙයිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු.  ජය වේවා..!

“ලිපිය – ලහිරු ප්‍රසාද්”

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

|  HDTV | x264 | SVA | 350MB |

 8A572D5FC8CFFAB32F367DF91BB806F29FAF75CE

Direct Download

| HDTV | x264 | SVA | 350MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Six [S02 : E06]| “දැන දැනම උගුලකට..!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *