MENU

Somewhere Between (2017) [S01 : E01] | ජීවිතය සමඟ සෙල්ලම් කරන ඉරණම!

ලෝරා ප්‍රයිස් – රූපවාහිනී මාධ්‍යවේදිනියක්. ඒ වගේම තමන්ගේ අවුරුදු 8 ක දුවට පණ ඇරලා ආදරය කරන අම්මා කෙනෙක්. නොදන්නා අපරාධකරුවෙක් තමන්ගේ එකම දියණියව පැහැරගෙන ගිහින් මරලා දැම්මම, ඇයගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ඇය ජීවිතේ නැති කරගන්න උත්සාහ කරද්දි සිද්ධ වෙන්නේ නොහිතූ දෙයක්. ඇය දවස් 8 ක් ආපස්සට එනවා, ඇයගේ දියණිය ජීවත් වුන කාලෙට. පෙනි පෙනී එන මරණයෙන් දියණියව ගලවා ගන්න, ඇයට තිබෙන්නේ මේ අවස්ථාව විතරයි නම්?

නිකෝ ජැක්සන් – පොලිස් සේවයෙන් පහ කරපු පොලිස් නිලධාරියෙක්. නොහිතපු මොහොතක මැරෙන්න යද්දි, ලෝරාට වගේම කාලයෙන් ආපසු එන්න අවස්ථාවක් ඔහුටත් ලැබෙනවා. නොකළ වරදකට පෝරකේට ගිය තමන්ගේ අයියාව බේරගන්න, තව දවස් 8 ක් ලැබිලා තියෙද්දි, ඒ වෙනුවෙන් ඔහු මොනවා නොකරයිද?

ටොම් ප්‍රයිස් – දිස්ත්‍රික්කයේ බලවත්, ප්‍රධාන නීතිඥවරයා, ඒ වගේම ලෝරාගේ ආදරණීය සැමියා. තමන්ගේ පවුල රැකගන්න ඕනිම දෙයක් කරන කෙනෙක්. නිකෝගේ අයියට මරණීය දණ්ඩනය ලබා දෙන්න ඔහු මේ තරම් උත්සාහ කරන්නේ ඇයි? ඔහු වැඩ කරන්නේ කාටද?

ඇමරිකානු ABC නාලිකාව මගින් 2017 ජූලි 24 වෙනිදා සිට විකාශය වුනු, IMDBමීටරයේ 6 ක අගයක් ගන්න සමත්වුණු, Somewhere Between කතා මාලාවේ ඇරඹුමයි මේ. කොටස් 10 කින් සමන්විත මෙම කතා මාලාව, Drama, Mystery ගණයට ඇතුලත් වෙනවා. God’s Gift: 14 Days කියන කොරියානු කතා මාලාව ඇසුරින් මෙය නිපදවෙලා තිබුනත්, මේක එක හුස්මට බලන්න පුළුවන්, වේගවත් වගේම ක්‍රියාදාම තියෙන කතා මාලාවක්. නළු නිළියෝ ගැන කියනවා නම්,

· Déjà Vu (2006)Mission: Impossible – Ghost Protocol (2011)Warcraft (2016) චිත්‍රපට වල රඟපෑ Paula Patton – ලෝරා ප්‍රයිස් ලෙසත්,

· Final Destination (2000), වගේම Nikita කතා මාලාවේ රඟපෑ Devon Sawa – නිකෝ ජැක්සන් ලෙසත්,

· Teen wolf කතා මාලාවේ ක්‍රිස් ආජන්ට් ලෙස රඟපෑ JR Bourne – ටොම් ප්‍රයිස් ලෙසත්, මෙහිදී දැකගත හැකියි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 205MB |    

f69782cabb6f82df5b264adda73d62c8efbe641c

| HDTV | x264 | FLEET | 292MB |    

efa61b9c4531e630462b6169665f8533aec0886b

| HDTV | x264 | 720p | 856MB |    

82716e4c999b799e35f055036d686ac4a8986e91

| HDTV | x265 | 720p | 215MB |    

eca55e3a6a91cd0ace893be42f78549454de5012

Direct Download

| HDTV | x264 | 480p | 176MB |

  

| HDTV | x264 | FLEET | 292MB |

       

| HDTV | x264 | 720p | 856MB |

       

| HDTV | x265 | 720p | 274MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *