MENU

Stand by Me (1986) | සයුරේ රළ සේ, අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා!

අපේ ජීවිතයේ ආ මඟ දිහා එක්වරක් හැරිලා බැලුවොත් සිනහව, කඳුල, ආදරය, වේදනාවන්, රිදවීම්, බිඳ වැටීම් දහසකුත් එකක් ඇති බව ඔබට පෙනේවි. ඒ දහසකුත් එකක් හැලහැප්පීම් විඳ දරා ගන්නට රුකුලක් වුන මිත්‍රයන් ඔබේ මතකයට පිවිසේවි. ලේ බැඳීමක් නොතිබියදීත් අපේ ජීවිත එලිය කරන, ජීවිතය විඳ ගන්න දිරි දෙන, කිසිඳු ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන කළ්‍යාණ මිත්‍රයන් ලබන්නත් වාසනාවක් ඕනේ නේද? ඉදින්, කල්‍යාණ මිත්‍රත්වය හරි අපූරු බැඳීමක් නේද! මම ඔබට පුද කරන මිත්‍රත්වය, ඔබ මට පුද කරන මිත්‍රත්වය අපේ මතක ගොන්න හැමදාමත් සුන්දර එකක් කරනවා ඇති. වසරක් ගත වුනත්, වසර පහක් ගත වුනත්, වසර දහයක් ගත වුනත්, තව වසර ගණනාවක් ගත වුනත් බයිස්කෝප් සිංහලෙන් අපේ වත්කම, ආදරණීය ඔබේ මිත්‍රත්වය වන්නේ අන්න ඒ නිසාමයි. බයිස්කෝප් සිංහලෙන් අභිමානවත් නවවෙනි වසරට පා තබන මේ මොහොතේ මගේ ආදරණීය රසික රසිකාවියන් වෙතට මේ ගෙන එන්නේ එවන් වූ මිත්‍රත්වයේ අපූර්වත්වය මොනවට කියා පාන සිනමා සිත්තමක්.

1986 වසරේ තිරගත වූ Stand by me චිත්‍රපටය IMDb දර්ශකයේ 8.1 ක් වගේ අතිවිශාල අගයක් ලබා ගත්ත, Rob Reiner ගේ අධ්‍යක්ෂණයෙන් කලඑලි බැහැපු, සුපිරි නළු Keifer Sutherland පවා රංගනයෙන් දායක වුන, සම්මාන රාශියකට නිර්දේශ වුන, ඒ වගෙම සම්මාන රාශියකින් පිදුම් ලබපු, මේ වෙද්දි IMDb ටොප් 250 ඇතුළේ තියෙන සුපිරි නිර්මාණයක්. අසභ්‍ය වචන එමට තිබුන නිසා ඒවා ගොඩක්ම අයින් කරන්න වුනා, ඒ වුනත් කතාවට හානියක් නොවෙන්න, හිනා වෙන්න පුලුවන් විදියට උපරිමයෙන් සිංහලට නැගුව නිසා, කම්මැලිකමක් නැතුව එකදිගට නරඹන්න පුලුවන් අපූරු චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

කතාව දිගහැරෙන්නේ සාර්ථක ලේඛකයෙක් වුන ගෝර්ඩි ලාචාන්ස්, 1959 වසරේ ඔහු අවුරුදු දොළහක ළමයෙක් වෙලා හිටපු කාලේ කැස්ල් රොක් වල සිදු වුන සිදුවීමක් පදනම් කරගෙන ඔහුගේ මතකය අලුත් කර ගන්නා ආකාරය වටායි. අවුරුදු දොළහක වයසට සිතින් පියමනින ඔහුට හමු වන්නේ සොරෙක් ලෙස හංවඩු ගැසූ ක්‍රිස් චෑම්බර්ස්, තමන්ගේම පියාගෙ දරුනු වධ හිංසාවල ගොදුරක් වූ ටෙඩී ඩුචෑම්ප් සහ කෑදරයෙකු ලෙස උසුළු විසුළුවට ලක් වන වර්න් ටෙසෝයි. අතේ ඇඟිලි පහ එක වගේ නැත්තාක් මෙන් මේ සිව් යහලුවන්ගේ විවිධත්වය ඔබත්, මමත් ගෙන යන්නේ සුන්දර ළමා කාලයේ අපූරු මතකයන් ගොන්නක් වෙතටයි. අවුරුදු දොළහක් ගත වන තෙක් මළ සිරුරක් නොදැක තිබූ මේ දඟකාරයන් සිව්දෙනාට දිනක් හදිසියේම අතුරුදහන් වී සිටින දරුවෙක් ගේ මළ සිරුරක් පිළිබඳ හෝඩුවාවක් ලැබෙනවා. මේ හෝඩුවාව ගේන්නේ කෑදරයා වුන වර්න්. මළ සිරුරක් කොයි වගේද කියන ප්‍රශ්නයට උත්තර හොයාගෙන මේ දඟකාරයන් යන වීර චාරිකාව අවසාන වන්නේ ඔවුන් තවත් නොසරුප් බසින් බැන අඩ ගසා ගන්නා, පුංචි දේටත් රණ්ඩු වෙන, සමච්චල් කරන, කෙළිලොල් අවුරුදු දොළහේ දඟකාරයන්ගේ මානසිකත්වයෙන් මේරූ වැඩිහිටියන්ගේ මට්ටමට ගෙන එමින්!
.
ජීවිතයේ අපට හමුවෙන නා නා ප්‍රකාර මිතුරන් අතරේ එක් මිතුරෙක් ඔබේ හදවතේ තාමත් රැඳී ඉන්නවා නේද? සමහරවිට ඔහු හෝ ඇය නිතරම මුණ නොගැසෙනවා වෙන්න ඇති, ඔහු හෝ ඇය ආයිත් කිසිම දිනක මුණ ගැහෙන්න නොහැකි තැනක ඉන්නවා වෙන්න ඇති, ඒත් ඒ බැඳීම අමතක කරන්න බෑ නේද? ගෝර්ඩි ගේ හදවතේ ක්‍රිස් රැඳෙන්නෙත් අන්න ඒ තැනයි. සැබෑ මිත්‍රයෙකුගේ ආදරණීය මතකය! ඔබ නෑසු කතාවක් ගෝර්ඩි ලාචාන්ස්ගේ හඩින් අසන්නට, ඔහුගේ මතකයන් ඔස්සේ සදාකාලික මිතුදමේ මතකයන් අලුත් කරගන්නට බයිස්කෝප් සිංහලෙන් අප සමඟ අත්වැල් බැඳගත් ආදරණීය ඔබේත් අපේත් මිතුදමට වසර නවයක් සපිරෙන මේ මොහොතේ ආදරයෙන් ආරාධනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRIP  |  1080p | x264 | 1.2GB  |

AF1DBC1840DB7F7E51CA20F546A21903CF2ECF12

| BRRIP  |  720p | x264 | 700MB  |

E2DCA9CF7359F726980293F8EBC4078458C0D7D6

 Direct Download

 | BRRIP  | 1080p | x264 | 1.2GB  |

 | BRRIP  | 720p | x264 | 700MB  |


අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *