MENU

Strike Back [S07 : E04] | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්..

පසුගිය සතියෙන්

ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ රටේ හුගක් ප්‍රසිද්ධ චරිතයක් වගේම තවත් දරුණු දාමරික නායකයෙක් වගේම එයාගේ කට්ටියයි. මේ අයට ඕන වෙලා තියෙන්නේ මිසයිලය පොඩි කොටස් වලට වෙන් කරලා සූට්කේස් එකක අරන් යන්න පුලුවන් විදිහේ පුංචි පුපුරන බෝම්බ බවට පත් කරන්න. මේ වෙනුවෙන් මේ මිනිස්සු ඉන්දියාවේ ඉන්න න්‍යෂ්ටික වැඩසටහනකට සම්බන්ධ විද්‍යාඥයින් තුන්දෙනෙක්ව පැහැර ගන්නවා. උන්ගේ වැඩ කර කරා ඉන්න අතරේ එක විද්‍යාඥයෙක් වැඩ කරන තැනින් පැනලා යන්න ගිහින් මැරෙනවා. තවත් එක්කෙනෙක් පැනලා යන ගමන් ඉද්දි සෙක්ෂන් 20 එකේ අය එයාව බේරගෙන යද්දී ටීම් එකට කොල්ට්‍රේන් එකතු කරගත්ත අලුත් පරිඝනක දැනුම තියෙන කෙල්ල මුල්ම දවසෙ එයාගේ වැඩ අනාගෙන විද්‍යාඥයව අරන් ආව ටීම් එකේ අනික් අයටත් පාර වරද්දලා විද්‍යාඥයට මැරෙන්න වෙනවා.

මේ අතරේ ස(ර්)කෝවාට එයාගේ කර්නල්ගෙන් ලැබිලා තිබුණු බල කිරීම නිසා එයා සෙක්ෂන් 20 එකේ අයගේ සිස්ටම් එක හැක් කරලා ඒකට හොරෙන්ම රිංගලා මේ අයගේ තොරතුරු පවා හොරකම් කරලා ඒවා එයාගේ කර්නල්ට යවලා තිබුනා. එච්චර දෙයක් කරලා එතනින් මාරු වෙලා යන්න හදද්දී කොල්ට්‍රේන්ට එයාව අහුවෙලා ප්‍රශ්න කරද්දී තමයි හරියටම සිද්ධිය ගැන දැනගන්න ලැබුනේ. කතාවේ අන්තිමට වාර්ටක්ගෙ දාමරිකයෝ ටික සෙක්ෂන් 20 එකේ අය නැවතිලා හිටිය තැනට කඩාගෙන පාත්වෙලා ඒ අයට පහර දෙනවා. ඒ වෙලාවේ එතන හිටියේ කොල්ට්‍රේන්, ස(ර්)කෝවා වගේම කෝප්‍රල් චෙට්‍රි විතරයි. කොල්ට්‍රේන්ටයි, චෙට්‍රිටයි පැනලා යන්න ඉඩ ලබා දීලා හතුරන්ට පහර දෙන්න ගියපු ස(ර්)කෝවාට දාමරික කණ්ඩායමේ නායකයාගෙන්ම වෙඩි වදිනවා. ස(ර්)කෝවා මැරුණද නැද්ද කියන එක තාමත් ප්‍රශ්නයක්. වා(ර්)ටක්ගේ අරමුදල් සම්පාදන සාදයට යන නෝවින් වගේම මැකලැස්ටර් වා(ර්)ටක්ගේ පුද්ගලික නීතිඥයව පැහැරගෙන එතනින් එද්දී වායට්ව එතන හිටිය වා(ර්)ටක්ගේ කට්ටියට අහුවෙනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB | x264 | PHOENiX| 395MB |

Direct Download  

| WEB | x264 | PHOENiX | 395MB |     

         

| WEB | x265 | 720p | 288MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Strike Back [S07 : E04] | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්..

  • I can’t download that TV series (strike back s7 e4)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *