MENU

Strike Back [S07 : E07] | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම!

පසුගිය සතියෙන්

කලින් කොටස ගැන කියනවනම් නෝවින් වගේම ස(ර්)කෝවා දෙන්නව අහු වෙලා හිරෙත් ගියා. ඒක හිතාමතා කරපු දෙයක් නම් නෙවෙයි ඒත් සාසාගේ සල්ලි වලට වැඩ කරන නිලධාරියො හැමතැනකම වගෙ හිටියා. ඉතින් එයින් හිර ගෙදරක් පාලනය කරපු ගෑනියෙක් වැඩ කරලා තිබුනෙත් සාසාගේ සල්ලි වලට. ඒ ගෑනි හැදුවේ මේ දෙන්නවම හිරේ ඉද්දීම අනතුරක් වෙච්ච ගානට සිර රැදවියන් කිහිප දෙනෙක් ලවා මේ දෙන්නව මරලා දාන්න. ඒත් ඒක කරන්න පුලුවන් කමක් ලැබුනේ නැහැ. හැබැයි ඉතින් මේ දෙන්නව අල්ලගද්දි එයාලා ලග තිබුණු හැම උපකරණයක්ම වගේ හිරගෙයි පාලනය කරපු අය ගත්ත නිසා උන් ඒ වෙද්දී හැම තාක්ෂණික උපකරණයක් කඩලා දාලා තිබුනේ. මේ නිසාම න්‍යෂ්ටික උපකරණ තියෙන තැන හොයාගන්න තිබුණු අවස්තාව ඒ අයට නැතුව යනවා.

මේ අතරේ චෙට්‍රිගේ උදව් ඇතුව ඇලෙක්සැන්ඩර්ට දැනගන්න ලැබෙනවා ගිලෙප්සී සාසා එක්ක වැඩ කරන කෙනෙක් වගේම මේ අයගේ මෙහෙයුම් වලදී පවා දීපු හැමදේම කලේ එයා කියලා. කොහොම හරි එයාගෙන්ම දැනගන්න ලැබෙනවා සාසා සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ හංගන් ඉන්න තැන ගැන. ඒ දේවල් කියලත් ගිලෙප්සී ආයෙමත් වතාවක් ඇලෙක්සැන්ඩර්ට පිටු පාලා හොරාට යන්න හදද්දී පාවෙල් ඇවිත් එයාව අල්ලන් ගියා සාසාගේ අංගනය දිහාවට. එතනදී ඇත්තටද එහෙම නැත්තම් බොරුවටද මන්දා පාවෙල් හැදුවේ සූට්කේස් න්‍යෂ්ටික බෝම්බ සල්ලි වලට අරගන්න. වැඩේ නම් කරන්න හම්බුනේ නැහැ මොකද ඒ වෙලාවේ එතනට 20 එකෙ අය ආව නිසා. සාසාගේ අංගනයට කඩාගෙන පාත්වෙන 20 එකේ අය සාසාවත් මරනවා. ඔය අතරේ එතන හිටිය ගිලෙප්සීටත් වෙඩි වැදිලා මැරිලා යනවා. එතන තිබුණු න්‍යෂ්ඨික බෝම්බ හොයාගන්න වායට්ට ඇලෙක්සැන්ඩර්ගෙන් නියෝග ලැබෙනවා ඒ බෝම්බ ටික අරන් කියලා. ඒත් එයා යන්න කලින් එයා ගොඩ වැදුණු ට්‍රක් එකට ස(ර්)කෝවා වගේම පාවෙල්වත් ගොඩවද්ද ගන්නවා. ඒ නිසාම වැඩි දුරක් යන්න කලින් පාවෙල් වායට්ගෙ බඩට වෙඩි තියලා ට්‍රක් එකෙන් එලියට විසිවෙලා යන්න පහරක් දෙනවා. ලේ යන ගමන්, මැරෙන්න පණ ඇද ඇදා ඉන්නකොට එයාගේ ටීම් එකේ අය ඇවිත් එයාව බේරගත්තා.

මතක තියාගන්න ලබන සතියෙ නම් මේ වෙද්දී සුපර්නැචුරල් එකේ සබ් එක අරන් ආවත් ස්ට්‍රයික් බැක් එකේ සබ් එක නම් අරන් එන්න වෙන්නෙ නැහැ. මොකද බාරගත්ත සබ් කිහිපයක් ගොඩනැගිලා තියෙන නිසා.

ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම. ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB | x264 | PHOENiX | 390MB |

Direct Download  

| WEB | x264 | PHOENiX | 390MB |     

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Strike Back [S07 : E07] | මහා ත්‍රස්ත කැරැල්ලකට සුදානම!

  • Supernatural download karata zipcod akak wath penna n.a. line dala dennn nawatha

    Reply
  • sajithlakshan

    thanks………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *