MENU

Supergirl [S03 : E17] | සහෝදරියන් තිදෙනා… …

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් මේ රැගෙන ආවේ Supergirl තෙවැනි සමයේ 17වැනි කොටසයි. එහෙමනම් අපි බලමු අද කොටසෙ මොකද වෙන්නෙ කියලා.ගිය සතියෙ දැක්කනෙ සුපර්ගර්ල්ට අවසානයෙ දැනගන්නට ලැබෙනවා සෑම් තමයි රෙයින් කියන්නෙ කියලා. ඒ වගෙම පෙස්ටිලන්ස්, පියුරිටි, රෙයින් තිදෙනාගෙ එකමුතුව සිද්ද උනා. අන්තිමේ ලීනාට සිද්ද උනේ තමන් නොහිතුව දෙයක්. ඔන්න අද ලීනාව DEO එකට රැගෙන ගිහින් ප්‍රශ්න කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න කිරීමෙදි ලීනා ගාව තවමත් ක්‍රිප්ටොනයිට් තියෙන වගක් හෙළි වෙනවා.

ඒ වගෙම අද ලෝකමරුවන් තිදෙනා උත්සහ දරන්නෙ තමන්ගෙ මානුෂීය රූපය සදහටම විනාස කරලා දාන්න. පෙස්ටිලන්ස්නම් ඒ කාරිය ක්ෂනිකවම කරගන්නට සමත් වෙනවා. ඒ අනුව ග්‍රේස් මිය යනව.. ඉතින් රෙයින් සහ පියුරිටි දෙන්නටනම් සෑම් සහ ජූලියා නසා දැමීම තරමක් අසීරු වෙනවා. ඒක තවතවත් අසීරු වෙන්නෙ සුපර්ගර්ල් ඇලෙක්ස් සහ ලීනා සමගින් ලෝකමරුවන් ඉන්න විකල්ප මානයට යන නිසායි. සුපර්ගර්ල්ගෙ මනස මේ මානයට සම්බන්ද වෙන්නෙ කෙසේද යන වගනම් ඇත්තටම ගැටළුවක්. ඒ වගෙම අද ඇතිවෙන සටනින් සුපර්ගර්ල්ට වාසිදායක දෙයක් තමයි අවසානයෙ සිද්ද වෙන්නෙත්.

හොදයි එහෙමනම්. මේ ටික ඇතිවෙයි කියලා හිතනවා. ඔබ සැමට ජයෙන් ජය! THE 100 උපශීර්ශ රැගෙන එන්නනම් මදක් පමාවෙයි. ඉවසීමෙන් ඉන්නලා එහෙනම්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 250MB |  

C109BA880FE6E745E1D714089E7A2746B092188E

 Direct Download 

| HDTV | x264 | SVA | 260MB |       

         

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supergirl [S03 : E17] | සහෝදරියන් තිදෙනා… …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *