MENU

Supergirl [S03 : E20] | ආර්ගො නගරය

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් 3වන කතාසමයේ 20වන කොටස. ඔව්, ඔව් අදත් ටිකක් පමා උනා තමයි.. ඒ අනුව තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් තුනක් පමණයි.. ඒ කොටස් ත්‍රිත්වය පමාවක් නැතුව ලබාදෙන්න මම අපේක්‍ෂා කරනවා.. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා…

ගිය සතියෙ මතකයිනේ අර කෝවිල්ගෙ නිකායෙන් පැනගත්ත ගෑණු ළමයෙක් පොතකුත් උස්සගෙන ආවා ජේම්ස් ඔල්සන්ව හම්බවෙන්න. එයා ඇවිත් කිව්වේනම් කෝවිල්ගෙ අනුගාමිකයො බෝම්බයක් හදන්න උත්සහ කරනවා කියලා. පස්සේ ඉතින් සුපර්ගර්ල් ඒ ගැන හොයලා බලද්දී දැනගන්න ලැබුනානේ එයාලා හදන්නේ බෝම්බයක් නෙවෙයි ඊටත් වඩා නරක දෙයක් කියලා.. ඒ අයට ඕන වෙලා තිබ්බේ අළුත් ලෝකමරුවෙක්ව නිර්මාණය කරන්නයි. මොකද ඉස්සර සුපර්ගර්ල්ව තමන්ගෙ දෙවියා කියලා පිළිගත්තු හැමෝම වාගේ දැන් රෙයින්ව තමයි තමන්ගෙ ගැලවුම්කාරිය විදිහට පිළිගන්නේ.. ඉතින් ඒ කණ්ඩායමේ නායිකාව විදිහට කටයුතු කලෙත් සුපර්ගර්ල් හොදට දන්න කියන කෙනෙක්…

ඉතින් කට්ටියට මතක ඇතිනේ යුඩා කැල් කියන පාෂාණයක් හොයාගෙන අන්තිමේට මොන් එල් සහ සුපර්ගර්ල් අභ්‍යවකාශයට පිටත් උනා.. ඉතින් දුර ඈත අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ පහක් ගියාට පස්සේ අද ඔන්න මෙයාලා එතනට ළගා වෙනවා.. හැබැයි එතැනදී දකින්න ලැබෙන දෙයින් මම හිතන්නේ හැමෝම පුදුමයට පත්වෙයි.. උල්කාපාතයක පාවෙන ගෝලයකින් ආරක්ෂා වුන සමස්ත නගරයක්ම එතැනදී දැකගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒක දැක්ක ගමන් මටනම් මතක් උනේ Under the dome කියන ටීවී කතාමාලාව.. ඉතින් මේ නගරේ ඇතුලෙ තමයි සුපර්ගර්ල් හොයාගෙන ගිය පාෂාණය තියෙන්නෙ…

මේ නගරෙට ඇතුල් උනාට පස්සේ සුපර්ගර්ල් සහ මොන් එල් දෙන්නම බල රහිත වෙනවා. කවුදෝ මන්දා එයාලටත් පහරදෙන්නත් උත්සහ කරනවා.. ඉතින් ඉස්සරහට ගිහින් බලද්දී එයාලට දැකගන්න ලැබෙනවා ඒ නගරේ අයත් මිනිස්සුන්ගෙ හැඩරුවම තියෙන පිරිසක්ය කියලා.. ඔය අතරේ රෙයින් එහෙමත් එන්න එන්නම බලවත් වෙන පාටක් තමයි පෙන්නුම් කරන්නෙ. ඒ වගේම දැන් ආයෙම ඇලෙක්ස්ගෙ විකාර වැඩි වෙන පාටක් තමයි පේන්නේ.. ඉස්සර මැගීයෙක් අල්ලගෙන කතාව එපා කෙරුවා, දැන් රූබියෙක් අල්ලගෙන කතාව එපා කරවනවා..

හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. ඔයාලම බලන්නකෝ අද කොටසින් මොනාද වෙන්නෙ කියලා. එහෙමනම් ලබන සතියේ හමුවෙන අපේක්‍ෂාවෙන් මම සමුගන්නවා..

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 270MB |  

3699D9CF04C4F211A113E020985B02DB3A566DFA

| HDTV | x265 | 720p | 223MB |

2b63775fa52d9095ad4a7686ae5d9f8e29e8c517

 Direct Download 

| HDTV | x264 | 480p | 180MB |

   

| HDTV | x264 | 720p | 940MB |

   

| HDTV | x265 | 720p | 245MB |

   

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Supergirl [S03 : E20] | ආර්ගො නගරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *