MENU

Supergirl [S04 : E10]| ඇලෙක්ස්ගේ සමුගැනීම..!

ආයුබෝවන් යාළුවනේ!
ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ තමයි මේ ආයෙත් සුපර්ගර්ල් ඔයාලව හමුවෙන්න එන්නෙ. ඇත්තටම වැඩ රාජකාරි ගොඩ එක්ක මේක ලබාදෙන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ඉඩ ලැබුණු හැම වෙලාවෙම ලයින් 10, 15 ගාණෙ ටයිප් කරල තමයි අද මේක ගොඩදාගන්න හැකියාව ලැබුණෙ.

පසුගිය කොටස් වලින්..
ඉතිං ක්‍රොස්ඕවර් එකට කලින් කොටස බැලුවනම් කට්ටිය දන්නවනෙ නියා නාල්ගෙ ස්වප්න මායාවන් නිසා ඒජන්ට් ලිබර්ටිගෙ සැලැස්ම විනාශ වෙලා ගිහින් ඒජන්ට් ලිබර්ටි විදියට ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි බෙන්ජමින් ලොක්වුඩ් කියල එළි වුණා. නමුත් ඒ වෙලාවෙන් පස්සෙ DEO එකට ආපහු එන සුපර්ගර්ල්ට මුහුණ දෙන්න වෙන්නෙ නොහිතන අර්බුදයකට. ජනාධිපතිතුමා ඇවිල්ල කියනව සුපර්ගර්ල්ට ඇයගේ අනන්‍යතාව හෙළි කරන්න කියල. නමුත් සුපර්ගර්ල් ඒක ප්‍රතික්ෂේප කරනව. මේ හේතුවට කේන්ති ගන්න ජනාධිපති සුපර්ගර්ල් DEO සේවයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරල හරිනව. ඒ වගේම ලීනා හර්නෙල් පරීක්ෂණය තුළින් හදවත අපරාජිත කරන්න පුළුවන් කියල හොයාගත්ත.

අද කොටසින්..
ඉතිං හැමෝම දන්නව වගේ කර්නල් හර්ලි ඇලෙක්ස්ට මළ ඇණයක් වේගෙන ආවනෙ. මේ අතරෙ ශිමර් කියල පිටසක්වලයෙක් නැවකට පහර දෙනව. කාරට මේක ඇහිල කාරා යනව උදව් කරන්න. එතනදි ඇය දකිනව කර්නල් මැකැලිස්ටර් ඇතුළු පිරිසකට මේ සතා පහර දීල තියෙනව. සුපර්ගර්ල් එක නාවික සෙබළියක් බේරගන්න සමත් වෙන අතරෙ හර්ලි එනව මෙතනට. හැබැයි එකපාරටම DEO එක යටතේ තියෙන මේ නැවට පහර දීම හා සම්බන්ධ දත්ත ඔක්කොම අතුරුදන් වෙනව. ඒ වගේම මේ ශිමර් ප්‍රහාරය එක්ක කර්නල් හර්ලි සෘජුවම සම්බන්ධයි කියල ඔප්පු කරගන්න ඇලෙක්ස්ට හැකියාව ලැබෙනව. නමුත් ඒ සාක්ෂි වලින් වැඩක් ගන්න ඇලෙක්ස්ට අවස්තාවක් ලැබෙන්නෙ නෑ හර්ලි හොයාගන්නව කාරා තමයි සුපර්ගර්ල් කියල. ඉතිං මොකෝ දැන් වෙන්නෙ? මේක විසඳන්න ගිහිල්ල ඇලෙක්ස්ට මොකක්ද වෙන්නෙ? ඒ ටික ඔයාලට බාරයි. එහෙනම් ගිහින් එන්නම්.. ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින්එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |

 Direct Download

| HDTV | x264 | SVA | 270MB |

| HDTV | 480p | x264 | 180MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *