MENU

Supergirl [S04 : E18] | නොකළ වරදකට දඩුවම්!!

කොහොමද සුපර්ගර්ල් රසික රසිකාවියනි? කට්ටිය ඉතින් හොදටම කේන්තියෙන් ඇත්තේ. මොකද ඉතින් කතාව එකපාරට අතරමග නතර කරලා දැම්මනේ උපසිරසි නොදී. දැන් ඉතින් කට්ටිය ඉංග්‍රීසි සබ් එක්ක බලලත් ඇති. ඉතින් වෙච්ච පමාවට සමාවෙන්න ඕන. කතාවට උපසිරසි කළ උදයංග සහෝ හොදටම කාර්‍යබහුල වීම නිසාත් ඔය අල්ලපනල්ලේම මටත් එක එක වැඩ යෙදිච්ච නිසාත් මේකට උපසිරසි කරන්න වෙන කිසිම කෙනෙක් අකමැති නිසාත් යන විවිධ හේතු කාරණා නිසා පමා උනා. හොදයි එහෙනම් අපි කතාව ගැන කෙටියෙන් බලමු.

කලින් කොටසෙන් කපටි වැඩවලට උපන් හපන් ඒ මහා මොළකරු ලෙක්ස් ලූතර්ගේ සැලැස්මක් අනුව පිටසක්වළ පොදු සමා පනත අහෝසි වෙලා යන වෙලාවක සුපර්ගර්ල්ගේ ඩුප්ලිකේට් එක, එහෙමත් නැත්නම් රතු දියණිය යොදාගෙන ඇමෙරිකාවේ ධවල මන්දිරයට ලෙක්ස් ලූතර් මහා ප්‍රහාරයක් දියත් කෙරෙව්වේ ජාතියේ වීරවරිය වෙච්ච සුපර්ගර්ල්ව ජාතියේ ප්‍රධානම සතුරා බවට ත්‍රස්තවාදියෙක් බවට පත් කරමින් කියන එක ඔබට මතක ඇතිනෙ. ඒ හා සමගම හදිසි නීතිය පනවලා ජනාධිපතිවරයා විසින් සුපර්ගර්ල්ව අල්ලාගැනීමේ මෙහෙයුම් දියත් කළා ඔන්න. ඒවගේම පිටසක්වළ සබදතා පිළිබද දෙපාර්තමේන්තුවේ කැබිනෙට් මට්ටමේ ලේකම් තනතුරක් පවා බෙන් ලොක්වුඩ්ට ලැබිලා. ආයේ කියන්න ඕන නෑ නෙව, තනතුරු මොකුත් නැතුව සුපර්ගර්ල්ට විරුද්ධව වැඩ කළ කෙනා බලය ලැබුනාම මොනා කරාවිද කියලා.

ඉතින් සමස්ත ජාතියම දැන් සුපර්ගර්ල් ගැන බලන්නේ බියෙන්, ඇයව අගය කළවුන් හතුරෙක් ලෙස බලද්දි ඇයට වෛර කළ අය ප්‍රීති වෙනවා. ඉතින් සුපර්ගර්ල් නිවැරදියි කියන එක ඔප්පු කරන්නත් මේ පසුපස ඉන්නෙ ලෙක්ස් කියන එක ලෝකයට හෙළි කරන්නත් හිතාගෙන ලිලියන් ලූතර්ගෙන් ලද තොරතුරක් අනුව ලීනා සහ සුපර්ගර්ල් යනවා ලෙක්ස්ව සිරගත කරලා සිටිය බන්ධනාගාරයා වෙත. ඒ ලෙක්ස් ගැන හෝඩුවාවක් සෙවීමේ අටියෙන්. ඉතින් මේ සෝදිසි වැඩේ අන්තිමේ ඉවරයක් වෙන්නෙ ඕටිස් ග්‍රේව්ස් එතනට කඩාපාත් වෙලා, බන්ධනාගාරයේ මහා විනාශයක් වෙලා ඒ විනාශයටත් සුපර්ගර්ල් වැරදිකාරිය බවට පත්වීමෙන්.

එහෙමනම් කට්ටිය කතාව බාගෙනම බලන්න.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 230MB |

Direct Download

| HDTV | x264 | SD | 230MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *