ආයුබෝවන් යාළුවනේ..!
මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් 20 වැනි කතාංගය. කලින් කතාංගයේදි කාරා මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ ඩ්රීමර් ගැන ලෝකයට එළිදරව් කරමින්. මේ හේතුව නිසා එඩ්නා තමන් මෙතෙක් හෙළි කරන්න බයෙන් ඉඳපු රහස් ලිපි ගොනුවක් පවා කාරාගෙ අතට ගෙනත් දෙනව. මේ නිසා නියා, ලොක්වුඩ්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. ඩ්රීමර් අල්ලගන්න කැට්කෝ එක තුළට ආවත්, බ්රෙනී සහ ඇලෙක්ස් දෙන්නගෙ සැලැස්මක් නිසා නියා නූලෙන් බේරුණා. ඒ වගේම ජේම්ස් සතුව සුපිරි බලයක් තියෙනව කියල ලොක්වුඩ් දැනගත්ත. අවසානෙ ලොක්වුඩ් ගෙදරට එනකොට, කලින් කතාංගයේදි තමන්ගෙ ස්වාමියා ලොක්වුඩ් විසින් බලහත්කාරයෙන් අල්ලගෙන යාමේ පළිය ගන්න බලාගෙන හිටපු පිටසක්වලයෙක් අතින් ලොක්වුඩ්ගෙ බිරිඳ මරණයට පත් වෙලා තියෙනව දකිනව.
අද කොටසින්..
ඉතිං මේ දේවල් මෙහෙම වෙන අතරෙ කාරා සහ ලීනා දෙන්න තේරුම් ගන්නව ලෙක්ස් මේ වෙද්දි ඉන්නෙ කස්නියා වල කියල. ඒ නිසා ලීනා, කාරත් එක්ක කස්නියා වලට යනව. හැබැයි කස්නියා වලට යන මඟ මේ දෙන්නගෙ ගුවන් යානයට ප්රහාරයක් එල්ල වෙලා හදිසි ගොඩබෑමක් කරන්න වෙනව. ගොඩබාපු තැනදි එයාල ලෙක්ස් ඉඳීවි කියල හිතුවක් එතන ඉන්නෙ වෙන කෙනෙක්. මේ අතරෙ ලොක්වුඩ් තමන්ගෙ බිරිඳ මරපු පිටසකවලයා ඇතුළු සමස්ථ පිටසක්වල ප්රජාවගෙන් පළිගන්න ක්රමයක් හොය හොය ඉන්න අතරෙ තමයි ඔහුට ලීනගෙ හරුන් එල් සීරම් එක ලැබෙන්නෙ. බලන්නකො මිනිහ මොකද්ද ඒකෙන් කරන්නෙ කියල. මේ අස්සෙ ඇලෙක්ස්ට අමුතු කොල් එකක් එනව. කෝල් එක නිසා ඇලෙක්ස් සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙනව. ඒ හේතුව නිසාම ඇලෙක්ස්ට අලුත් පෙම්වතියක් අනාගතේ ලැබෙයි කියන ඉඟි පහළ වෙනව, එහෙනම් 21 කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x265 | 720p | 170MB |
| HDTV | x264 | SD | 230MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)