අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners)
කථාව /රුපවාහිනී තිර රචනය : එරික් ක්‍රිප්කී (Eric Kripke)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 සැප්තැම්බර් 28 වෙනිදා
අද කතාවේ නම වන “In My Time of Dying” අරන් තියෙන්නේ Led Zeppelin සංගීත කණඩායමේ එනමින් ඇති සින්දුව අසුරෙනුයි.
හොදයි එහෙනං සීසන් 2 බලන්න සැදී පැහැදී ඇති කියලා හිතනවා. සීසන් 2 පටන් ගන්නේ හරියටම පහුගිය සීසන් එක ඉවර කරපු තැනින් මයි. ඒ කියන්නේ ඩීන්ගේ කාර් එකේ කන්ටේනර් ට්‍රක් එකක් හැපුන තැන ඉදන්. ඕගොල්ලන්ට මතක ඇතිනේ අනතුරෙන් පස්සේ සෑම්ට සිහිය තිබුනත්, ඩීන්න්ගෙන්වත් ජෝන්ගේන්වත් සද්දයක් තිබුනේ නෑ.
ඉතින් කුතුහලේ නැති නොවෙන්න මං අද කතාවේ පොඩ්ඩක් විතරක් කියන්නම්. අනතුරෙන් දරුණු විදිහට තුවාල ලබන වින්චෙස්ටර්ලව ඉස්පිරිතාලෙට ගෙනියනවා. මෙයින් එක්කෙනෙක් මොහොම අසාධ්‍ය තත්වෙයි ඉන්නේ. (කවුද කියලා දැනගන්න වෙන්නේ කථාව බලලම තමයි) ඒ අතරේ එයාව ගෙනියන්න රීපර් කෙනෙක් එනවා. මේයා ජීවිතේ බේරගන්න නොපෙනෙන ලෝකේ සටන් කරනකොට, අනිත් දෙන්න මේ ලෝකේ ඉදන් උදව් කරන්න මහන්සි ගන්නවා. වින්චෙස්ටර්ලාට මේ මාරකේ පන්න ගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්න.
දැනුමට:
රීපර්ලා ගැන මං පලවෙනි සීසන් එකේ 12වෙනි එපිසෝඩ් එකේදී විස්තර කළා. ඒ නිසා මං ආයේ ඒ ගැන කියන්න යන්නේ නෑ. මරණාසන්න අත්දැකීම නැත්නම් මනෝකාය වගේ දේවල් ගැන කොහොමත් අපේ රටේ උදවියට කුතුහලයක් තියෙනවනේ. ඉතින් මං හිතන්නේ ඕගොල්ලෝ ඒවා ගැන සෑහෙන අහලා ඇති. ඒ නිසා මං ඒ ගැන විස්තර කරන්න යන්නෙත් නෑ. මේවා ගැන විශේෂ උනන්දුවක් තියෙනවනම් ඉන්ටෙර්නෙට් එකේ near death experiences කියලා ගැහුවම ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන්. පුරුදු විදිහටම පටන් ගන්න හොදම තැන මෙතැනයි.
Torrents Download
| Bluray | x265 | 720p | 4.3GB | [Complete S02]
| Bluray | x265 | 1080p | 7GB | [Complete S02]
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| Bluray | x264 | 720p | 3.8GB | [ Complete S02 -part 01]
| Bluray | x264 | 720p | 3.8GB | [ Complete S01 -part 02]
x265
| Bluray | x265 | 720p | 4.3GB | [ Complete S02]
2 thoughts on “Supernatural [S02]- Complete”
Thanks kattiya.. looka pinak karanne.
Season 01 nedda mchn?