MENU

Supernatural [S13 : E13]| නැවතත් දිව්‍ය ලෝකයට..

කලින් කොටස ගැන මතක් කරනවානම් තරුණ මායාකාරියෝ දෙන්නෙක් ඇවිල්ලා හිටියා. මේ දෙන්නා එයාලගේ හිතේ හැටියට පිරිමින්ට හූනියම් මලු දාලා එයාලට ඕන වැඩ කරගත්තා. මේ අයට ඇත්තටම ඇත්තටම ඕන වුණේ මොකක්ද කියලා දැනගන්න ලැබුනේ ඒ දෙන්නට ඩීන්ව හම්බුනාම. බ්ලැක් ග්‍රීමෝර් කියන මන්තර ඕන වෙලයි හිටියේ. කොහොමහරි ඩීන්ට නොදැනීම ඒ කෙල්ලෝ දෙන්නා එයාට ආල වශියකුත් කරගත්තා හූනියම් මල්ලක් ඩීන්ගේ පොකට් එක ඇතුලට දාලා. ඩීන් බංකරයට ඇවිල්ලා බ්ලැක් ග්‍රීමෝර් පොත අරගෙන ගියා අර කෙල්ලොන්ට දෙන්න කියලා. ඒත් එක්කම සෑම් එයාගේ පස්සෙන් ගිහින් එතනට මැදිහත් වෙද්දීම ඩීන් එයාට ගහන්න ගත්තා. ඇත්තටම සෑම් කලේ ඩීන්ගේ ජිවිතේ බේරගත්ත එක. කොහොම හරි කෙල්ලෝ දෙන්නා පොත අරගෙන පැනලා ගියා. සෑම් හා ඩීන් මරාගද්දී සුපර්නැචුරල් වල ලූසිෆර් මරලා දාපු චරිතයක් ආයෙමත් ආවා. ඒ රොවිනා. එයා මුලදී කිව්වේ එයාට පොත හොයාගන්න උදව් වෙන්නම් හැබැයි එයාට උදව් වෙන්න කියලා. සෑම්, ඩීන් දෙන්නා ඒකට අකමැති උනා. ඒත් රොවීනට ඒක ඕන උනේ එයාට ආයෙමත් ලුසිෆර්ගෙන් ප්‍රශ්නයක් ආවොත් පරිස්සම් වෙන්න එයාගේ ජිවිතේ තහවුරු කරගන්න කියලා. අන්තිමේදී කොහොම කොහොමින් හරි සෑම්, ඩීන් වගේම රොවිනා ගිහින් අර කෙල්ලෝ දෙන්නා ලග තිබිලා  බ්ලැක් ග්‍රීමෝර් මන්තර පොත අරගත්තා.
එතකොට තමයි දැනගන්න ලැබුනේ ඒ කෙල්ලෝ දෙන්නත් රොවිනාට වැඩ කරන මුවාවෙන් එයාව රවට්ටලා එයලා දෙන්නගේ අම්මව ආයෙමත් මරණයෙන් ගෙන්නන්න හැදුවා කියලා.  බ්ලැක් ග්‍රීමෝර් පොත පාවිච්චි කරලා. බොරු කියන්න ඕන නැහැනේ මමනම් එක තප්පරයකට හරි හිතුවේ ඒ කෙල්ලෝ දෙන්නා රොවිනාගේ දුවලා දෙන්නෙක් කියලා. රොවිනා කියන්නේ සාමාන්‍යයෙන් හොදින් හෝ නරකින් තමන්ගේ වැඩේ කරගන්න කෙනෙක්. ඒත් අර බ්ලැක් ග්‍රීමෝර් එයා සෑම්ගෙන් ඉල්ලුවම එයත් ඩීන් ඉස්සරහ පොත නොදී ඉන්නවා මුවාවෙන් සෑම්  බ්ලැක් ග්‍රීමෝර් පොතෙන් රොවීනාට ඕන කරන පිටුව ඉරලා දීල තිබුණා. ඒකට නම් ඩීන්ගේ ඒ හැටි කැමැත්තක් තිබුනේ නැහැ මේ ගැන දැනගත්තම. ඒ ඇත්තටම හිටියේ රොවිනද කියලා සැකයක් ඇති උනේ මට විතරද? මොකද ලූසිෆර් කලින් වතාවේ රොවිනාව මැරුවේ අළු වෙන්නම. එහෙව් එකේ එයා ආවේ කොහොමද කියලා හිතුනේ නැද්ද කාටවත්? ඊළගට සැක හිතෙන්න පටන් ගත්තේ කැස්ටීයෙල්වයි, ලූසිෆර්වයි අපායේ හිර කරලා තියෙද්දී ඩිපර් කියන කෙනා කිව්වා ඇස්මොඩේයස් එලියට ගිහින් කියලා. අනික ලූසිෆර් ඇස්මොඩේයස්ට විශේෂයෙන්ම හැඩය වෙනස් කරන හැකියාව ගැනත් විශේෂයෙන්ම මතක් කලා. අමුතුවෙන් මතක් කරන්නම ඕන නැහැ. මොකද අපිට හොදාකාරවම එයාට වෙස් මාරු කරන්න තියෙන හැකියාව දැක්කා. හැබැයි කතාවේ අන්තිමේදී පෙන්නුවා රොවිනා එයාට ඕන මන්තරේ මතුරලා අවශ්‍ය බලය අරගෙන ඇස් දෙකත් දම් පාටට හුරු වෙනවා. ඒවගේම ලූසිෆර් වගේම කැස්ටියෙල් අපායෙන් ලොකු උත්සහයක් දීලා පැනගත්තා. ලූසිෆර්ගේ බලයත් හීන වෙලා තියෙන අස්සේ එයා හැදුවේ කැස්ටියෙල්ගේ වරමෙන් ටිකක් කාලා ශක්තිමත් වෙන්න. එයා ඒකට ඉඩ දුන්නෙත් නැහැ. ඒ වෙනුවට  කැස්ටියෙල් එයාට බ්ලේඩ් එකකින් ඇනපු එක.
අද කොටසේදී දකින්න ලැබේවි කලින් කොටස අවසාන හරිය වෙද්දී කැස්ටියෙල් වගේම ලූසිෆර් අතර ඇති වුනු සටනින් පස්සේ  කැස්ටියෙල්ට හුගක් තුවාල වෙලා වැටිලා ඉන්නවා. මේ අතරෙදි  ලූසිෆර් එයාගේ වරම හුගක්ම හීන වෙලා නිසා ඒන්ජල්ලව දඩයම් කරලා එයාලගේ වරම උරාගෙන ඉවර වෙලා ඒන්ජල්ලව මරලා දාන්න පටන් අරන්. සෑම්, ඩීන් වගේම කැස්ටියෙල් එකතු වෙලා ඩීමන් ටැබ්ලට් එක පාවිච්චි කරලා අනික් ලෝකයට ද්වාරයක් අරින්න කියලා හිතාගෙන දිවැසිවරයා එක්ක වැඩ. ඒ අස්සේ සුපුරුදු පරිදි අනික් අයගේ වෙස් අරගෙන ඇස්මොඩේයස් දෙපිටුකාට්ටු වැඩ කරගෙනයනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහනම්.
ආයෙම සුපර්නැචුරල්වල විකාශය සති තුනක වගේ විරාමයක් අරගෙන මාර්තු පළවෙනිදා තමයි ආයේ විකාශය වෙන්න අරඹන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
 ——
අද කතාවේ නම “ Devil’s Bargain” 
අධ්‍යක්ෂණය: Eduardo Sánchez
ලිව්වේ:  Eugenie Ross-Leming & Brad Buckner
මීලග කොටසෙන්: “Good Intentions” | 2018 පෙබරවාරි 14

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 224MB |    

019A8C3614D78CF02B38916AF012FEC388544FC4

| HDTV | x264 | 720p | 779MB |    

FE6B7C940BD6E60E30783F6BC94E14998E854EDE

Direct Download

| HDTV | x264 | 480p | 129MB |       

  

| HDTV | x264 | SVA | 224MB |       

       

| HDTV | x265 | 720p | 195MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *