MENU

Supernatural [S13 : E16] | ස්කූබි-නැචුරල්..

 එහෙනම් සති ගානක නිවාඩුවකට පස්සෙ ආයෙමත් වතාවක් මුණගැහෙන්න ආවා. කැස්ටියල් කියපු විදිහට මේ අයට ද්වාරය ඇරගන්න නම් අමුද්‍රව්‍යයන් හතරක් ඕන කරලා තියෙනවා. එයින් එකක් තමයි වඩාත් ශුද්ධවන්තම කෙනාගේ ලේ. ඉතින් සෑම් වගේම ඩීන් පටන් ගත්තා ඒ වෙනුවට සාතන්ගේ ලේ හොයාගෙන යන්න. මේ අතරතුරේදී තමයි මේ අයට ඔන්ලයින් මාකට් එකක් ගැන දැනගන්න ලැබෙන්නේ. මේක ඇතුලේ විකුනන්නේ අමුතු දේවල්. ඒ කිව්වේ හුගක් දුර්ලභ දේවල්. මේ දෙන්නා සාතන්ගේ ලේ හොයන් යද්දී මුලින්ම ඈස්ටර් කියලා ලස්සන කෙල්ලෙක්ව මුණගැහෙන්නේ. එයා තමයි ඊටපස්සේ රිචර්ඩ් ග්‍රීන් කියලා මනුස්සයෙක් ලගට යොමු කලේ. මේ දෙන්නා රිචර්ඩ් ලගට ගියාට සාතන්ගේ ලේ ලේසියෙන්ම ගන්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට මේ අයට කාර්යයක් පැවරුණා.

ශාන්ත පීතරගේ හිස්කබල හොයන එක තමයි රාජකාරිය උනේ. හැබැයි ඒක හොයාගන්නත් මේ දෙන්නට බැරි උනා වෙනින් ප්‍රශ්ණ ගොඩකට පැටලෙන්න උන එක හැරුනම. එතකොට තමයි මේ දෙන්නට ලූකා කියලා පූජකවරයෙක්ව මුණගැහෙන්නේ. එයා ඇවිත් තිබුනෙත් හිස් කබල අරගන්නයි. හිස් කබල නැති වෙන්නේ කොහොමද කියලා කතාව පටන් ගද්දිම පෙන්නුවා මතක ඇති. කොහොම හරි මේ හිස්කබල මංකොල්ල කන්න අනුබල දීලා තියෙන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි සෑම්ටයි ඩීන්ටයි මුලින්ම මුණගැහුණු කෙනා ඈස්ටර්. එයාට ඕන උනේ අන්තිමේදී මේ හිස්කබල ලංසු තියලා වැඩිම ගානට විකුනලා දාන්න. ඒ හැමදේම වළක්වාගෙන හිස් කබලේ නියම අයිතිකාරයා වෙච්චි ලූකා පියතුමන්ටම ඒක ආයෙමත් ලබාදුන්නා. එතකොට තමයි මේ දෙන්නට දැනගන්න ලැබුණේ ලූකා පියතුමන් පාප් වහන්සේව මුණගැහිලා තියෙනවා කියලා. ඒ විතරක් පාප් වහන්සේ එයාට කියලා එයා තමයි වඩාත් ශුද්ධවන්තම කෙනා කියලා. ඒ නිසා මේ දෙන්නා ලූකා පියතුමන්ගෙන් ලේ බිංදු කිහිපයක් අරගෙන අවශ්‍ය කරන මුලද්‍රව්‍යයන් හතරෙන් එකක් සම්පුර්ණ කරගත්ත හැටි කලින් කොටස තුලින් දකින්න ඇති.
අද එහෙනම් අරන් ආවේ සුපර්නැචුරල් කතාමාලාවෙයි ස්කූබි ඩුූූ කාටූන් එකෙයි ක්‍රෝස්ඕවර් කතාංගය අරගෙන. අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. මොකද මේ කොටස බලන්න කලින් දැනගන්න ඕන හැම කාරණාවක් මං මීට කලින් මංසල හරහා ලිපියක් පල කරලා දැනුම් දුන්නා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය!
——-
අද කතාවේ නම “Scoobynatural” 
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ:  Jim Krieg & Jeremy Adams
විකාශනය වුනේ: 2018 මාර්තු 29
මීලග කොටසෙන්: “The Thing” | 2018 අප්‍රේල් 05

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 225MB |    

52C9E060A68C3B2A10958F97C32267D8FFAF0F13

Direct Download

| HDTV | x264 | 480p | 155MB |       

       

| HDTV | x265 | 720p | 210MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *