MENU

Supernatural [S13 : E19] | බලාපොරොත්තු නැතිවෙනකොට ඕනෙම කෙනෙක් අසරණ වෙනවා..

හිතන දේවල් නිතරම වෙන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ තමයි කලින් සුපර්නැචුරල් කතාංගය. ඩීන් ආතර් එක්ක අනික් ලෝකයට ගියාට මේ දෙන්නව වැටිලා තිබුණේ ඩීන් මිට කලින් දැක්ක නිතරම දුම් ගැහිලම යුධ පිටියක් වෙච්ච තැන නෙවෙයි, හාත්පසින්ම වෙනස් හිම තියෙන දිහාවකට. කොහොමහරි ඩීන් ආතර් එක්ක මේරිවයි ජැක්වයි හොයන් යන ගමන අතරතුර මේ දෙන්නා දකිනවා හිරකාරයෝ වගයක් අරන් යන සොල්දාදුවන් වගයක්. මේ අය වැඩ කරන්නේ මයිකල්ට. ඒ වගේම අර හිරකරුවන් ඒන්ජල්ලා. ඒ අය අතරේ මේ ලෝකේ චාර්ලි කෙනෙක් දැකලා ඩීන් අවුල් යනවා. ඒ නිසාම මෙයා ඔක්කොම පැත්තක දාලා චාර්ලිව බේරගන්න ගිහින් අන්තිමට දඩයක්කාරයෙක්ගෙන් උණ්ඩයකුත් කාලා අන්තිම දරුණු තත්වෙට වැටිලා එතනදිත් ආතර් ඩීන්ට උදව් කලා.

මේ අතරතුරේදී වින්චෙස්ටර්ලා උරුමකම් කියාගෙන උන්නු බංකරයට ඇස්මොඩේයස් කඩාගෙන පාත්උනා ගේබ්‍රියල් ඉන්න බව දැනගත්තට පස්සෙ. ගේබ්‍රියල් සැහෙන උදව් කරලා එයා හිටිය තත්වෙන් ගොඩ එන්න සහයෝගය දුන්නු නිසාම ගේබ්‍රියල් අන්තිම මොහොතේදී මැදිහත් වෙලා ඇස්මොඩේයස්වත් මරලා දාලා කලින් හිටියස්වරුපයට ආවා. ඒවගේම තමයි ඉස්සරහට ඇතිවෙන්න තියෙන යුද්ධයට සෑම්ලගේ පැත්තට වෙලා සටන් කරන්න ආරාධනා කලාමත් ගේබ්‍රියල් ඒක ප්‍රතික්ෂේප කරලා යන්න ගියා. ඩීන් ආතර් එක්ක අනික් ලෝකයේ ඉන්න අතරතුරේදී මේ දෙන්නට මේරිවයි, ජැක්වයි හොයගාන්න බැරි උනානෙ. ඒත් මේ දෙන්නා චාරලිවයි එයාගේ කට්ටියවයි නම් බේරගත්තා. අර ද්වාරය වැහෙන්න ඔන්න මෙන්න තිබ්බ හන්දා ඩීන් ආයෙමත් වර්තමනා පෘතුවියට ආවේ ආයෙමත් මන්තරයක් මතුරන් එහෙට යන අරමුණින්. හැබැයි පෘතුවියට ගිහින් වෙච්ච දේවල් දැනගත්තට පස්සේ නම් එයාට හුගක් තරහ ගියා.

අද කොටස තුලින් බලාගන්න ලැබේවි ඉස්සරහට මුහුණපාන්න වෙන මයිකල්ගේ යුද්ධයට සුදානම් වෙන්න ඉන්න සෑම්ට, ඩීන්ට, කැස්ටියෙල්ට කිසිම උදව්වක් නැතුව අසරණ වෙන විදිහ. මොකද මේ තුන්දෙනා සටනට රොවීනාගෙන් උදව් ඉල්ලුවා. හැබැයි එදා අර සෑම් දීපු පොතේ පිටුව පාවිච්චි කරලා අසීමිත බලයක් ලබාගත්ත බවක් දැකගන්න ලැබුණා කියලා මතක ඇතිනේ. ඉන් පස්සේ එයාටත් පිස්සු හැදිලා වගේ මිනිස්සුන්ව මරන්න අරන්. ඒත් ඇයි ඒ? අනික තමයි කැස්ටියෙල් තීරණය කරනවා ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට ස්වර්ගයට ගිහින් එයාලගේ උදව් ඉල්ලන්න. නමුත් එහෙ ඉන්න හැමෝටම ඕන එයාව මරාගන්න. මොනවා වේවිද?

උපසිරැසිය දවස් දෙකක් ප්‍රමාද වෙන්න හේතුවක් තියෙනවා. සරලවම කියන්නම්. හේතුව අහපු අය විතරක් කියවලා පිළිගන්නවනම් පිළිගන්න. මේ සතියෙ ඉදන් මට කරන්න තියෙන්නේ සුපර්නැචුරල් විතරක් නෙවෙයි. ඔරිජිනල්ස් අවසාන කතාමාලාවේ ආරම්භය පසුගිය බදාදා ආරම්භ උනා. ඒක බදාදාට ආරම්භ උනාම විකාශය වෙන්නේ ලංකාවේ වේලාවෙන් රෑට. එතකොට වීඩියෝ පිටපත් එන්නේ බ්‍රහස්පතින්දට. එතකොට ඉංග්‍රීසි උපසිරැසි? මේ කතාව එක්ක පළිගන්න වගේ කරුමෙට ඒකෙ උපසිරැසියක් නිකුත් වෙන්නේ බ්‍රහස්පතින්දා රෑට. එදා නිකුත් උනේ රෑ අටට. ඉතින් මං ඒකත් සිකුරාදා වෙද්දී ඉවරයක් කරලා දීලා තමයි සිකුරාදාට නිකුත් වෙන සුපර්නැචුරල් කරන්න වෙන්නේ. අනික දවස් දෙකක් එක ලග සබ් කරන්න අමාරුයි. සෙනසුරාදා දවසෙම ගෙදර නැහැ. සිකුරාදා රෑට බාගයයි, සෙනසුරාදා රෑට බාගයයි කරලා තමයි සුපර්නැචුරල් උපසිරැසිය දෙන්න වෙන්නේ. අපි මේ විදිහට හේතු කියනවා වගේ නෙවෙයි. මොකක් හරි ඉංග්‍රීසි උපසිරැසියක් ප්‍රමාද උනාම ඒ උපසිරැසි ලබාදෙන අයගෙන් ඉල්ලීමක් කරන්න බලන්න ටිකක් කලින් දෙන්න කියලා. එයාලට තරහ යනවා. ඔරිජිනල්ස් එකට එහෙම ඉල්ලීමක් කරන්න ගිහින් බැනුම් අහගත්ත නිසයි කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න බලන්න. 

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. තවත් කොටස් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිහින් එන්නම්. ජයෙන් ජය!!
——-
අද කතාවේ නම “Funeralia”
අධ්‍යක්ෂණය: Nina Lopez-Corrado
ලිව්වේ: Steve Yockey
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 19
මීලග කොටසෙන්: “Unfinished Business” | 2018 අප්‍රේල් 26

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 178MB |    

A5CF0418D56D2434FD8F21A8FA64D15579A38446

Direct Download

| HDTV | x265 | 720p | 175MB |       

       

| HDTV | x264 | 480p | 118MB |       

    

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *