MENU

Supernatural [S13 : E22] | හැම සටනක්ම දිනන්න බැහැ!! …

වනසිල්ලට ලක් වෙච්ච මේරි වගේම ජැක් ඉන්න ලෝකෙට යන්න හැමදේම ලැස්ති කරලා තිබුණේ. අඩුවකට තිබුණේ ආක්ඒන්ජල් වරමක් විතරයි. ගේබ්‍රියල් පුංචිම පුංචි වරමක් ගෙනත් දුන්නත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ එහා පැත්තට යන්න තියා රදවාගෙන ඉන්නවත්. ඒ නිසාම මේ අය තීරණය කලා ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරමෙන් වැඩක් අරගන්න. කොහොමහරි කට්ටියගේම සහයෝගය ඇතුව ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරම පාවිච්චි කරලා ශක්තිමත් ද්වාරයක් ඇරගත්තා වගේම දවස් දෙකකට හරියන්න ඒක ඇරලා තියාගන්න ලූසිෆර්ගේ වරම හින්දන්න ගත්තා. ඒත් ඉතින් ලූසිෆර් කියන්නේ ලෝක කපටියා නිසා එයා දන්නා හැමදේම කරලා එයා රොවීනාව අවුසන්න අරන් එයාව මරලා දාන්න යද්දී රොවීනා ලූසිෆර්ව එහා ලෝකයට තල්ලු කරලා දැම්මා. මේරි ඉන්න දිහාවට යන ගමන හුගක් දවස් ගත වෙන ගමනක් නිසා එහෙට ගිය සෑම්, ඩීන්, ගේබ්‍රියෙල් වගේම කැස්ටීයෙල් කෙටි පාරකින් යන්න තීරණය කලා එයාලට මගදී මුණ ගැහුණු අමුත්තන් දෙන්නෙක් එක්කම. හැබැයි ඒ උමං මග ඇතුලේ හාමතේ ඉන්න වැම්පයර්ලා හිටියා. මේ නිසාම තත්වේ හුගක් නරක අතට හැරිලා වැම්පයර්ලා සෑම්ව අල්ලගත්තා. එයා මැරිලම ගියා. ඒත් රොවීනා ලූසිෆර්ව ඒ ලෝකෙට තල්ලු කරපු වෙලාවේදී එයා සෑම්ව හොයාගෙන ඇවිත් තිබුනා. ඒ නිසාම සෑම්ගේ වෙලාවට මැරිලා ගියපු එයාව ලූසිෆර් ආයෙමත් ජීවීතේට ගෙන්නුවා කොන්දේසියක් පිට. සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල් කියන්නේ සෑහෙන කාලෙක ඉදන් ජැක්ට හිතවත් අය. මේ අය අතරේ හොද සම්බන්ධයක් තිබුනා එකම පවුලේ ලේ නොවුනත්. ඉතින් ලූසිෆර්ට ඒ සම්බන්ධය තමයි ඕන වුණේ. කතාවේ අන්තිමට ජැක් වගේම ලූසිෆර් මුණගැහෙනවා පෙන්නුවා. බලමුකො තාත්තාගෙයි පුතාගේ සම්බන්ධෙ කොහොම කොයි විදිහට කෙළවරක් වෙයිද කියලා.

අද කොටසින් බලාගන්න පුලුවන් වේවි සෑම්ව නම්මාගෙන එක්කන් ගිය ලූසිෆර්ට එයාගේ පුතා එක්ක ගත කරන්න වෙන කාලය ගැන වගේම ඒකට සෑම්, ඩීන් කැස්ටීයෙල් එහෙම මොන තරම් විරුද්ධ වෙනවද කියලා. ඒවගේම තමයි මේරි මේ ලෝකේ ඉන්න අයව දාලා යන එක ප්‍රතික්ෂේප කරනවා. එතකොට නවතියිද? ඒවගේම තමයි මෑතකදී වුනු ප්‍රධාන චරිතයක් අදින් සමුගන්නවා.

එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ. ලබන සතියෙ අවසාන කොටස අරන් එන්නම්. සුභ සතිඅන්තයක් හැමෝටම!

——
අද කතාවේ නම “Exodus”
අධ්‍යක්ෂණය: Thomas J. Wright
ලිව්වේ: Eugenie Ross-Leming & Brad Buckner
විකාශනය වුනේ: 2018 මැයි 10
අවසාන කොටසෙන්: “Let the Good Times Roll” | 2018 මැයි 17

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | SVA | 311MB |    

F29CED8BCD02227ED67B30518F97FE14D564C077

Direct Download

| HDTV | x265 | SVA | 311MB |       

        

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *