MENU

Supernatural [S14 : E08] | අවසන් බලාපොරොත්තුවක්?

පසුගිය සතියෙන්

සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හිටියෙ වරම නැති නිසා සාමාන්‍ය මනුස්සයෙක් බවට පත්වෙන නිසා කියලයි. ආක්ඒන්ජල් මයිකල් ඩීන්ට වැහිලා එයා ලූසිෆර් මරලා දැම්මට පස්සෙ නික් කියන ධාරකයා ඉතිරි වුණා. පස්සෙ මිනිහා එයාගෙ පවුලේ අයව මරලා දැම්මේ කවුද කියලා හොය හොයා යන්න ගත්තා. හොයනවා කියලා පලිගන්න කියලා හිතාගෙන කලේ මිනිස්සුන්ව මරපු එකයි.

පහුගිය කොටසේ ජැක්ට හොදටම අසනීප වෙලා තිබුනේ. මේ නිසාම සෑම්, ඩීන් වගේම කැස්ටියෙල් එකතු වෙලා මෙයාව රෝහල් ගත කලත් රෝහලේ හිටිය වෛද්‍යවරුන්ට හිතාගන්නවත් බැරුව තිබුනේ ජැක්ට තියෙන අසනීපෙ මොකක්ද කියලා. හැබැයි මේ අය එක දෙයක් දැනන් හිටියා. ඒ ජැක්ගෙ ශරීරය අඩපන වීගෙන එන්නේ කියලා. මේ අයට ජැක්ව සනීප කරන්න බැරි නිසයි කට්ටිය එක්කාසු වෙලා ජැක්ව බංකරයට එක්කන් ගිහින් එයාලගේ විදිහට ජැක්ව සනීප කරන්න හැදුවේ රොවීනාගෙ උදව්වෙන්. පස්සෙ තමයි දැනගන්න ලැබුනේ මනුස්ස කොටසයි, ඒන්ජල්ගෙ කොටසයි සමබර කරලා තිබුණු වරම නැති නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. පස්සෙ ගේබ්‍රියල් වතාවක් යකැදුරෙක්ට දීලා තිබුණු වරමක් එයාගෙන් ඉල්ලන් ඇවිත් ජැක්ට දුන්නා. හැබැයි ඒකෙන් වැඩේ හරි ගියෙත් නෑ. ජැක් තව තවත් අසනීපෙන් ඉන්න බවක් තමයි පෙන්නුම් කලෙත්. මේ අතරේ නික්ට හැකියාව ලැබුනා එයාගෙ පවුලේ අයව මරලා දාපු මිනිහව මරලා යුක්තිය ඉෂ්ට කරන්න. නික් ඒ මනුස්සයව මරලා ඉවර වෙලා ලූසිෆර් වෙනුවෙන් යාච්ඥා කලා. ඔයාලටම කතාවේ අන්තිම හරියේ දකින්නත් ඇති. නික්ගෙ යාච්ඥාවන් ඇහුණු ලූසිෆර් ආයෙ වතාවක් ඉපදුනා.

අද කොටසෙ වෙන්නේ මොනාද කියලා බලලම ඉන්නකෝ එහෙනම්. මං අද වෙන දේ පොඩ්ඩක්වත් කියන්න යන්නේ නැහැ මොකද පෙලක් අය මේ වෙද්දී කතාව බලලත් ඇති. හිතාමතා පරක්කු කරනවා කියලා හිහන්න නම් එපා. කවදාවත් නැතුව මේ තරම් සබ් එක අරන් එන්න ප්‍රමාද වුනේ සම්පුර්ණ කරන්න ඕන කරන ප්‍රොජෙක්ට් එකක වැඩ තියෙන නිසයි. ඉතින් ඒ වගේ දෙයක් සෙට් වුනාම ඒකට අවධානය දෙන්න එපැයි. තාමත් ඒකෙ වැඩ ඉවර නැති නිසා හුගක් දුරට ලබන සතියේ කොටසත් ප්‍රමාද වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.?

මේ අවුරුද්දට විකාශය වෙන්න තියෙන අවසන් කොටසත් අරන් ලබන සතියේ මුණගැහෙන්නම්. ජය!!

——
අද කතාවේ නම “Byzantium”
අධ්‍යක්ෂණය: Eduardo Sánchez
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 දෙසැම්බර් 06
මීලග කොටසින්: The Spear | 2018 දෙසැම්බර් 13

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 400MB |

Direct Download

| HDTV | x264 | SVA | 400MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong