පෙර කතාසාමය පාදක වුණේ වෙනින් ලෝකෙක හිරවෙලා හිටිය මේරිව එලියට අරගන්න එක. ඒකට නම් සෑම්, ඩීන් වගේම කැස්ටීයෙල්ට සෑහෙන දේවල් කැප කරන්න සිද්දවුණා. කොටින්ම පෘතුවියේදී උපත ලබපු ලූසිෆර්ගෙයි කෙලී ක්ලයින්ගෙයි ළමයා වෙච්චි ජැක්ට සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න වුණා. ජැක්ට තියෙන බලය ගැන දැනගත්ත ඇස්මොඩේයස් බල තන්හාව නිසා ජැක්ව අරන් යන්න උත්සහ කලත් එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අතරවාරයේ තමයි ජෝඩි මිල්ස්, ක්ලෙයර් නෝවැක්, ඇලෙක්ස් ජෝන්ස්, ඩොනා හෑන්ස්කම්, පේශන්ස් ටර්නර් කියන චරිත මුණ ගැස්සුවේ. පෙළක් අය නම් කලින් මුණ ගැහෙන්න දැකපු අය. තවත් සමහර අය නම් අලුත් අය. ඒ වගේම මේ අයට බලය තිබුනා එක එක දේවල් කරන්න. ඒ කෙනෙක්ගේ උදව්ව ඇතුව සෑම්, ඩීන් දෙන්නා අනික් ලෝකයට යන්න හදද්දී ඒ වැඩේ හරිගියේ නැහැ. ඒ වෙනුවට ජැක් ගියෙ මේරි ලගට. ඒත් සෑම්, ඩීන් දෙන්නා වෙනින් තැනකට ගියෙ. ඒ වගේම ගිය වතාවේ ඒකාකාර බවින් මිදෙන්න Scooby-Natural කියලා ඇනිමේෂන් මිශ්ර කරලා කතාංගයකුත් දීලා තිබුනා.
මේරි විතරක් හිරවෙලා තිබුණු ලෝකේ ජැක්වත් හිරවුනු නිසා සෑම්, ඩීන්, කැස්ටීයෙල්ට ලොකු වැඩ කොටසක් කරන්න වුණා. මේ නිසාම මේ අයට හිතවත් මිත්ර පාර්ශව එක්කාසු කරන්න ගත්තා. ඒකට රොවීනා පවා ඇතුලත් වුණා. ඒ වගේම තව කාලයක් තිස්සේ ඇස්මොඩේයස් ලග හිර කරන් තියාගෙන එයාගේ වරමෙත් උරාගෙන ශක්තිමත් වුනු, කලින් කොටසකදී මැරෙන බවක් පෙන්නපු ගේබ්රියල්ව අපිට ආයෙමත් කතාමාලාව තුලින් දකින්න ලැබුණා. පස්සේ ගේබ්රියල් පවා මේ අයගේ උදව්වට ආවා. ඒවගේම තමයි ලූසිෆර්ත්. කොටින්ම ලූසිෆර් සෑම්ට ආයෙමත් ජීවිතයක් දුන්නා ජැක්ව එයාට යාලු කරගන්න අවස්ථාවක් දෙන බලාපොරොත්තුව ඇතුව. මේ අය අතර සම්බන්ධතාව කෙමින් කෙමින් ගොඩ නැගුනා. ඒ වැනසිල්ලට ලක් වෙච්ච ලෝකයේ එහෙ ජනතාව දාලා එන්න මේරිවත් ජැක්වත් ලැස්ති වෙලා හිටියෙ නැහැ. ඒත් කතාව බලන අපිට පවා තේරෙනවා මේ අය සටන පරදින බව. මේ නිසාම එහෙ අයව අරගෙන පෘතුවියට යන්න තමයි කට්ටියගෙම බලාපොරොත්තුව වුණේ. සැහෙන දෙනෙක්ව විවරයෙන් පෘතුවියට අරන් ගියත් අන්තිමට ඉතුරු වුණේ සෑම්, ඩීන්, ලූසිෆර් වගේම ගේබ්රියල්. වගේම තවත් සුළු පිරිසක්. මේ අයවත් අරගෙන එතෙර වෙන්න වෙන්න යද්දී මයිකල් මේ අයට පහර දුන්නා. ලූසිෆර් එයා එක්ක සටන් කරන්න උත්සහ කලා. නමුත් මයිකල්ගේ බල පහරවල් දෙකයි ලූසිෆර්ටට තුවාල වුණා.
ගේබ්රියල් සටන් කරන්න ගිහින් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා. ලූසිෆර්ව ඒ ලෝකේ දාලා සෑම් වගේම ඩීන් නම් පැනගත්තා. නමුත් පෘතුවිය ආක්රමණය කරන පොරොන්දුවට හරියන්න ලූසිෆර්ට එයාගේ එකම පුතා ජැක්ව අරගන්න පොරොන්දුවට ලූසිෆර් මයිකල් එක්ක එකතු වෙනවා කලින් කොටසේ අවසානයේ දකින්න ලැබුණා. ලූසිෆර් මයිකල් එක්ක ගහපු ගනුවෙනුවේ තිබ්බ විදිහටම මයිකල් පෘතුවිය ආක්රමණය කලා. ලූසිෆර්ට ඕන කරලා තිබුණු විදිහට එයා එයාගේ පුතා ජැක් ලගට ගියා. හැබැයි තමන්ගේ ප්රයෝජනයට. එයාට ඕන කරලා තිබුනේ ජැක්ගේ වරම මිසක් වෙනින් දෙයක් නම් නෙවෙයි. ජැක්ගෙන් වරම අරගන්න ලූසිෆර් ජැක්ව වෙනිනේ තැනකට වාෂ්ප වෙලා යද්දී සෑම් මේකට අත දාලා අන්තිමට එයාවත් ඇදිලා ගියා. ජැක්ව, සෑම්ව වගේම පෘතුවිය බේරගන්න ඕන නිසා ඩීන් මයිකල් එක්කත් හවුලක් ගැහුවා මයිකල්ගේ ධාරකයා හැටියට ඩීන් අරගන්න ඉඩ දීලා. බලය ලැබිච්ච ඩීන් ගිහින් අන්තිමට ලූසිෆර්වත් මරලා දැම්මා. මයිකල්ගේ ධාරකයා වෙන්න කලින් ඩීන් මයිකල් එක්ක මොන තරම් කොන්දේසි දාලා යටත් කරන් තියාගත්තත් කතාව අවසානයේදී ඒ පොරොන්දු හැම එකක්ම අහක දාලා ඩීන්ව අභිබවා මයිකල් ඩීන්ගේ ධාරකයාගේ බලය අතට ගත්තා. එක ප්රශ්නයක් ඉවරයක් වෙද්දී තවත් ප්රශ්නයක් මතුවෙන එදා ඉදන් මේ කතාවේ මුල් තැන ගත්ත කාරණයක්. ඉතින් ඒ ටිකම තමයි කලින් කතාසමය ආරම්භයේදීත් සිද්දවුණේ.
අද කොටස ගැන කියනවනම්, මේ වෙද්දී අනික් ලෝකෙන් එක්කන් ආව අය ඉස්සර සෑම් හා ඩීන් කරපු රාජකාරිය කරන ගමන් ඉන්නේ. මේ අතරේ සෑම්, කැස්ටියෙල්, කෙච් කට්ටිය ලෝකේ එක එක තැන් වලට වෙලා ඩීන්ව හොයාගන්න උත්සහ කරනවා. මේ අතරේ තමයි කැස්ටියෙල් ලොකු අවුලකට පැටලෙන්නෙත්. ජැක්ට දැන් එයාගේ වරම නැති නිසා බලයත් නැහැ. ඉතින් එයා සටන් කරන්න හුරු වෙනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
——
අද කතාවේ නම “Stranger in a Strange Land”
අධ්යක්ෂණය: Thomas J. Wright
ලිව්වේ: Andrew Dabb
විකාශනය වුනේ: 2018 ඔක්තෝම්බර් 11
මීලග කොටසින්: Gods and Monsters | 2018 ඔක්තෝම්බර් 18
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | SVA | 220MB |
Direct Download
| HDTV | x264 | 480p | 145MB |
| HDTV | x264 | SVA | 220MB |
| HDTV | x264 | 720p | 764MB |
| HDTV | x265 | 720p | 186MB | PSA
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
7 thoughts on “Supernatural [S14 : E01] | ඔයාට මොනවද ඕන?”
sub titles plzzz
මෙකට බයිස්කෝප් එකෙන් සබ් දෙයිද මේ සැරෙත්?
මේකට දෙනවා
sub ekath dannako plz
sub ekath dannako plz
Ada 2 epi eka danwada
Ada 2 epi eka danwada