MENU

Supernatural [S15 : E01] | දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගත්තවුන්!!

සුභ දවසක් හැමෝටම. එහෙනම් ඔන්න හුගක් අය ආසාවෙන් මග බලාගෙන හිටිය දීර්ඝ කතා මාලාවක අවසාන කතා සමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ තමා Supernatural කතාමාලාවේ අවසන් කතා සමය. ඒක දැනටමත් ඔයලා දන්නවා ඇතිනේ. එහෙනම් මේ පහලොස් වෙනි කතා සමයෙ පලවෙනි කොටස තමා මම මේ අරගෙන ආවේ. 

පසුගිය කතා සමයෙන්..

14වෙනි කතාසමය පටන් අරගත්තේ ඩීන් මයිකල්ගේ ධාරකයා වෙලා. අපි දන්නවනේ මයිකල්ගේ සත්‍ය ධාරකයා ඩීන් කියලා. ඉතින් ඔහුගේ බලය වෙන ධාරකයෙක්ගේ ඉන්නවට වඩා වැඩි වුනා. ඒ වගේම ඔහු දිගින් දිගටම උත්සහ කලේ දෙමහුන් රාක්ෂයෝ හදන්න, විවිධ ජාතියේ අමනුස්සයන් අරගෙන ඇවිල්ලා පරීක්ෂණ කරලා දෙමෙහුන් යක්ෂයන් හදන්න ඔහු පටන් අරගත්තා. නමුත් හුගක් පරීක්ෂණ අසාර්ථක වුනා. හැබැයි අන්තිමේ මයිකල් විදිහක් හොයාගත්තා. ඔය අතරේ තමයි ජැක් අසනීප වෙන්න ගන්නේ.. ඔහු බලය පාවිච්චි කරන්න කරන්න ජැක්ගේ ආත්මය විනාශ වෙන්න ගත්තා. ඒ නිසා ඔහු එන්න එන්නම දුර්වල වුනා. ඩීන් කොහොමහරි ක්‍රමයක් හොයාගෙන හිත ඇතුලේ ෆයිට් කරලා මයිකල්ව ඔළුව ඇතුලේ කාමරයකට දාල ලොක් කලා. ඩීන්ට බිලීව හම්බුවෙනවා ඔය අතරේ. එයා කියන විදිහට ඩීන් මැරෙන්නේ එකම විදිහට. ඒත් එක ක්‍රමයක් තියෙනවා ඊට වෙනස්. ඒ තමා මයිකල්ව මැලැක් පේට්ටියක හිර කරන එක.මොකද මයිකල් ඩීන්ගේ ඔළුව ඇතුලේ හිරකරලා තිබ්බට විටින් විට ඔහු එලියට එන්න බලනවා. ඉතින් ඒ වෙනුවෙන් ඩීන් හදන්නේ මැලැක් පෙට්ටියට බැහැලා මුහුදට ඒ පෙට්ටිය දම්මවන්න, එතකොට මයිකල්ව සදහටම හිර කරන්න පුළුවන් වෙන්න. ඒත් සෑම් සහ කෑස් මේකට කොහොමවත් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ මයිකල් ඩීන්ගෙන් එළියට එනවා. ඇවිල්ලා රෝවිනාට ආවේෂ වෙනවා. ජැක්ට තරහ ගිහින් ඒ වෙලාවේ මයිකල්ව මරලා දානවා. ජැක්ව මැරුනත් ආපහු ආත්මය මායා බලයෙන් ගෙන්නුවා මුලින්ම මතක ඇතිනේ. මේ විදිහට මයිකල්ව මරන්න විශාල බලයක් යොදවන්න වෙන නිසා ජැක්ගේ ආත්මය හුගක් විනාශ වෙනවා. ඒ නිසා ටිකෙන් ටික ජැක් නපුරු වෙන්න ගන්නවා. ලුසිෆර්ව ආපහු ගෙන්නන්න උත්සහ කරපු නික්ව මරලා දානවා. බලය පාලනය කරගන්න බැරුව ඩීන් සහ සෑම්ගේ අම්මා මේරිව මැරෙනවා. ඔය හේති නිසා ඩීන්ට සහ සෑම්ට සිද්ද වෙනවා ජැක්ව මෙල්ල කරන්න. කෑස්ටත් ඒකට අකමැත්තෙන් වුනත් එකග වෙන්න වෙනවා. ජැක්ව ස්වර්ගේ හිටිය ඩූමා එක්කගෙන ගිහිල්ලා විස පොවලා තවත් දරුණු කලා මතක ඇතිනේ.

කෑස්ට වුනේ අන්තිමට ඩුමාව මරලා දාන්න. නමුත් ජැක් ස්වර්ගය දෙවියන් ගැන විශ්වාස කරන්නේ නැති අයව හොය හොය දඩුවම් දෙන්න ගත්තා. දෙවියන් ස්වර්ගය ගැන අධි විශ්වාසෙන් ඉන්න අයව ස්වර්ගයට අරගෙන ගිහින් ඒන්ජල්ලා කරන්න හැදුවා. මේ නිසා හෙන වියවුලක් ලෝකය පුරා ඇතිවුනා. අන්තිමේ ඩීන් සහ සෑම් මයිකල් වෙනුවෙන් හැදුව මැලැක් පෙට්ටියට දාල ජැක්ව හිරකරන්න හැදුවත් මැලැක් පෙට්ටියට ආක් ඒන්ජල් කෙනෙක් පවා රදවා තියාගන්න පුළුවන් වුනත්, ජැක් ඊටත් වඩා බලවත් බව දැනගන්නවා. මැලැක් පේටියෙන් ජැක් පැනගන්නවා. ජැක්ව නවත්තන්න නම් එකම ක්‍රමය මරන එක කියලා ඩීන් සහ සෑම් එකග වෙනවා. කෑස් දෙවියන්ව කොන්ටෑක් කරන්න හැදුවා මතක ඇතිනේ, අන්තිම කොටසෙදි ඒ වගෙම දෙවියන් හෙවත් චක් ආපහු පොලොවට එනවා. ඒ එන්නේ ජැක්ව නවත්තන්න, ඒකට ඩීන්ට ආයුධයක් දෙනවා. එ ආයූධයෙන් ඕනම කෙනෙක්ව මරන්න පුළුවන්, ආක් ඒන්ජල් කෙනෙක් වුනත් ඉට වඩා ලොකු කෙනෙක් වුනත්, නමුත් වැඩේ තමයි ඒ තුවක්කුවෙන් වෙඩි තියන කෙනාටත් ප්‍රතිවාදියාට වෙන දේම සිද්ද වෙනවා. අන්තිමට සොහොනකට එකතු වුන ජැක්, ඩීන්, සෑම්, කෑස් සහ චක් ඔක්කමලා ඉන්න තැන ඩීන් ජැක්ව මරන්නේ නැතුව අතාරිනවා. ඒ ගැන තරහ ගිහින් චක් හෙවත් දෙවියන් ජැක්ව මරලා දානවා. සෑම් දෙවියන් දුන්න තුවක්කුව අරගෙන දෙවියන්ට වෙඩි තියනවා, නමුත් ඒකෙන් හානි වෙන්නේ සෑම්ටමයි. චක් මේ ඔක්කම කලින් ඉදලා ප්ලෑන් කරලා කරපුවා කියලා සෑම් ඩීන් මේ නිසා දැනගන්නවා. ඔක්කම දේවල් නවත්තන්න පුළුවන් කම තියෙද්දි ඔහේ බලන් හිටියා කියලා ඔවුන් දැනගන්නවා. ඒ නිසා දෙවියෝ ගැන පුදුම තරහකින් ඔවුන් හිටියේ,. අන්තිමේ චක්ව තරහ කරගත්ත ඩීන්, සෑම් සහ කෑස්ට වුනේ අපායේ හිටපු සියළුම දුෂ්ඨ ආත්ම වලට මැදි වෙන්න, මොකද චක් ඒ සියළුම දුෂ්ඨ ආත්ම ආපහු පොලොවට මුදා හැරියා..

එහෙනම් ලබන සතියේ කොටසින් හම්බුවෙමු. ජය වේවා..!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 280MB |

Direct Download

| HDTV | x264 | SD | 280MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *