MENU

Supernatural [S15 : E02] | භූතයින්ගේ සංවිධානගත වීම!!

ඔන්න එහෙනම් අදත් සුපර්නැචුරල් කොටස ආපු දවසෙම ඉක්මනින්ම උපසිරසිය ගේන්න පුළුවන් වුනා. අනිවාරෙන් සිකුරාදම ගේනවා හදිසි වැඩක් නොවැටුනොත්. අවශ්‍ය ඔයාලගේ දිරි ගැන්වීම විතරයි. එහෙනම් බලමු කතාව ගැන.

පසුගිය කොටසින්

කලින් කොටස පටන් ගත්තෙම සොහොන ලගදිමයි. සෑම්, ඩීන් සහ කෑස් තුන්දෙනාම අපායේ ආත්ම විසින් වටකරගෙන හිටියේ, නමුත් කොහොමහරි ආත්ම වලට යකඩ වලින් පහර දීලා ලග තිබ්බ සොහොන් ගෙයක් ඇතුලට රිංග ගන්න මේ තුන් දෙනාට පුළුවන් වෙනවා. ඒ වගෙම එතනදි චක් ගැන තුන්දෙනාම බොහොම තරහින් ඉන්නේ කියලා තේරුනා. ජැක් මැරුන එක කෑස් හුගක් හිතේ වේදනාවෙන් හිටියේ, ඔය අතරේ තමයි එක පාරටම ජැක් නැගිට්ටේ. ඒත් ඒ ජැක් නෙමෙයි. අපායේ ඩීමන් කෙනෙක් වෙන බෙල්ෆෙගෝර් කියන කෙනා තමයි ඒ විදිහට ජැක්ට ආවේශ වෙලා තියෙන්නේ, කෑස් නම් ඒකට කැමති වෙන්නේ නෑ, ඒත් ඩීන්ලට උදව් ගන්න පුළුවන් නිසා මේ ඩීමන්ගේ උදව්වෙන් මේ අය එතනින් පැනගන්නවා. එළිය්ට ගියාම තමයි දැනගන්නේ මෙච්චර අවුරුදු ගානක් තිස්සේ සෑම් සහ ඩීන් එකතුවෙලා අපායට යවපු හැම භූතයෙක්ම ආපහු පොලවට ඇවිල්ලා කියලා, දකින්න ඇතිනේ සුදු වත ඇදි කත, කැස්පර් එහෙම. ඉතින් බෙල්ෆෙගොර් කියන විදිහට අපායේ ඔක්කම දොරටු ඇරිලා. එයාගේ රස්සාවත් ගහලා ගිහිල්ලා. ඒ නිසා අපාය ආපහු තිබ්බ විදිහට ගන්න ඕනවට තමයි මෙයා උදව් කරන්නෙ කියලා තමයි කියන්නේ. ඉස්සරහට බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. ඔය අතරේ මයිකල්ගේ අපායේ තිබ්බ කූඩුවත් ඇරිලා කියලා කතාවක් ආවා. සමහරවිට ආයේ ඉස්සරහට මයිකල් එන්න බැරිත් නෑ. කොහොමහරි මේ අය මේ අපායේ පැල්ම ඇතිවුන සොහොන ලග නගරයට යනවා. ඒ නගරේ පුරාම භූතයෝ පිරිලා. මිනිස්සු කිහිපදෙනක් භූතයින්ට බිලිත් වුන. කෝමහරි අනිත් මිනිස්සුන්ව බේරගන්න නගරයේ බෙන්සීල් කාන්දුවක් කියලා හයි ස්කූල් එකට ඔක්කමලාව යවනවා FBI එකෙන් වගෙ රගපාල. ඔය අතරේ බෙල්ෆෙගොර්ගෙ උදව්වෙන් මේ නගරය වටා ආරක්ෂිත ආවරනයක් යොදවනවා. කිසිම භූතයෙක්ට එළියට යන්නවත් ඇතුලට යන්නවත් බැරි වෙන්න. ඒ වගේම සෑම් චක්ට වෙඩි තිබ්බ නිසා පෙරලා ඒ වෙඩිල්ල සෑම්ට වැදුනනේ. ඒ තුවාලේ සුව කරන්න යන කෑස්ට සෑම් අපායේ ඉද්දි වෙච්ච දේවල් පේනවා. මොකක් නමුත් ලොකු දෙයක් ඒකෙන් කියවෙන බවනම් විශ්වාසයි.

අද කොටසින්

අද කොටසින් බලාගන්න පුළුවන් ආරක්ෂිත ආවරණය දාපූ නගරයේ ඉන්න භූතයෝ සංවිධානය වෙලා ආරක්ෂිත ආවරණය බිදින්න උත්සහ දරන විදිහ. ඒ වගේම අද කොටසට කලින් කතා සමයන් වල ඉදපු තුන්දෙනෙක්ම එනවා. කට්ටිය කැමති වෙයි ඒ අයට නම්. බලන්නකෝ එහෙනම් ඒ තුන්දෙනා කවුද කියලත්. එතකොට චක්ට සෑම් තිබ්බ වෙඩිල්ල නිසා චක්ට මොකක් වෙලා ඇද්ද? අන්න ඒකට උත්තරත් අද හම්බුවෙයි. එහෙනම් අරගෙන බලන්නකෝ. ලබන සතියේ කොටසින් හම්බුවෙමු. ජය වේවා…!!

___ ____

අද කතාවේ නම “Raising Hell”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 ඔක්තෝම්බර් 17
මීලග කොටසින්: The Rupture | 2019 ඔක්තෝම්බර් 24

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 280MB |

Direct Download

| HDTV | x264 | 480p | 218MB |

| HDTV | x264 | SD | 250MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 190MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *